මිනිසා සහ පරිසරය යනු ආත්මීය බන්ධනයකි. පරිසරයෙන් තොර ජීවියෙකුත් ජීවියාගෙන් තොර පරිසරයකුත් නොමැති තරම් ය. පරිසරයේ ත් මිනිසාගේ ත් අංගෝපාංග අතර ඇත්තේ ඍජු සේම වක්‍ර සබැඳියාවකි. අපි පරිසරයෙන් සොබාදහමෙන් යැපෙන්නන් ලෙස හදුන්වමු. අප පුරුදු කරගත් බොහෝ දෑ පරිසරයෙන් උකහා ගත් දේ ලෙස හදුනා ගත හැකි ය. අතීතයේ අප හා පරිසරය අතර වූ සබැඳියාව අද කොතෙක් දුරට සවිමත් දැයි සිතීම පවා දුෂ්කරය.කාර්මීකරණය නාගරීකරණය ඔස්සේ ගොඩනැගෙන නව සංස්කෘතික ක්‍රමෝපායන් මඟින් මිනිසා හා පරිසරය අතර සන්නිවේදනය කොතරම් දුරස්ථ වූවායැයි සිතෙනු ඇත.
ඒක පාර්ශවිය සංවර්ධන මාදිලියේ අනපේක්‍ෂිත ප්‍රතිඵලයන් සේ පරිසරය මිනිසා අතර බැඳීම දුරස්ථ වන්නට විය. යන්ත්‍ර සූත්‍ර බ්හිවීම නගර බ්හිවීම ප්‍රවාහන සේවයේ දියුණුවත් සමඟ පරිසර දූෂණය ඉස්මතු වන්නට විය.පරිසර දූෂණයේ නව ප්‍රවේශය පරිසර සංරක්‍ෂණය යි. පරිසර සංරක්‍ෂණය යනු කුමක් ද? පරිසර සංරක්‍ෂණය යන දේහයේ අංගෝපාංග මොනවා ද? එහි හැඩතල මොනවා ද? එය ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද?යන්න පිළිබඳ නව අර්ථකථනයන් සමඟින් එය සමාජ ගත වන්නට විය.එය හදුනා ගැනීමත් සමඟ ඊළඟට අවශ්‍ය වැදගත් මඟ වූයේ එය සමාජ ගත කිරීමේ ක්‍රියාවලිය යි. එය පරිසර සන්නිවේදනය යි. මිනිසා පරිසරයේ කොටසක් ලෙස තිබූ ඓතිහාසික සංකල්පය බිඳී ගොස් එය නවතම සංකල්පයක් ලෙස ආගමනය විය.
1972 ස්ටොක්හෝම් සමුළුවේ 10 වන සංවත්සරය සැමරීම හා ප්‍රගති සමාලෝචනය සඳහා 1982 වසරේ දී කෙන්යාවේ කයිරෝබ් ජනරජයේ පැවැත් වූ සමුළුව ධරණීය සංවර්ධනය තිරසාර සංවර්ධනයක් කරා රෑගෙන යාමක් විය.
ඒ ඔස්සේ ඇරඹි නවතම සංකල්පයක් ලෙස පරිසර සන්නිවේදනය හදූනාගනී- විමර්ශනාත්මක පුවත්පත් කලාව ඔස්සේ පරිසර සංරක්‍ෂණ ක්‍ෂ්ත්‍රයේ සංදේශයන් නිර්මාණය විය. ඇමරිකානු සන්නිවේදන ජාලයේ නිර්මාතෘවරයා පරිසර සන්නිවේදනය හදුන්වන්නේ
“පරිසර කටයුතු පිළිබඳ සන්නිවේදනය ” ලෙසටයි
පරිසර සංරක්‍ෂණයේදී කරනු ලබන සන්නිවේදනයට වඩා පරිසරය පිළිබඳ නිර්මාණාත්මක අර්ථයෙන් කරන සන්නිවේදනය කරලියට පැමිණ ඇත. 1973 වසරේ සිට සෑම වසරකම ජූනි මස 05 දින ලෝක පරිසර දිනය සඳහා පරිසරය පිළිබඳ ධනාත්මක ආකල්පයකින් ලොවට ඉදිරිපත් කරන්නට විය.
ලොවට පරිසරය පිළිබඳ දැනුවත් බව පරිසර සන්නිවේදනය ඔස්සේ දායාද විය.
සොබාදහම සදහා වන ජාත්‍යන්තර සංගමය , ලෝක වනජීවි අරමුදල වැනි පරිසරය පිළිබඳ ආයතනික ව්‍යුහයන්ගේ ක්‍රියාමාර්ගයන් ලොවට දැනුවත් කිරීම සඳහා පරිසර සන්නිවේදනය මහෝපකාරී වේ. අද ජනමාධ්‍යන්ට වඩා නව මාධ්‍ය ක්‍රියාකාරිත්වය තුළ පරිසර හා සන්නිවේදනයට ඇති ඉඩකඩ විවෘතව පවතී. 1990 පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ සමාජ කවය ඇරඹීමත් සමඟ ලොව පුරා පරිසර සන්නිවේදනයේ අදහස දිගු විය.


No comments:
Post a Comment