දිසාපාමොක් වෙත


දියණිය පාවා දුන්නේ කිම
මනමේ නම් ලද මූසිලට
වේවැල් රස අමනාප යුගයක
ඔබේ පැටිකිරිය 
යළි සිහිගන්වන ලකුණු

සතර කරනට හැකි නොහැකි වූ අවැසිකම
බැනර් ලණුවේ එල්ලෙන ටියුෂන් කඩ
ෆ්‍රී කාඩ් නොගෙවන සාමා අමර 
පිල් කඩ තතිය මකනු ඇති තවමත්

ඇඳුරනි සිප් මී රහ දෙතොළඟ
ගුණ මිණි පහනක් ලෙද
යළි සිප් ලබන්නට මූසිලවරු බලා සිටිත්
ඔබ සබඳ ගුත්තිල නොමැති යුගයක
පන්හිඳ අතැතිව පිල් කඩේ ඉඳ






No comments: