Stress නැති කරන pressure වලට bye කියන රඹුටන්

       


Busy life   එකත් එක්ක ගෙවෙන මේ කාලේට අදත් පලතුරක් එක්ක සිත ගත සුව කරගන්න පුළුවන් විදියක් ගැන කියනවා. ලොකු කුඩා භේදයක් නැතුව අපි කවුරුත් එක විදියට කන්න ආස පලතුරක් තමයි මේ. මැලේසියාව, තායිලන්තය, වියට්නාමය, පිලිපීනය වගේ රටවල ජනප්‍රියයි. ලංකාවේ මල්වාන ප්‍රදේශය තමයි රඹුටන් වලට ප්‍රසිද්ධ කියල කියන්නේ. 

රඹුටන් කියන්නේ විටමින් බී වර්ගයේ පලතුරක්. අදටත් දේශීය වෙළඳපොළේ ඉල්ලුම එක ලෙස ම පවතින පලතුරක් නම් ඒ රඹුටන් තමයි. විශේෂයෙන් මැදපෙරදිග රටවල අපනයනය සඳහා ඉහළ ඉල්ලුමක් සහිත නිසා ම ලාංකේය වෙළඳපොලේ අපි කා අතරත් ඉතා ම ජනප්‍රිය පලතුරක් විදියට හඳුන්වනවා. ප්‍රෝටීන, කාබෝහයිට්ඩේ‍රට්, මේදය, කැල්සියම් , පොස්පරස්, විටමින් සී, යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථයන් අඩංගු පලතුරක් විදියට හඳුන්වන්න පුළුවන්. පිළිකා සුව කිරීමේ ගුණයක් රඹුටන් සතුයි.  NLTI කියන ට්රිප්සීන් නිශේධකාරක ගුණය රඹුටන් ඇටයේ තිබෙන නිසා පිළිකා වල ආරම්භක අවස්ථාවේ ඇතිවන ගැටිති සුවපත් කරගන්න පුළුවන්. ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙන නිසා සෛල වල විෂ නැති කරන්නටත් පුළුවන්. අපි ගන්නා ආහාර වල අඩංගු වෙලා තියෙන විෂ රසායනික දේවල් ඉවත් කරන්නත් පුළුවන්. හදවත් රෝග වගේ ම සම රැළි වැටීම් වගේ අහිතකර ප්‍රතිඵල වලින් අපිව බේරගන්න රඹුටන් වලින් පුළුවන්.  දියවැඩියාවට ගුණදායකයි. පොලිසැකරයිඩ කියන සංයෝග රඹුටන් පලතුරේ බහුලයි. ඒ සංයෝගය ආහාර ජීරණය පහසු කරවනවා. ඒ වගේ ම ශරීරයේ ඛනිජ ලවණ උරා ගැනීමේ වේගයත් ඉහළයි. ඒ වගේ ම ශරීරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය පාලනය සඳහා මේ පලතුර වටිනවා. විටමින් සී අඩංගු නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය සඳහා වැදගත් වෙනවා වගේ ම  නිතර දෙවේලේ හැදෙන රෝග වලින් අපි ආරක්ෂා කරනවා.  රඹුටන් කියන්නේ රජ කාලේ ඉඳන් ම වෙදකමට ගන්න පලතුරක්. උණ රෝගය සුව කරන්න රඹුටන් ගසේ මුල යොදා ගෙන තියෙනවා කියල අපේ ආච්චිල සීයල කියල තියෙනවා. හිසේ අමාරුව සුව කර ගැනීමට රඹුටන් කොළ කොටා සකස් කරගත් පල්පයක් සාදා ඇති බවත් ආයුර්වේදයේ කියනවා. මිනිස් සිරුරේ ස්නායු පද්ධතිය ආරක්ෂා කර දෙන්නට  රඹුටන් වලට අපූරු හැකියාවක් තියෙනවා. 

නිතර ම වැඩ වල ම නිරත වෙලා ඉන්න නිසා වෙලාවකට අපිට අපි කව්ද කියලත් අමතක වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට හැමදේ ම දමල ගහල bed එකේ stressවෙලා ඉන්න ඕනෙ නෑ. ඒ කියන්නේ මානසික ආතතිය නැති කරන්නත් මේ පලතුරට පුළුවන් කියන එක. සම පැහැපත් කරන්නත් රඹුටන් යොදා ගන්නවා. විවිධ ආලේපන සකස් කර ගන්නටත් මේ පලතුර යොදා ගන්නවා. ගොඩක් කාන්තාවන්ගේ හිසකෙස් ගැලවී යෑමේ තත්ත්වය නැති කිරීමට පුළුවන් කියන්නෙ ම කොච්චර දෙයක් ද? එයට හේතුව හිසකෙස් වර්ධනය කිරීමේ හැකියාවක් රඹුටන් වල අන්තර්ගත වීමයි. වයසට යන විට බොහෝ විට ඇතිවන අස්ථි රෝග සුවපත් කිරීමටත් අස්ථි ශක්තිමත් කිරීමටත් රඹුටන් වලට පුළුවන්.pressure  වලටත් ගුණදායකයි.  පණු රෝගීන්ට ඉතා ම හිතකරයි. රඹුටන් බීම විදියට බොන්න පුළුවන් වගේ Salsa" Ice cream" Salad  විදියට කන්නත් කටට සැරට Chutney    විදියට කන්නත් පුළුවන්. 


No comments: