කැඩපතට සිනාසීම

වෙරදමා පා යුග ඇද
දනහිසෙන් බඩගෑ සුහුරු සන්දිය
දෙපයින් මිහි සිපගත්දා සිට
පිච්ච මලින් නැහැවූ මල්වර අවදිය
කැඩපත ඉදිරියේ දිස්වීය මට
හුදකලා මා රුව පමණක් වූ කැඩපතට
ආගන්තුක රුවක් පැමිණි වගයි
 ඔහු ද සිනාසුනේ
මල්වරවියට ඔච්චම් කරන්නම් කියායි
නුහුරු දිනක සැරයටිය ගත් විගස
කැඩපත සුනුසිත් වූ වග
නොදැනුනා සේ සිනා පෑ මුත්
කැඩපත මදෙස නෙත් යොමන්නේ නැති ඇයි දැයි සිත් වීය මට
මා දැන් මිනිස් ලොව නැති බැව් කිව් වදනක් බව සිහිවී
නැවත මා කැඩපතට සිනාසීමි








බැඳීම්


දිසාපාමොක් වෙත


දියණිය පාවා දුන්නේ කිම
මනමේ නම් ලද මූසිලට
වේවැල් රස අමනාප යුගයක
ඔබේ පැටිකිරිය 
යළි සිහිගන්වන ලකුණු

සතර කරනට හැකි නොහැකි වූ අවැසිකම
බැනර් ලණුවේ එල්ලෙන ටියුෂන් කඩ
ෆ්‍රී කාඩ් නොගෙවන සාමා අමර 
පිල් කඩ තතිය මකනු ඇති තවමත්

ඇඳුරනි සිප් මී රහ දෙතොළඟ
ගුණ මිණි පහනක් ලෙද
යළි සිප් ලබන්නට මූසිලවරු බලා සිටිත්
ඔබ සබඳ ගුත්තිල නොමැති යුගයක
පන්හිඳ අතැතිව පිල් කඩේ ඉඳ






ළමාතැනී වෙත

කැලෑසිය නැති සකස්කඩෙන්
හෝඩිය උගත්තෙමි
සරුවත් දුටු නොදුටු මට‍
බෙලිමල් වතුර සැප වීය
සැන් පවුඩර් කුමට
අඳුරු වූ මගේ මුවට
කබා නැති සරම වත වීය
දැන් මං ගුරෙකි
අකුරු ගළපන‍
නමුදු වැඩට එන්නට වත්තේ
ඇහැකිය මට 
මං වත්තේ වැඩ  කොලු
සකල බුජං

සිහලයා සැමරුම



සිහලයනි නැගිටිව් !
සමය රැකුමට පෙළගැසුූණු අපූරු සිහලයා 
යළි පණ නැගුමට අවැසි කලක් මැයි
පරදේසෙන් සිය වාසේ රැකුම අවැසිබැව්
සිහලයන්ට අකුරු කියැවූ 
අකුරු දත් උගතා විය
සිය රට දේ සිරි සැපදුනමුත් 
නොපෙනෙන දනගේ නැණස කෙනිත්තූ සිහලයා
ඔබේ රුව යළි මල් පැළදීම නොව
පා සටහන් මතින් පෙරමං තනන්නට කලක්
ඔබේ රුව කැඩපත ඉදිරියේ 
නියෝජිතයන් කියා ගන්නා ජනයා දකිනු ඇති
ඔවුන් ඔබ පියවර නොතැබුවාට


සේකර වෙත



ප්‍රබුද්ධ වූ ඔබ බෝඩිමෙන් ගෙතු පද
කෙසේ සොයම්ද  
නොසොයන්නට පැදෙන් කී ඔබ
මරණය අත වනතැයි ලියූ ඔබ 
සක්වාලිහිණි වුවනත
ඔබේ පැදෙන් නොදකිමි
දකිමි ඔබේ හද බස පමණක්  



3D Car


ලෝකෙ දියුණු වෙන්නෙ ඇහි පිල්ලමක් ගහන තරම් වේගවත් විදියට. අද තියෙන technology එක හෙට වෙද්දි ඊට වඩා ඉදිරියට ඇවිත්. මේ වගේ develop වෙන technology  එකක් එක්ක ඉස්සරහට යන ලෝකෙක ලංකාවෙ හදමබට young generation එකට ඒ තාක්ෂණය move නොවුනොත් අපිට ජීවත් වෙන්න වෙන්නෙ අවාසනාවන්ත අනාගතයක. දෛනික ජීවිතේ හැමදේකටම තාක්ෂණය මැදිහත් වෙලා පෙරලි කරද්දි අපිටත් සිද්ධ වෙනවා ඒ තාක්ෂණය එක්ක සම්බන්ධ වෙන්න. 

අපි හැමෝගෙම හීනවල තියෙනවා නේද? ලස්සන වාහනයක්. පුංචි කාලෙ අපේ පවුලේ චිත්‍රය අඳින කොට අපි ගෙදර නැති වුනත් පවුලේ සෙට් එකට පිටි පස්සෙ අපි ලස්සන කාර් එකක් අඳිනවා. ඒකට හේතුව තමයි අර වාහන හීනය. අද අපි කතා කරන්න හිතුවෙ අන්න ඒ වගේ vehicle dreams  තියෙන කොල්ලො කෙල්ලන් වෙනුවෙන් අලුත් ම vehicle එකක් ගැනයි. 
ලොව පළමු වතාවට 3D මුද්‍රණයන්ත්‍රයක් ආශ්‍රයෙන් නිපදවන මෝටර් රථය ගැන දන්නවද? Stratri  කියල තමයි මේ රථය නම් කරල තියෙන්නෙ. වාහන ගැන අහන්න කැමති අයට නම් මේක හොඳ ආරංචියක්. ඇමරිකාවේ ලෝකල් මෝටර් මෝටර්ස් රථ සමාගමට මෙය නිර්මාණය කරන්න පැය 45 විතර ගියා කියල තමයි කියන්නේ. චිකාගෝ වල පවත්වපු ජාත්‍යන්තර නිෂ්පාදන ප්‍රදර්ශනයේ දී මේ නිෂ්පාදනය මුලින්ම ප්‍රදර්ශනය කරාලු. මේ රථයේ බැටරිය, මෝටරය සහ දුනු පද්ධතිය ඇතුළු යාන්ත්‍රික කොටස් විතරයි වෙනත් මෝටර් රථ නිෂ්පාදන වලින් ලබා ගෙන තියෙන්නේ. සම්පූර්ණයෙන් ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙම රථයට පුද්ගලයන් දෙදෙනෙක් නංවාගෙන ගමන් කළ හැකියි. මෙම මෝටර් රථයට පැයට කිලෝමීටර් 64 ක වේගයෙන් කිලෝමීටර් 169 ත් 190 අතර එක්වරකට ගමන් කළ හැකියි.  මීට කළින් Urbee කියල ත්‍රිමාන මෝටර් රථයක් නිර්මාණය කරල තිබුනත් ඒ සඳහා පැය 2500 ක් වැය වුනාලු. නමුත් මෙම මෝටර් රථය නිර්මාණය කරන්න ගිහිල්ල තියෙන්නේ පැය 45 ක් විතරයි. ඇමරිකානු ඩොලර් 18000 ක් 30000 අතර මිලකට මේ යන්ත්‍රය අලෙවි වෙනව. විශාල ත්‍රිමාන ප්‍රින්ටරයක් ආධාරයෙන් සාදන ලද මේ යන්ත්‍රය දැන් වෙළඳපොළේ ගන්න තියනවා.

Big Area Additive Manufacturing Machine නම් මුද්‍රණ යන්ත්‍රය මගින් කාබන් ආකලනය කරන ලද ප්ලාස්ටික්, පැයට කිලෝ ග්රෑම් 18 බැගින් වන වේගයකින් තීරු විදියට තැම්පත් කරල තමයි මේක හදල තියෙන්නේ. මේ වගේ වේගයකින් හදපු පළවෙනි මෝටර් රථය මේකලු . අලුතෙන් මෝටර් රථ නිෂ්පාදනය කරන්න ඉන්න කර්මාන්ත වලට මේ තියෙන්නේ කදිමයි නේද? ඇත්තට ම මේ 3ෘ මුද්‍රණයක් කියන්නේ ඩිජිටල් තොරතුරු ගොනුවක් පාදක කරගෙන ත්‍රිමාන රූපයක් නිර්මාණය කිරීමට. පුංචි පුංචි විදියට හදාගත්තු අමුද්‍රව්‍ය එකතු කරල තමයි මේක හදන්නේ. මේක නිර්මාණය කරන්න කළින් අවශ්‍ය වස්තුවේ ඩිජිටල් රුපයක් පරිගනකයේ නිර්මාණය කරගන්න ඕනේ. ඒක ත්‍රිමාන ආකෘතිකරණ මාදුකාංගයක් මගින් අලුතෙන් නිර්මාණය කරන්නෙ ඊට පස්සේ. පස්සේ තමයි මුද්‍රණ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ.  
3D යන්ත්‍ර වල මිල මේ කාලයේ පහළ බැහැල කියලත් හිතෙනවා. ඒ කියන්නේ ලෝකේ ගොඩක් නිෂ්පාදන මේකත් එක්ක ඉන්නවා කියන එකයි. මේ වගේ නිර්මාණ වලින් අපි පෙන්වන තාක්ෂණය වගේ ම මේ වගේ නිර්මාණ කරන දක්ෂයොත් අපේ ලෝකේ ඉන්නවා කියන්නෙ මොන තරම් වාසනාවක්  ද?


Black and White

Black and White

ආලයේ රහස

නොකිව මැන දෙතොලින් ඔබේ ආලය 
ප්‍රේමය වදනින් නොකිව හැකි නිසාවෙන් 
සුසුදු මදනල, නුඹ අසලින් හමා යන 
වඩාත් නිසසල අදිසි වන නිසාවෙන් ....

කීවෙමි ඇයට මගේ ප්‍රේමය, කීවෙමි ඇයට මගේ ආලය
වෙව්ලුම් කන, දරුණු සිතල රැදි දෑතින් යුතුව 
හදවත පුරා රැදි හැගුම් කීවෙමි
අහෝ ! වෙන් විය ඇය මගෙන් 

යාත්‍රිකයෙක් පැමිණියේය ඇය වෙත 
ඇය මගෙන් වෙන් වූ විගස 
පැමිණ ඉදුරා ගති ඇයව 
නිහඬ වූ අදිසි සුසුමකින් 


 Lover’s Secret by William Blake (1757-1827)



දිසාපාමොක්

 දිසාපාමොක් ඇඳුරනි

දියණිය පාවා දුන්නේ කිම 
මනමේ නම් ලද මූසිලට
වේවැල් රස අමනාප යුගයක
ඔබේ පැටිකිරිය 
යළි සිහිගන්වන ලකුණු 

සතර  කරනට හැකි නොහැකි වූ අවැසිකම
බැනර් ලණුවේ එල්ලෙන ටියුෂන් කඩ
ෆ්‍රී කාඞ් පොරයේ නැටෙන උගත්කම
වන්දි නොගෙවන සාමා අමර
පිල් කඩ තනිය මකනු ඇති තවමත්

ඇඳුරනි සිප් මී රහ දෙතොලඟ
ගුණ මිණි පහනක් ලෙස
යළි සිප් ලබන්නට මූසිලවරු බලා සිටිත්
ඔබ සබඳ ගුත්තිල නොමැති යුගයක
පන්හිද අතැතිව පිල් කඬේ ඉඳ





Daffodils








හුදකලාව සැරිසැරුවෙමි මම වලාකුළක් වන් ව
මිටියාවතක් හා කඳු ගැබ මතින්
සියල්ල අතරින් නෙත ගැටුනි එක්වර ම 
රන්වන් දහස්පෙතියා අනන්තයක්
තුරු යට හා වැව අසබඩ
දඟකළෝ ය උන් මඳ පවනේ  

ක්ෂිර සාගරයේ දිලෙන තරුවන්ව
විසිරී සිටියෝය උන්
කලපු ඉවුරේ නිමක් නොමැතිව
එක්වර ම දුටුවෙමි දස දහස් ගණනින්
කඩිසරව නැටුමින් හිස් වනමින් සිටි උන්ව

දිදුලන දියරැලි ද දඟ කළෝ ය උන් සමඟ 
නමුදු දිනුවේ දාස්පෙතියාය
මෙවන් ප්‍රභාමත් දසුන් දකින කවියන්
කුමක් කරන්න ද ප්‍රීති වනවා මිස
දෑස් විදහා බලන් හුනිමි බලන් හුනිමි
කෙතරම් නම් සැපතක් ද
කවියෙකුට මේ දසුන

සයනය මත වැතිරී මා 
දුකින් පසුතැවිල්ලෙන් හුදකලාව හිඳිනා මොහොතේ 
එම දසුන යළිත් ඇඳී මැකී යයි ස්වප්නයක් විලසින්
එයයි හුදකලාවේ ආශ්වාදය
සතුටින් හද ගැබ පිරී
රඟයි දහස්පෙතියා මල් හා.............

(William Wordsworth)