දිසාපාමොක්

 දිසාපාමොක් ඇඳුරනි

දියණිය පාවා දුන්නේ කිම 
මනමේ නම් ලද මූසිලට
වේවැල් රස අමනාප යුගයක
ඔබේ පැටිකිරිය 
යළි සිහිගන්වන ලකුණු 

සතර  කරනට හැකි නොහැකි වූ අවැසිකම
බැනර් ලණුවේ එල්ලෙන ටියුෂන් කඩ
ෆ්‍රී කාඞ් පොරයේ නැටෙන උගත්කම
වන්දි නොගෙවන සාමා අමර
පිල් කඩ තනිය මකනු ඇති තවමත්

ඇඳුරනි සිප් මී රහ දෙතොලඟ
ගුණ මිණි පහනක් ලෙස
යළි සිප් ලබන්නට මූසිලවරු බලා සිටිත්
ඔබ සබඳ ගුත්තිල නොමැති යුගයක
පන්හිද අතැතිව පිල් කඬේ ඉඳ





No comments: