Daffodils








හුදකලාව සැරිසැරුවෙමි මම වලාකුළක් වන් ව
මිටියාවතක් හා කඳු ගැබ මතින්
සියල්ල අතරින් නෙත ගැටුනි එක්වර ම 
රන්වන් දහස්පෙතියා අනන්තයක්
තුරු යට හා වැව අසබඩ
දඟකළෝ ය උන් මඳ පවනේ  

ක්ෂිර සාගරයේ දිලෙන තරුවන්ව
විසිරී සිටියෝය උන්
කලපු ඉවුරේ නිමක් නොමැතිව
එක්වර ම දුටුවෙමි දස දහස් ගණනින්
කඩිසරව නැටුමින් හිස් වනමින් සිටි උන්ව

දිදුලන දියරැලි ද දඟ කළෝ ය උන් සමඟ 
නමුදු දිනුවේ දාස්පෙතියාය
මෙවන් ප්‍රභාමත් දසුන් දකින කවියන්
කුමක් කරන්න ද ප්‍රීති වනවා මිස
දෑස් විදහා බලන් හුනිමි බලන් හුනිමි
කෙතරම් නම් සැපතක් ද
කවියෙකුට මේ දසුන

සයනය මත වැතිරී මා 
දුකින් පසුතැවිල්ලෙන් හුදකලාව හිඳිනා මොහොතේ 
එම දසුන යළිත් ඇඳී මැකී යයි ස්වප්නයක් විලසින්
එයයි හුදකලාවේ ආශ්වාදය
සතුටින් හද ගැබ පිරී
රඟයි දහස්පෙතියා මල් හා.............

(William Wordsworth)




No comments: