ඔයාටත් දීර්ඝ කාලීන මතකයක් ලබාගන්න පුළුවන්



කාර්යයබහුල බව අපි කාටත් තියෙන ගැටලුවක්නේ. මේ ගැටලුව නිසා ම එදිනෙදා කරන්න තියෙන වැඩත් අපිට අමතක වෙනවා නේද? හැබැයි මතක ශක්තිය වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවා.මේක පලතුරක්. අනෙක් පලතුරු වලට වඩා සුවිශේෂීයි- ඒකට එක හේතුවක් තමයි මේ පලතුරේ රස ගොඩක් තියෙනවා- රස වලින් ලැබෙන ගුණත් අපූරුයි.ඇඹුල්, පැණිරස, තිත්ත, කහට රස මේ පලතුරේ තියෙනවා. මේ පලතුර තමයි නෙල්ලි. බෙහෙත් නෙල්ලි කියද්දී කවුරුත් හඳුනනවා. සමහර ප්‍රදේශවල නෙල්ලිකා වගේ ම ඇඹුල කියලත් කියනවා.නෙල්ලි වල උපත සිදුවන්නේ ඉන්දියාවේ . ඉන්දියානුවන් නෙල්ලි දේවත්වයෙන් සලකනව ලු.මේ පලතුර වැඩි වශයෙන් හැදෙන්නේ දකුණු ආසියාතික ප්‍රදේශවල- ලංකාවේ කඳුකර පැති නෙල්ලි වලට හරි ජනප්‍රියයි.

නෙල්ලි තරම් ගුණදායක පලතුරක් වෙන නැති තරම්. ඒ තරම් ගුණයක් නෙල්ලි සතුයි. උදේ නැගිටල වතුරත් එක්ක නෙල්ලි යුෂ ග්රෑම් 20 ක් 25 විතර බොනවනම් ලේ පිරිසිදු වෙනව කියල ඉස්සර අපේ ආච්චිල සීයලත් කියනවා. නෙල්ලි වල ප්‍රධාන රසායනික සංඝටකය ඇස්කොබික් අම්ලය.ඒ කියන්නේ විටමින් ක්‍ග පලතුරු අතරින් විටමින් ක්‍ වැඩියෙන් ම තියෙන්නේ නෙල්ලි වල. විටමින් ක්‍ ප්‍රතිඔක්සිකාරකයක් ඒ කියන්නේ විවිධ රෝගාබාධ වැළැක්වීමේ හැකියාවක් නෙල්ලි වලට තියෙනවා.අපිට හැදෙන හෙම්බිරිස්සාවේ ඉඳල සුව කරන්න බැරි පිළිකා රෝගයන්ට පවා නෙල්ලි ඖෂධයක්. නෙල්ලි වල කාබෝහයිඞ්ග්‍රෙට් වගේ ම සුක්රෝස් ප්‍රමාණයත් ඉහළයි. හැබැයි ග්ලූකෝස් නම් නෑ. ඒ වගේ ම පොටෑසියම්, සෝඩියම්, සින්ක් මූලද්‍රව්‍යන් ද බෝරෝන්, කොපර්, යකඩ, සල්ෆර් වගේ මූලද්‍රව්‍යත් සුළු වශයෙන් නෙල්ලි වල තියෙනවා.අප කන කෑමත් එක්ක දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ ලෙඩ නිතර හැදෙනවා. අපිට පුළුවන් නම් නෙල්ලි යුෂ ටිකක් උදේ හවා බොන්න නිට්ටාවට සුවය ලැබෙනවා. කොත්තු කන්න කව්ද ඉතින් අකමැති? හැබැයි මේවා නිතර කනකොට ආමාශයේ, පිත්තාශයේ, අග්නියාශේ තෙල් එකතු වෙනවා- ඒවයින් තමයි ආතරයිටීස්  හැදෙන්නේ.අපි කොච්චරනම් මේ රෝගවලට බය වෙනවද? අපිට පුළුවන් නෙල්ලි පලතුරෙන් මේ හැම රෝගයක් ම සනීප කරගන්න.බෙහෙත් පෙති වලට හුරු වෙන්න ඕනෙ ම නෑ.කෑම කන්න අප්පිරියාව නම් නෙල්ලි යුෂ කදිම ඔසුවක්. ඒ කියන්නේ කෑම දිරවන්න නෙල්ලි වැදගත් කියන එක. ආයුර්වේදයේ කියනවා නෙල්ලි වලින් වා පිත් සෙම් රෝග නසනවා කියල.ඇග උෂ්ණයි කියල අපේ අම්මල නිතර කියනවා නේද? නෙල්ලි  යුෂ පානය ඒකට විසදුම. මළබද්ධය කියන රෝගයටත් නෙල්ලි ඖෂධයක්අ.ම්මලාට බබාල හම්බුනාම ගර්භාෂයේ ඇතිවන වේදනාවන්ට වගේ ම මුත්‍රා රෝගවලටත් නෙල්ලි යුෂ පානය කරනවා. නෙල්ලි ගෙඩි තම්බා ගත් වතුරෙන් ඇස් හෝදනවනම් ඇස් පෙනීමට හොඳයිලු- එක දවසකට එක නෙල්ලි ගෙඩියක් කෑවොත් මුළු දවසට ම අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක ගුණය ලැබෙනවා. රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට නෙල්ලි වැදගත් වෙනවා.අපිට තියෙන වැඩත් එක්ක හිස රදය, පීනස, හිස කරකැවිල්ල නිතර ඇතිවෙනවා. ඉතින් නෙල්ලි ගෙඩියකින් පුළුවන්නේ මේ සියල්ල නැති කරන්න.
නෙල්ලි වලින් ජූස් හදනවා. ඒ ජූස්  රසයි වගේ ම ගුණයි. නෙල්ලි කනකොට තිත්තයි වගේ නම් ඔන්න කෙනෙකුට පුළුවන් නෙල්ලි ජූස් බොන්න. නෙල්ලි වලින් අච්චාරුත් හදනවා.රස කැවිලි හදනකොට නෙල්ලි වේළලා සීනිත් එක්ක මික්ස් කළා ම රසය වැඩි කරගන්න පුළුවන්. බටර්  හදන්නත් නෙල්ලි ගන්නවා.


කාන්තාවන් නිතර තැවෙන ප්‍රශ්නයක්නෙ කොණ්ඩය යෑම. අකලට කෙස් පැහීම.ඒ වගේ ම දිගු කලු හිස කෙස් නොමැති වීම, කෙස් අග පැළීම, හිස් හොරි මේ සියල්ල එක පලතුරකින් විසඳාගන්නට හැකිවීම කෙතරම් පහසුවක් ද? අමු නෙල්ලි ගෙඩි හතරකට ඇට අයින් කරල නෙල්ලි යුෂ හදල නැත්නම් අමු නෙල්ලා තම්බල එහෙමත් නැතනම් නෙල්ලි ගෙඩි 4 ක් රෑ වෙලා වතුරට දාලා උදෑසනින් ම බොන්න පුළුවන් නම් ඔබේ තරුණකමට සමු දෙන්න ඕනෙ ම නෑ. ඒ වගේ ම අපි ගෙදර හිඳින පොල් තෙල් වලට නෙල්ලි යුෂ මිශ්‍ර කරගෙන කොළ පාට තෙල් හිසකේ ගානවනම් කොණ්ඩෙ වේළෙන දුඹුරු පැහැ වීම් ඇතිවෙන්නෙම නෑ.ඒ නිසා ිshampoo, hair oil, face wash නෙල්ලි වලින් හදනවා. ඒ වගේ ම දන්ත කළ්‍යාණය ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව වැදගත් දෙයක් ,නෙල්ලි යුෂ වලින් උදේ සවස කට හෝදනවනම් මුඛය ආශ්‍රිත දුගඳ ඇතිවෙන්නෑ. ඒ නිසා ම වෙළඳපොළේ නෙල්ලි වලින් සාදන mouthwash තියෙනවා. නිතර අව්වෙ යන කෙනෙක් නම් සමේ ආසාදන ඇතිවෙනවා. සමේ ඇතිවන දද, කුෂ්ට සඳහා නෙල්ලි යුෂ පානය වැදගත්මූ.ණේ ඇතිවනpimples, rash   වලට නෙල්ලි පලතුර කෑවත් ඇති. ඉතින් මේ තරම් රසක් ගුණක් තව කොහෙ ද? නෙල්ලි කියන්නේ ඇත්තට ම අපි කන්නම ඕන පලතුරක්.



No comments: