කැඩපතට සිනාසීම

වෙරදමා පා යුග ඇද
දනහිසෙන් බඩගෑ සුහුරු සන්දිය
දෙපයින් මිහි සිපගත්දා සිට
පිච්ච මලින් නැහැවූ මල්වර අවදිය
කැඩපත ඉදිරියේ දිස්වීය මට
හුදකලා මා රුව පමණක් වූ කැඩපතට
ආගන්තුක රුවක් පැමිණි වගයි
 ඔහු ද සිනාසුනේ
මල්වරවියට ඔච්චම් කරන්නම් කියායි
නුහුරු දිනක සැරයටිය ගත් විගස
කැඩපත සුනුසිත් වූ වග
නොදැනුනා සේ සිනා පෑ මුත්
කැඩපත මදෙස නෙත් යොමන්නේ නැති ඇයි දැයි සිත් වීය මට
මා දැන් මිනිස් ලොව නැති බැව් කිව් වදනක් බව සිහිවී
නැවත මා කැඩපතට සිනාසීමි








No comments: