3D Car


ලෝකෙ දියුණු වෙන්නෙ ඇහි පිල්ලමක් ගහන තරම් වේගවත් විදියට. අද තියෙන technology එක හෙට වෙද්දි ඊට වඩා ඉදිරියට ඇවිත්. මේ වගේ develop වෙන technology  එකක් එක්ක ඉස්සරහට යන ලෝකෙක ලංකාවෙ හදමබට young generation එකට ඒ තාක්ෂණය move නොවුනොත් අපිට ජීවත් වෙන්න වෙන්නෙ අවාසනාවන්ත අනාගතයක. දෛනික ජීවිතේ හැමදේකටම තාක්ෂණය මැදිහත් වෙලා පෙරලි කරද්දි අපිටත් සිද්ධ වෙනවා ඒ තාක්ෂණය එක්ක සම්බන්ධ වෙන්න. 

අපි හැමෝගෙම හීනවල තියෙනවා නේද? ලස්සන වාහනයක්. පුංචි කාලෙ අපේ පවුලේ චිත්‍රය අඳින කොට අපි ගෙදර නැති වුනත් පවුලේ සෙට් එකට පිටි පස්සෙ අපි ලස්සන කාර් එකක් අඳිනවා. ඒකට හේතුව තමයි අර වාහන හීනය. අද අපි කතා කරන්න හිතුවෙ අන්න ඒ වගේ vehicle dreams  තියෙන කොල්ලො කෙල්ලන් වෙනුවෙන් අලුත් ම vehicle එකක් ගැනයි. 
ලොව පළමු වතාවට 3D මුද්‍රණයන්ත්‍රයක් ආශ්‍රයෙන් නිපදවන මෝටර් රථය ගැන දන්නවද? Stratri  කියල තමයි මේ රථය නම් කරල තියෙන්නෙ. වාහන ගැන අහන්න කැමති අයට නම් මේක හොඳ ආරංචියක්. ඇමරිකාවේ ලෝකල් මෝටර් මෝටර්ස් රථ සමාගමට මෙය නිර්මාණය කරන්න පැය 45 විතර ගියා කියල තමයි කියන්නේ. චිකාගෝ වල පවත්වපු ජාත්‍යන්තර නිෂ්පාදන ප්‍රදර්ශනයේ දී මේ නිෂ්පාදනය මුලින්ම ප්‍රදර්ශනය කරාලු. මේ රථයේ බැටරිය, මෝටරය සහ දුනු පද්ධතිය ඇතුළු යාන්ත්‍රික කොටස් විතරයි වෙනත් මෝටර් රථ නිෂ්පාදන වලින් ලබා ගෙන තියෙන්නේ. සම්පූර්ණයෙන් ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙම රථයට පුද්ගලයන් දෙදෙනෙක් නංවාගෙන ගමන් කළ හැකියි. මෙම මෝටර් රථයට පැයට කිලෝමීටර් 64 ක වේගයෙන් කිලෝමීටර් 169 ත් 190 අතර එක්වරකට ගමන් කළ හැකියි.  මීට කළින් Urbee කියල ත්‍රිමාන මෝටර් රථයක් නිර්මාණය කරල තිබුනත් ඒ සඳහා පැය 2500 ක් වැය වුනාලු. නමුත් මෙම මෝටර් රථය නිර්මාණය කරන්න ගිහිල්ල තියෙන්නේ පැය 45 ක් විතරයි. ඇමරිකානු ඩොලර් 18000 ක් 30000 අතර මිලකට මේ යන්ත්‍රය අලෙවි වෙනව. විශාල ත්‍රිමාන ප්‍රින්ටරයක් ආධාරයෙන් සාදන ලද මේ යන්ත්‍රය දැන් වෙළඳපොළේ ගන්න තියනවා.

Big Area Additive Manufacturing Machine නම් මුද්‍රණ යන්ත්‍රය මගින් කාබන් ආකලනය කරන ලද ප්ලාස්ටික්, පැයට කිලෝ ග්රෑම් 18 බැගින් වන වේගයකින් තීරු විදියට තැම්පත් කරල තමයි මේක හදල තියෙන්නේ. මේ වගේ වේගයකින් හදපු පළවෙනි මෝටර් රථය මේකලු . අලුතෙන් මෝටර් රථ නිෂ්පාදනය කරන්න ඉන්න කර්මාන්ත වලට මේ තියෙන්නේ කදිමයි නේද? ඇත්තට ම මේ 3ෘ මුද්‍රණයක් කියන්නේ ඩිජිටල් තොරතුරු ගොනුවක් පාදක කරගෙන ත්‍රිමාන රූපයක් නිර්මාණය කිරීමට. පුංචි පුංචි විදියට හදාගත්තු අමුද්‍රව්‍ය එකතු කරල තමයි මේක හදන්නේ. මේක නිර්මාණය කරන්න කළින් අවශ්‍ය වස්තුවේ ඩිජිටල් රුපයක් පරිගනකයේ නිර්මාණය කරගන්න ඕනේ. ඒක ත්‍රිමාන ආකෘතිකරණ මාදුකාංගයක් මගින් අලුතෙන් නිර්මාණය කරන්නෙ ඊට පස්සේ. පස්සේ තමයි මුද්‍රණ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ.  
3D යන්ත්‍ර වල මිල මේ කාලයේ පහළ බැහැල කියලත් හිතෙනවා. ඒ කියන්නේ ලෝකේ ගොඩක් නිෂ්පාදන මේකත් එක්ක ඉන්නවා කියන එකයි. මේ වගේ නිර්මාණ වලින් අපි පෙන්වන තාක්ෂණය වගේ ම මේ වගේ නිර්මාණ කරන දක්ෂයොත් අපේ ලෝකේ ඉන්නවා කියන්නෙ මොන තරම් වාසනාවක්  ද?


No comments: