1997 වසරේ දී නවකතාවකට පිරිනමන ගෞරවනීය සම්මානයක් වූ බුකර් සමම්ානයෙන් පිදුම් ලැබීමෙන් ලෝකයේ ආදරය සහ ගෞරවයට පත් වන්නට සමත් අපූරු ලේඛිකාව අරුන්දතී රෝයි. The God of small
things ඇයගේ පළමු නවකතාව වීමත් මේ සඳහා සුවිශේෂී හේතුක් වුනා. ලෝකය පුරා ඇගේ නම කියවෙන්නේ ඇය සිය ප්‍රථම රචනයෙන් ම ලෝකයේ නවකතාවක් සඳහා හිමි වන සමම්ානයක් දිනා ගත්තා පමණක් නොවන නිසා. එයට හේතුව ඇයගේ ප්‍රථම රචනය සඳහා ලෝක පාඨකයන් විසින් ලබා දුන් වටිනාකම මූල්‍යමය වශයෙන් ද ඉතා ඉහළ අගයක් ගැනීමයි. 1961 නොවැම්බර් මස 24 වන දින කේරල ප්‍රදේශය ඇය ඉපදුනා. ඇගේ පියා තේ වැවිලිකරුවෙකු වූ රංජිත් රෝයි නම් බෙංගාලි හින්දු භක්තිකයෙක්. ඇගේ මව මලයාලි සිරියානු ක්‍රිස්තියානි බැතිමතෙක්.
සිය කුඩා කාලයේ සිට ම විවිධ සංස්කෘතීන්ගේ ආභාසය නොඅඩුව ලද නිසා ම ඇය විසින් ලේඛන කලාවට අත්පොත් තබන්නේ ඉතා කුඩා කාලයේ සිට. කුඩා කල තමන්ගේ අත්දැකීම් සිය තරුණ කාලය දක්වා අමතක නොකළ නිසාවෙන් ඇයගේ ලේඛන දිවිය යම් ආකාරයක ලොව පෙරළියක් කළ බව ඇය විසින් නිතර පැවසුවා. නවමු අත්දැකීම් සොයා යමින් ජීවිතයේ යම් යම් මානයන් ඇය විසින් තනිව අධ්‍යයනය කරන කළා. වයස අවුරුදු දහයේ දී දිල්ලියට පැමිණෙන අරුන්දතී තමන්ගේ නව නිවස ලෙස තෝරාගන්නේ ටින් තහඩු සෙවිලි කළ පැල්පතක්. එයට හේතුව ඇය කුඩා කළ සිට ම ආර්ථිකයෙන් අඩු වූ පවුලක උපත ලද නිසා විය හැකියි. ඇය කුඩා කාලයේ සිට හිස් බෝතල් එකතු කොට විකුණා ගත් ආදායමෙන් සිය අවශ්‍යතාවන් සේ ම පවුලේ අවශ්‍යතාවන් ද සරි කළා. පසුව වයසින් මෝරන කාාලයේ දී ඇය විසින් දිල්ලියේ පාසලක ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරූවා. එම විද්‍යාලයේදී ම මුණ ගැසුණු ගෘහ නිර්මාණ ශිල්පියෙකු හා විවාහ වන්නටඇය තීරණය කළා. නමුත් ඇගේ විවාහ දිවිය එතරම් සාර්ථක වූයේ නැති නිසාවෙන් වසර පහක් වැනි කෙටි කලකින් විවාහයට සමු දෙන්නට වුනා. ඇගේ දෙවන විවාහය සිදුවන්නේ ප්‍රදීප් ක්‍රිෂ්ණන්නම් චිත්‍රපට නිෂ්පාදකවරයා සමඟ. සිය සැමියා විසින් නිම වන ලද චිත්‍රපටයකට දායක වෙමින් ඇය සිය රංගන ජීවිතය ද ආරම්භ කළා. මේ කාලය ඇතුළත ලිපි රචනා කිරීමෙන් හා විටෙක ටෙලි නාට්‍ය රචනා කිරීමෙන් ඇය සිය දිවිය තර කර ගැනීමට සමත් වුනා.
පූලාන් දේවි නමින් ඇය නිපදවූ චිත්‍රපටය අතිසාර්ථක ආකාරයෙන් ජනතාව වැළඳ ගත්තා. ලොව පුරා පුවත්පත් සඳහා ඇය ලියූ සමාජීය, පාරිසරික සහ දේශපාලනික ලිපි දහස් ගණනක් වූ අතර ඇ විසින් මේ කිසිඳු විටක ලේඛන දිවිය අත්හැරීමකට ලක් කළේ නෑ. දිගින් දිගට ම අසාධාරණය හමුවේ පෑනෙන් සටන් වැදීමට අමතක නොකළ නිසා ම ඇයගේ ලේඛන ගමන වෙන ම දිශාවක් සඳහා ඇය යොමු කළා. මේ නිසා ම රටේ දේශපාලනය ඇයව විවේචනයට ලක් වූ අවස්ථා ද නැතුවා නොවේ. මේ හේතුවෙන් ඇයව සිර භාරයට ගත් අවස්ථාත් තිබුනා. ඒ ගොනුව නවකතාවක් දක්වා විකාශනය වීම ලෝක පාඨක සිත්හි නිතර මතකයේ තබන්නක් වීමට සමත් වුනා. මෙම කෘතිය මසක් ඇතුළත රටවල් 18 කු පුරා පාඨකත්වය දිනා ගත්තා. සිය දෙවැනි නවකතාව සඳහා පාදක වන්නේ ත් ලෝකයේ දුක් අඳෝනා වූ නිසා ඇයගේ කෘතීන් පොදු පාඨකත්වයක් හිමි නොකරගත්තා විය හැකිය. War talk, The cost of living, Power politics වැනි කෘති ඇගේ ලේඛන දිවිය පොහොසත් කළා. ලෝකප්‍රකට ලේඛකයන් අතරින් නොමැරී අභියෝගයන්ට මුහුණ දීමට ඇය තුළ පැවති ආත්ම ශක්තිය ලොව පුරා ලේඛකයන් සේ ම සැම පුද්ගලයෙකුගේ ම ජීවිතයන්ට කදිමයි.





No comments:
Post a Comment