හදවතේ කැඩපත කියන්නේ අපේ මුහුණ. ශරරීයේ ඇති වන ගොඩක් ගැටලුකාරී තත්ත්වයන් අපේ මුහුණෙන් පේනවා කියන්නේ ඇත්ත ද? මුහුණේ සුන්දරත්වය රැකගන්නට හදවතේ සුන්දර බව ඕනෙමයි. හැබැයි එහෙම කියල අපේ සමේ පෝෂණය ගැන හිතන්නත් ඕනේ. විශේෂයෙන් මුහුණේ සමේ පෝෂණය වගේ ම පිරිසිදු බවත් වැදගත් වෙනවා. දන්නව ද? සමේ ස්වභාවික තෙල් පටලයක් රැඳී පවතිනවා . ඒ තුළින් සමේ තද බව වගේ ම තෙතමනය ද රඳා පවත්වා ගැනීමට හේතුවෙනවා. පරිසරය මගින් සමට විවිධ ප්‍රශ්න ඇතිවෙනවා. දේශගුණික තත්ත්වයන් මත හෝ සමේ යම් යම් ගැටලු දෝෂ නිසා මෙම තෙල් පටලය දුර්වල වීම ආරම්භ විය හැකියි. ඒ සඳහා බාහිර ප්‍රතිකාරයක් ලෙස කෘතීම ආලේප වර්ග ගැල්වීම කළ යුතුයි. මෙසේ සමේ තෙතමනය පවත්වා ගැනීමට මුහුණට මොයිස්චරයිසර් ක්‍රීම් එකක් හෝ විටමින් ඊ ක්‍රීම් පාවිච්චි කරනවා. ශරීරයේ පිහිටන අනෙකුත් ඉන්ද්‍රියන් සමඟ සසඳන විට මිනිස් සම බොහෝ ආසාදනයන්ට තුවාල වීම් වලට ලක්විය හැකියි. එනිසා ම මුහුණේ පැහැපත් බව රඳවගන්න අපට ආලේපනයක් පාවිච්චි කරන්න ම වෙනවා. ශරීරයේ අන් ස්ථානවලට වඩා උරා ගැනීමේ හැකියාව වැඩිපුර තියෙන්නේ මුහුණේ සමට. ඒ නිසා ම අන් ස්ථාන වලට වඩා මුහුණේ සම තුළින් මොළයට ගමන් කිරීමට ඉඩත් වැඩියි.
සම රැකගැනීමට තරුණකම රැකගැනීමට මඟක් බව ඔබ අප කව්රුත් දන්නවා. ඒ නිසා ම මුහුණේ සම රැක ගැනීමට අවශ්‍ය බොහෝ ආලේප වර්ග සහ විවිධ සත්කාර කෙරෙහි අපගේ අවධානය යොමුවෙනවා. බොහෝ විට ඒවායින් සිදු වන්නේ අපේ සම පවත්නා තත්ත්වයෙන් පවත්වා ගැනීමයි. නමුත් සමට පෝෂණයක් ලබා දීමත් වැදගත්. මුහුණේ ඇතිවන කුරුළෑ , ලප කැළලි, අළුහම්, ඉන්නන් සහ දද කුෂ්ට වැනි චර්ම රෝගයන්ගෙන් වැලකී සිටීමට සැලකිළිමත් විය යුතුයි. ඒ සඳහා සුදුසු ම ක්‍රීම් වර්ගයක් භාවිතා කළ යුතුයි. නිරන්තරයෙන් වැඩ රාජකාරි වල නිරත වෙලා ඉන්න අපිට අපේ මුහුණේ සුනුදරත්වය අමතක වෙනවා. ඒකට එක් විසඳුමක් තමයි day cream එකක් පාවිච්චි කිරීම. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ගේ සමේ වර්ගය අනුව දිනපතා අපි පාවිච්චි කරන ෆේස් ක්‍රීීම් එක ගැන හිතන්න ඕනෙ. උදෑසන සමට කරන කර්තව්‍යන්ගේ සිට අපි නින්දට යනකොට කරන සෑම සත්කාරයක් ම අපේ මුහුණේ සමේ පැහැපත් බව හා පෝෂණය සඳහා බලපානවා. අපි ආලේප කරන ක්‍රීම් වර්ග තුනක් තියෙනවා. ඬේ ක්‍රීම්, නයිට් ක්‍රීම්, සන් ක්‍රීම් වර්ග තුනයි. සම අකලට මහලු වීම වැළැක්වීම , සම මත ඉරි තැලීම වැළැක්වීම , සම වියළීම වැළැක්වීම නරිෂිං ක්‍රීම් වලින් ලැබෙන ප්‍රතිඵල.
අද කාලේ රූපලාවන්‍ය නිෂ්පාදන පාවිච්චි නොකරන කෙනෙක් නැති තරම්. ඒ වගේ ම විවිධ වෙළඳ නාමයන් යටතේ විවිධ මිල ගණන් යටතේ විවිධ රූපලාවන්‍ය ආලේපන වෙළඳපොළේ තියෙනවා. මේ සියල්ල අතරින් අපට වඩාත් සුදුසු ආලේපන වර්ගය කුමක් ද කියා අප තෝරා ගත යුතුයි. නැත්නම් අපගේ සමට හානි වෙන්න පුළුවන්. විශේෂයෙන් අපි පාවිච්චි කරන ෆේස් ක්‍රීම් එක හරි ම වැදගත්. සම කියන්නේ ඉතා ම සංවේදී ඉන්ද්‍රියක්. ඉතින් අපේ සමට ගැළපෙන ආලේපන තෝරා ගැනීම පිළිබඳ අප හොඳින් සැලකිලිමත් විය යුතුයි. ඔයාට තියෙන්නේ සාමාන්‍ය සමක් ද, වියළි සමක් ද නැත්නම් තෙල් සහිත සමක් ද යන්න පිළිබඳ අවබෝධය වැදගත් .විශේෂයෙන් ඬේ ක්‍රීම්, නයිට් ක්‍රීම්, වයිට්නින් ක්‍රීම්, සන් ක්‍රීම්, ෆූට් ක්‍රීම්, බොඩි ලෝෂන්, ෆේස් ෆොෂ් වර්ග වලින් අපි පාවිච්චි කරන්නට අවශ්‍ය හොඳ ම වර්ගය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. මුහුණට ගැලපෙන ක්‍රීම් වර්ගයක් ආලේප කළ විට විනාඩි 4 5 ක් අතර කාලයක දී තොල උඩ සහ මුහුණේ දහදිය දමනවානම් ඒ ක්‍රීම් වර්ගය සමට ගැළපෙන්නේ නෑ
ෆෙයානස් ක්‍රීම් එකකින් සිදු වන්නේ මෙලනින් පාලනය කිරීමක්. මෙහි දී විශේෂයෙන් මතක ලබා ගත යුතු කරුණ වන්නේ වෙළඳපොළේ ඇති නොයෙකතුත් බාල ෆෙයානර්ස් වර්ගවලට නොරැවටීමයි. බොහෝ දෙනෙක් ෆෙයානර්ස් ක්‍රීම් පාවිච්චි කරන්නේ මුහුණට විතරයි. එයින් වෙන්නේ මුහුණ එක පාටක් සහ සිරුර තවත් පාටක් වීම. ඒ නිසා ඔබ පාවිච්චි කරන ෆෙයානර්ස් ක්‍රීම් වර්ගය පළමුව හිරු එළියට සම පිළිස්සී ඇති ස්ථාන වල ආලේප කරන්න. පසුව සම යථා තත්ත්වයට පත් වූ පසු මුහුණෙහි ආලේප කිරීම සිදු කළ යුතුයි. ඔබ තෝරාගන්නා ෆෙයානර්ස් ක්‍රීම් හිරු කිරණින් සම ආරක්ෂා කිරීම ඇතුළත් නම් ඔබට එය එළිමහනට යන විට ආලේප කරනන් පුළුවන්. ිචf නැත්නම් එය කිසිවිටකත් පාවිච්චි කළ යුතු නෑ. මීට අමතරව ගොඩක් කාන්තාවන් සාමාන්‍ය මේකප් එකක් පාවිච්චි කිරීම කරනවා. එහි දී අපි පාවිච්චි කරන foundation cream එක ගැනත් හිතන්න වෙනවා. අද ෆෙයානර්ස් ක්‍රීම් පාවිච්චි කිරීම සුදු වෙන්න උත්සාහ කරන්නේ ඉක්මණින්. එයින් වෙන්නේ ඒ සඳහා යොදා ගන්නා නිෂ්පාදනයන් වල ගුණාත්මකභාවය පිළිබඳ ඔබ මුලාවට පත්වීමයි. අපිට ඕනේ පැහැපත් ලස්සන මුහුණක්. ඒ සඳහා අපි ආලේප කරන ආලේපනයේ ගුණාත්මකභාවය පිළිබඳ නිතර ම සිතිය යුතුයි.


No comments:
Post a Comment