දහඅටවන සියවස ප්‍රංශය, ජර්මනිය, රුසියාව, එංගලන්තය පමණක් නොව ඉන්දියාව, ජපානය වැනි ආසියාතික රටවල පවා සාහිත්‍යයේ නොමැකෙන නිර්මාණයන් බිහි වූ යුගයක් වුනා. මේ නිර්මාණයන්ගේ අයිතිකරුවන් සාහිත්‍යයීක සේවාවට අමතරව විවිධ අංශයන්ගෙන් දක්ෂතා දැක්වූවන් වූ නිසාත් ස්ව අත්දැකීම් පාදක කරගත් නිසාත් නිර්මාණයන්ගේ ආකර්ෂණය වඩා වර්ධනීය ලෙස මුළුමහත් ලෝකය පුරා පැතිරී ගියා. මොවුන් අතරින් සාහිත්‍යකරණය සිය වෘත්තීය ලෙස තෝරාගත්තවුන් සිටින්නේ අල්ප වශයෙන් පමණයි. එවැනි නිර්මාණකරුවන් අතරින් රුසියාවේ පෙරළියක් සිදු කළ අපූරු නිර්මාපකයෙක් 1913 දී රුසියාවේ පොත් අලෙවිසැල්වල නිතර දෙවේලේ කථිකාවට පත්වුනා. යාකොව් පෙරෙල්මාන් නම් ඔහුයි. ‘විනෝදය සඳහා භෞතික විද්‍යාව’ නම් කෘතිය රුසියාවේ පාඨකයන් කැළඹීමට පත්කළේ එබැවින්.
යාකොව් ඉසිඩෙයෙරොවිච් පෙරෙල්මාන් උපන්නේ 1882 දෙමැම්බරයේ දී රුසියානු අධිරාජ්‍යයේ වත්මන් පෝලන්තයේ බ්යෙලොස්ටොක් නගරයේ දී. 1909 වසරේ දී ශාන්ත පීටර්ස්බර්ග් වනාන්තර විද්‍යා ආයතනයෙන් වනාන්තර විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගත්ත ද ගණිතය, භෞතික විද්‍යාව සහ ඒ ආශ්‍රිත විෂයන් පිළිබඳ ඔහුට තිබූ ඇල්ම සාහිත්‍ය අංශයෙන් ද අඩුවක් වුනේ නම් නෑ. විනෝදය සඳහා අංක ගණිතය, විනෝදය සඳහා යාන්ත්‍ර විද්‍යාව, විනෝදය සඳහා ජ්‍යාමිතය වැනි කෘතීන්ගේ අන්තර්ගතය වූයේ විද්‍යාව පමණක් නොව සියලු පාඨකයන්ට සමාජීය අවබෝධයක් ලබා දීම. ඒ නිසා ම විද්‍යාවට පමණක් නොව කලාවට හිතැති බොහෝ දෙනා අතර යාකොව් පෙරෙල්මාන් නම නිතර ඇසෙන්නට වුනා. කුඩා කළ සිට පොතපතෙහි හැදුණු වැඩුණු නිසා ලේඛනයට තරම් ඔහු වෙනත් කිසිඳු දේකට දක්ෂ වුනේ නෑ. ග්‍රහලෝකාන්තර ගමන් සහ රොකට්ටුවකින් තරු අතරට වැනි කෘතීන් එකළ රුසියාවේ ආදරය දිනා ගන්නට සමත් වුනා. යූල්ස් වර්න් වැනි ලේඛකයන්ගේ කෘතීන් ආභාසය කරගැනීමට යාකොව් දැක්වූ දක්ෂතාවය හේතුවෙන් ඔහුගේ කෘතීන් ද අභිබවා සිය නිර්මාණයන් රුසියාව පුරා ප්‍රචලිත වුනා. සාමාන්‍ය ව්‍යවහාරයේ පැවැත්ම නම් හොඳ විද්‍යාඥයෝ හොඳ ලේඛකයෝ නොවන බව. නමුත් සැබෑ කරුණ නම් විද්‍යාඥයා සහ සාමාන්‍ය පාඨකයා එකෙිනෙකට සම්බන්ධ කෙරෙන පාලම තැනීම කළ හැක්කේ විද්‍යා ලේඛකයන්ට පමණයි. එවන් ලෝකප්‍රකටයන් අතරේ සිය නිර්මාණයන් බැබළවීම උදෙසා යාකොව් ගෙන ගිය නිර්මාණකරණය අතිශයින් සුවිශාලයි.
සිය විනෝදය සඳහා භෞතික විද්‍යාව කෘතියට පෙරවදනක් සපයමින් ඔහු සඳහන් කරන්නේ ‘පාඨකයාට තමන් දන්නා දේ ඉගැන්වීීමට සැලැස්වීම ලේඛකයෙකුගේ කාර්යය’ බව යි. පාඨකයාට ඔහු දන්නා දේ වෙනස් සරල හා ආකර්ෂණීය ආකාරයකින් ඉදිරිපත් කිරීමට තමන් සතු සතතාභ්‍යාසය පමණක් නොව යමක් පාඨකයාට දැනවීම සඳහා එය වර්ණවත් අයුරින් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ද යාකොව් නිරන්තරයෙන් ස්ව නිර්මාණයන් ඔස්සේ ප්‍රකට කරවීය. යාකොව් නිරතුරු උත්සාහ දැරුවේ එදිනෙදා ජීවිතයේ සරලව ජීවත් වෙමින් පාඨකයාට දැනුම හා රසය එකවැර ලබාදීමයි. මොහුගේ කෘතීන්ගේ තිබූ විශේෂත්වය වූයේ හාස්‍ය රසය නිර්මාණයන් සඳහා උපහැන කරගැනීමයි. මෙම ප්‍රබන්ධ රචනාවන්ට අමතරව සොබාදහම සහ ජනතාව සහ සොබාදහම් කම්හල සඟරාවල කතෘ වශයෙන් සුවිශාල මෙහෙයක් ඔහු විසින් සිදු කරන ලදී. යාකොව්ගේ නිර්මාණයන් බොහොමයක් පරිවර්තනයන් ලෙසින් ලොව පුරා ප්‍රචලිත විය. 19 වන සියවස දෙවන දශකය පමණ වන විට යාකොව්ගේ කෘතීන් රුසියාව පමණක් නොව ලොව පුරා ජනාදරයට පත්විය. නමුත් එම පරිවර්තනයන් සියැසින් දැකීමට පෙරල්මාන් වාසනාවන්ත වුනේ නෑ. දෙවන ලෝක යුධ සමයේ ලෙනින්ග්‍රාද් නගරය ජර්මානුනු විසින් වටලාගත් විට එහි වූ බොහෝ මිනිසුන් සතුරු ප්‍රහාර හා කුසගින්නෙන් මරණයට පත්විය. මේ හේතුූන් යාකොව් පෙරෙල්මාන්ගේ ජීවිතය ද අවසන් වුනා.




No comments:
Post a Comment