අපේ පුංචි කාලේ රැජින ඊනිඞ් බ්ල්යිටන්






අපේ පුංචි කාලේ ඉඳන් අපි ආදරේ කරපු කෙනෙක් ගැන කියන්නයි යන්නේ. මෙයාට ලෝකෙ අය නම් කියන්නේ යොවුන් සාහිත්‍යයේත් ළමා සාහිත්‍යයේත් රැජින කියල. 1897 අගෝස්තු 11 වන දින ලන්ඩන් නුවර නැගෙනහිර ඩල්විච් ප්‍රදේශයේ  තමයි ඊනිඞ් මෙරි බ්ල්යිටන් උපදින්නේ. එයාගේ පවුලේ සහෝදර සහෝදරියෝ තුන්දෙනෙක් ඉඳල තියෙනවා. ගෙදර ලොක්ක විදියට තමයි ඊනිඞ් හැදී වැඩෙන්නේ. ඇයගේ පියා හැඳි ගෑරුප්පු විකුණන වෙළෙන්ඳෙක්. අම්මා නම් රැකියාවක් කරල නෑ. ඊනිඞ්ට පොඩි කාලේ ඉඳල තිබුණ කක්කල් කැස්ස රෝගය. ඒ නිසා හැමවෙලේ ම එයා පීඩා වින්ඳා කියල කියනවා. ඊනිඞ්ගේ තාත්ත එච්චර සල්ලි පස්සෙ දුවපු කෙනෙක් නොවුන නිසාත් ඇයගේ අධ්‍යාපනයට වියදම් කරන්නවත් පියාට නොහැකි වුනා කියල කියනවා. හැබැයි කොහොමහරි තමන්ට පුළුවන් විදියට ඊනිඞ්ව බලා ගන්නට එයාගේ තාත්තට පුළුවන් වුනාළු. මෙරී පුංචි කාලේ ඉඳල ම පරිසරයත් එක්ක ඉන්න කැමත්තක් දැක්වුවා. මේ ආදරය නිසා නාගරික පරිසරයෙන් අයින් වෙලා ලන්ඩන් නුවරින් පිට පදිංචියට යන්න පවුල ම තීරණය කළා. ඊටපස්සේ ඊනිඞ් ඉගෙන ගන්නේ බැකෙංහම්වල ශාන්ත ක්‍රිස්ටෝපර් විදුහලෙන්. 
ඔයා දන්නව ද මෙයා පාසලේ දී ටෙනිස් ක්‍රීඩිකාවක් විදියට හරි ජනප්‍රිය කෙනෙක් වුනා කියල. ඊනිඞ් ඉගෙනීම් කටයුතුවලට එච්චර කැමැත්තක් දැක්වුවේ නෑ. හැබැයි 1911 දී ආතර් මීගේ ළමා කවි තර`ගෙකට මෙයා ඉල්ලුම් කළා. මේ තරඟෙ තමයි ඊනිඞ් මෙච්චර දුරක් අරන් එන්න පටන් ගැන්ම වුනේ. මේ කවි තරඟෙ දී ඊනිඞ්ට ආතර් මී මුණගැහුණ එක ඇයට ලොකු උදව්වක් වුනා එයාගේ ගමන යන්න. ඕන්න ඊනිඞ් 1922 තමයි එයාගේ පළවෙනි පොත එළිදැක්වුවේ. ඒ පොතේ නම ක්‍යසකා උයසිචැරි. මේ පොත පිටු 24 කින් සමන්විත වූනා වගේ ම පාසලේ මිතුරෝ චිත්‍ර මගින් ඇයට උදව් වුනාලු. 
පාසලේ ඉගැනීම් කටයුතුවලට පස්සේ ඇය පාසල් කිහිපයක ම ගුරුවරියක් විදියට සේවය කළා. ඒ නිසා ළමා මනස ඉක්මණින් හරි අපූරුවට තෙරුම් ගන්නට පුළුවන් වුනා. ඊට පස්සේ තමයි එයා පුංචි ළමයින්ට කතා ලියන්න ඕනේ කියල හිතල තියෙන්නේ. ඊනිඞ් රචනා කළ කතාවලින් ගොඩක් ම භීතියෙන් හා විනොදයෙන් පිරුණු කතා. ඇයගේ කතාවල ගොඩක් ම තිබුණේ නිර්භීතව හා බුද්ධිමත්ව ගැටලුවලට මුහුණ දීමට හුරු කිරීමටත් වැඩිහිටි උපකාරයක් නොමැතිව ඒවා විසඳගැනීමටත් උත්සාහ කිරීමට ළමා මනස පෙළඹවීම වගේ දේවල්. 
ඊනිඞ් බ්ල්යිටන් ළමයින් වෙනුවෙන් රචනා කරල තියෙන පොත් ගණන 1000 කට වැඩිලු. ඇයගේ පොත් ලෝකේ පුරා භාෂාවන් 90 කින් විතර පරිවර්තනය වුනා. ඒ වගේ ම  ඇගේ කෘති ඔස්සේ ගොඩනැගුණු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ප්‍රමාණය ද විශාලයි. ත්‍්පදමි ත්‍සඩැල ීැජරුඑ ීැඩැබල භදාාහල ඵ්කදරහ ඔදඇරිල ඔයැ භ්මටයඑසැිඑ ඨසරක වැනි කෘති ඉතා ජනප්‍රිය වුනා. මැලරි ටවර්ස්, සෙන්ට් ක්ලෙයාර් සහ නෝටියස්ට් ගර්ල් වගේ පොත් අපි කොච්චර ආසාවෙන් කියෙව්ව ද? විෂිං වෙයාර්, ද ෆාර් එවේ ටී්‍ර වගේ පොත්වලින් කියවෙන්නේ අසාමාන්‍ය අමුතුසහගත සිදුවීම් ගැන. 1968 නොවැම්බර් 28 වෙනි දා ඇය මරණයට පත්වුනේ අපි හැමෝට ම ළමා පොත් ගොඩක් ඉතුරු කරල.  


No comments: