මෙන්න බක් Pearl S. Buck



 


පෙරදිග අපරදිග පාඨත සිත් දිනා ගත් අපූර්ව පරිචයක් හිමි කරගත් පර්ල්.එස්. බක් තම උපන් බිම වන ඇමරිකාවටත් ඒ ආකාරයක ම සහෘදත්වයකින් යුතුව ආදරය සහ ගෞරව කළ  කෙනෙක්. සාර් රාජ්‍ය පාලන සමයේ චීන ගොවි ජනතාව විඳි අසීමිත දුක් පීඩා හෙළිදරව් කරමින්  The Good Earth  නවකතාව ඔස්සේ මුළුමහත් පාඨක ජනයා තුළ කුහුසක් සහ ආදරයක් ඇති කිරීම මගින් ඇය විසින් ගෙන ගිය රචනා කලාව ලෝකය පුරා විවිධ භාෂාවන්ගෙන් පරිවර්තනය වුනා. සිංහල භාෂාවෙන් එය සාර භූමි නමින් වුනා. පර්ල් සම්මානනීය ලේඛිකාවක් කිරීම සඳහා එම කෘතිය මහත්සේ දායක වූ බව කියනවා. නෛාබෙල් ත්‍යාගය ලද ප්‍රථම ඇමරිකානු ලේඛිකාව ලෙස ඇය සම්මානයට පාත්‍ර වන්නේ එනිසා . ඒ 1938 වසරේ දී . පර්ල් උපත ලබන්නේ 1892 ඇමරිකාවේ බටහිර වර්ජිනියාවේ . පර්ල්ට වයස තුන් මසක් පමණ වන විට සිය මව්පියන් නැවත චීනයට පැමිණීමට තීරණය කරනවා. පර්ල්ගේ පළමු ඉංග්‍රීසි භාෂා ගුරුවරිය වූයේ ඇගේ මව. ඇයට චීන භාෂාව ඉගැන්වීම සඳහා කුන් නම් ගුරුවරිය දායක වූ බවයි කියන්න‍ෙ. ඉංග්‍රීසි භාෂාවටත් චීන භාෂාවටත් උපන් හපන්කම් කිව් නිසා ම ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇමරිකාවට යනවා. ඒ අනුව 1914 වසරේ දී ඇය ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ උපාධිය හිමිකරගන්නවා.
 
ඇය කුඩා කළ සිට ම ගොවිතැනට ඇදරය කළා. ඒ නිසාවෙන් ම චීනයට බොහෝ සේ ආදරය කළ පර්ල් කෘෂිකර්මය පිළිබඳ අර්ථ ශාස්ත්‍රඥයෙකු වූ ජෝන් බක් සමඟ ඵීවාහ වීමෙන් පසු නැවත චීනයට ආවා. සිය සැමියා සමග ඹ ඇය චීනයේ Nanjiang  විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් බවට පත්වෙනව චීන ජන ජීවිතය හා බැඳමින් ඔවුහු නිරතුරුව සේවය කළා. ඔවුන්ගේ දියණිය කැරොල්ගේ උපත පර්ල් පවුලට සතුට එක්කරන්නක් වූ නමුත් ඇය මන්ද මානසික තත්වයෙන් පසුවීම ඔවුනට දැඩි සේ පීඩාකාරී වුවත් ඇය සිය උපාධිය නිමා වන තුරු උත්සාහය අත් හැරියේ නෑ. චීනයේ හටගත් බටහිර විරෝධී හා ක්‍රිස්තියානි විරෝධී කැරලි නිසා ඔවුහු මහත්සේ පීඩා වින්දමුත් අසල්වැසි නචී පවුලකට ආරක්ෂාව ලබා දෙමින් ඔවුන් ආරක්ෂා කිරීමට ඇය ඇපකැප වී සිටියා. 
පර්ල් සිය ලේඛන කලාව පුහුණු කළේ මේ කාලයේ දී . East Wind West Wind නමින් ඇය ප්‍රථම නවකතාව රචනා කරනවා. දෙවැන්නThe Good Earth . 1934 වසර වන විට චීනයේ බටහිර විරෝධී අරගල ඉහළ යමින් තිබූ නිසා චීනය අතහැර ඇමරිකාවේ ස්ථීර පදිංචියට ගියා . ලේඛන කලාවෙන් ජයග්‍රහණ ලබා තිබූ පර්ල් ඇයගේ ප්‍රකාශකයා වූ Richard Walsh  සමඟ ප්‍රේම සබඳතාවක  ප්‍රතිඵලයක් ලෙස ඔහු සමඟ විවාහ වීමට ඇය නැවත තීරණය කරනවා. පර්ල් විසින් සිය දරුවන්ට අමතරව මව්පිය සෙනෙහස අහිමි වූ තවත් දරුවන් පස්දෙනෙක් හදාවඩාගත් බව පැවසේ. ඇය විසින් ආසියාවේ කාන්තා හා දරුවන් පිළිබඳව නීතිමය කාරණාවන් සම්බන්ධව කටයුතු කරන්නියක් වෙනවා.  ආසියාතික දරුවන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ස්ව කැමැත්තෙන් දායක වූ අවස්ථා බොහෝයි. පර්ල් එස් බක් පදනම නමින් ඇය පිහිට වූ සේවාව ද මේ සඳහා මනා පිටුවහලක් වුනා. ඇයගේ මරණය සිදු වන තෙක් ම ඇය නිර්මාණකරණයෙහි නිතර වූ බවයි පැවසෙන්න‍ෙ. 


No comments: