Cancer වලට තිත තබන ඔලිව්




 ලෝකයේ කව්රුත් ආදරේ කරන පැරණි පලතුරක්. මේ පලතුර අවුරුදු 500 විතර පැරණි කියල තමයි කියන්නේ. ඒ වගේ ම අවුරුදු 500 වගේ ආයු කාලයක් මේ ශාකයට තියෙනවා. ඒ කියන්නේ පලතුරු ලෝකයේ වැඩි ම ආයුෂ හිමි පලතුර තමයි මේ. ග්‍රීක ඉතිහාසයට අනුව ඇතිනා දෙව්දුවගේ ත්‍රිසූලයෙන් ඔලිව් ගස ඉපදුන බවයි කියන්නේ. ජාත්‍යන්තර වෙළඳපොලේ නම ගිය පලතුරක් විදියට තමයි ඔලිව් හඳුන්වන්නේ.

පෝෂණයෙන් සපිරි ඔලිව් 



ලංකාවේ වගේ ම ලෝකයේ ම Cancer ගැන ලොකු කතා බහක් මේ කාලේ දී වෙනවනේ. ඒ අතරින් සමේ ඇතිවන පිළිකා තමයි ඉතා ම වේගයෙන් පැතිරෙනවා කියන්නේ. දන්නව ද ? ඔලිව් වලින් සමේ ඇතිවන පිළිකා නිට්ටාවට ම සුව කරගන්න පුළුවන්. නිතර ම පැණිරස කන්න අපි ආස වුනාට එයින් ඇතිවන අහිතකර ප්‍රතිඵල ගැන අපි හිතන්නෙ නෑනෙ. ඉතින් දියවැඩියාව හැදෙන්න එතරම් කාලයක් යන්නේ නෑ. දියවැඩියාව නිට්ටාවට ම සුව කරන්න පුළුවන් අපූරු හැකියාවක් මේ පලතුරට තියෙනවා. හෘද රෝග වලට කදිම විසඳුමක් ලෙස ඔලිව් භාවිතා කරනව කියල පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. කොලෙස්ටරෝල් වගේ ම  pressure  නැති කරන බෙහෙතක් විදියටත් භාවිතා කරනවා. අපේ මතක ශක්තිය වැඩි දියුණු කරන්න වගේ ම අපේ වැඩත් එක්ක ඇතිවන ිstress නැති කරන්න පුළුවන්. අපි නිතර ම office එකේ වැඩ කරන නිසා අපේ ඔළුව බර වෙනවා වගේ වෙනව. ඒ පුංචි පුංචි අමාරුකම් අපේ වැඩ වලට බාධකයක් කරගන්න ඕනේ ම නෑ. 

රුව ගුණ රකින ඔලිව්

නිතර ම laptop එකත් එක්ක දවස ගෙවනකොට අපේ ඇස් යට කළු වෙන එක අහන්නත් දෙයක් ද? ඔලිව් වලට පුළුවන් ඇස් යට කළු වෙලා තියෙන එක නැති කරල ඇස් නිරෝගීව තියන්න. ඇස් යට අඳුරු ගතිය නැති කරන්න ඔලිව් තෙල් පාවිච්චි කරනවා. අපි මොනදේ කළත් අපේ ශරීරය සමබරව, නිරරෝගීව වගේ ම පැහැපත්ව තියාගන්න ඕනෙනේ. ඒ වගේ ම ඔලිව් තෙල් රූපලාවන්‍ය කටයුතු සඳහා නිතර දෙවේලේ භාවිතා කරනවා. අපේ කොල්ලෝ කෙල්ලෝ අව්වේ යන්න හරි අකමැතිනේ. සම අඳුරු වෙයි කියල. ඒ වෙලාවට අපි sun cream එකක පිහිට පතනවා. sun cream එකකින් කරන වැඬේ තමයි ඔලිව් පලතුරෙන් කරන්නේ. ඇත්තට ම සමට අහිතකර පාරජම්බුල කිරණ ඒ වගේ ම අහිතකර විකිරණ වර්ග වලින් සම ආරක්ෂා කරගන්න ඔලිව් කියන්නේ වටිනා අත්බෙහෙතක්. ඔලිව් පලතුරේ අඩංගු කැරෝටීන් පෝෂ්‍ය පදාර්ථය ඒ සඳහා උපකාරී වෙනවා. අපේ කෙල්ලන්ගේ සමේ පැහැය හැමදා ම එකවගේ තියාගන්න ඕනේ නිසා ඔලිව් කියන්නේ කාගේත් අවධානය ලබා ගන්න පලතුරක්. සම වියළීම, වයසට යාම වගේ දේවල් වලට අපේ young generation  එක හරි අකමැතිනේ. ඔලිව් පලතුරෙන් සමට ලබා දෙන පෝෂණය වෙනත් කිසිඳු පලතුරකින් ලැබෙන්නේ නෑ. අපි නාන වතුරට ඔලිව් ගෙඩි නැත්නම් යුෂ ටිකක් මිශ්‍ර කරනවනම් සම පැහැපත් කරගන්න පුළුවන්. ඇත්තට ම body lotion  එකකින් කරන සත්කාරය ඔලිව් පලතුරට කරන්න පුළුවන්. ඔලිව් ඉඳුණු ගෙඩි ආහාර වර්ණවත් කරන්න බහුලව භාවිතා කරන පලතුරක්. අතීතයේ ඉඳල ම කෑම රසවත් කරන්න භාවිතා කරන පලතුරක් තමයි ඔලිව් කියන්නේ.


No comments: