මෙන්න වැඩක්






සිනමා ලෝලීන්ගේ අවධානය යොමු වන කතාවක් තමයි මායා චිත්‍රපටය- මායා චිත්‍රපටයත් සමග ආන්දෝලනයක් ඇතිවුූණු රහස් පැතිකඩක් කියවන්න කැමතිද? මේ නොදන්න පැතිකඩ දැනගත යුත්තක් ලෙසත් හඳුන්වන්න පුළුවන්- නුහුරු නුපුරුදු වචනයක් ලෙස සංක්‍රාන්තික සමාජභාවය යන්න නොයෙක් පැති වලින් නිතර ඇහෙන්නට පිළිවන්- නැත්නම් ට්‍රාන්ස් ජෙන්ඩර් කෙනෙක් වගේ වැනි කනින් කොනින් ඇහෙන දේ ද නැතුවා නොවේ- මේ කතාව ඒ ගැනයි

කව්ද මේ ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නේ

 අපට උපතින් ම ගැහැණු පිරිමි බව ලැබෙන බව අපි දන්නවා- අපිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒක පිළිගන්න ම වෙනවා- නමුත් එහෙම නොපිළිගන්න කැමති පිරිසකුත් ඉන්නවා ඒ අය තමයි සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් කියල කියන්නේ- පිරිමි ගතිගුණ ඇතැයි සැලකෙන පිරිමින්ගෙන් හෝ සිය ස්වයං ප්‍රකාශනය ගැහැණු ගතිගුණ යැයි සැලකෙන දෙකොට්ඨාසයට අයත් පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජයට කිසිඳු ගැටලුවක් නෑ. ගැටලුව තියෙන්නේ මෙම සමාජ කොට්ඨාස දෙකෙන් එක් කොට්ඨාසයකටවත් අයත් නොවන අතරමැදි මනුස්ස කොට්ඨාසය පිළිබඳව. ලෙස්ලි ෆෙයින්බර්ග් සංක්‍රාන්ත සමාජභාව විමුක්තිය පොතේ නම් කියන්නේ     “සම්මතයන් යනු මොනවා විය යුතුදැයි තීරණය කරන්නේ කවුද? ඇතැම් පුද්ගලයන්ට ඔවුන්ගේ ස්වයං ප්‍රකාශනය නිසා දඩුවම් විදින්නට සිදු වන්නේ ඇයි?” යනුවෙන්කොහොම නමුත් සංක්‍රාන්ති සමාජභාවීන් නම් (Trans Gender)    තමන්ට උපතේදී සංස්කෘතික වශයෙන් ලබා දෙන ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතාව පිළිගැනීමට අකමැති එකිනෙකා අතර විවිධ වෙනස්කම් ඇති පුද්ගලයන් හැඳින්වීමට යෙදෙන පොදු වචනයක්. වර්තමානය වන විට අපි මෙය සංස්කෘතින්  දෙකක් යටතේ හඳුනා ගන්නවා ඒ 
■       MTF – Male To Female
FTM – Female To Male

ඈත ඉතිහාසයේත් සංක්‍රාන්ත්‍රික සමාජභාවය කථිකාව

(ගැහැනු පිරිමි කොට්ඨාස දෙකෙන් එක් කොටසකටවත් අයත් නොවන අතරමැදි සමාජය සංක්‍රාන්තික සමාජභාවීන් ලෙස හඳුන්වයි)

මේ දෙවර්ගයෙන් ලංකාවේ සිටින වැඩි දෙනාගේ කතා බහ trans sexual ගණයට අයත් පුද්ගලයන් පිළිබඳව-  සංක්‍රාන්ත්‍රික සමාජභාවී අනන්‍යතාවයන් භූගෝලීය සීමාවන්, සංස්කෘතික අනන්‍යතාවයන් සහ ඉතිහාසයන් අතර විවිධ නම්වලින් හඳුන්වා තියෙනවා. ශ්‍රී ලංකාවේදී “නච්චි” යනුවෙන් (විශේෂයෙන් පිරිමි සිට ගැහැනු සංක්‍රාන්තිකයින්), ඉන්දියාවේදී “හිජ්රා” යනුවෙන් , තායිලන්තයේදී “කතෝයි” , පැසිෆික් දූපත්වලදී “ෆාෆෆිනේ” යනුවෙන්  ඔවුන්ව හඳුන්වනවා. බුදුන් වහන්සේගේ කාලයේ මොවුන් හැඳින්වීමට භාවිත කර ඇත්තේ “උභතොබ්‍යඤ්ජනක” යන වචනය. මුහම්මද්තුමාගේ කාලයේ අතීත මෙදීනා නගරයේ “මුඛන්නාතුන්” යනුවෙන් හැඳින් වූ සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් වාසය කරල තියෙනවා- හින්දු ආගමට අනුව එය “අරවානි” . ඊට අමතරව මොවුන් හැඳින්වීමට යොදන අපහාසාත්මක වචන ගණනාවක්.

ට්‍රාන්ස් ජෙන්ඩර් වෙන්නේ කොහොම ද?

සංක්‍රාන්තික සමාජභාවී සියලු දෙනා උපතේදී හිමි වූ ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රතික්ෂේප කරල වෙනත් ස්ත්‍රී පුරුෂ සමාජභාවයක ජීවත් වන නමුත් හෝර්මෝන ප්‍රතිකාර හෝ ලිංගික අවයව වෙනස් කිරීමේ වෛද්‍ය සැත්කම්වලට භාජනය වී නොවී සිටිය හැකියි. හෝර්මෝන ප්‍රතිකාර ගෙන ලිංගික අවයව වෙනස් කිරීමේ වෛද්‍ය සැත්කම්වලට භාජනය වූ අය හදුන්වන්නේ සංක්‍රාන්තික ලිංගිකයන් Male To Female   ලෙස. කෙසේවෙතත් සංක්‍රාන්ති පුද්ගලයන් සමාජයේ පවතින සංස්කෘතික සීමාවන් හේතුවෙන් තමන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න මැලිකමක් දක්වනවා.
මෙහි දී සංක්‍රාන්තී සමාජභාවීන් සියලුදෙනා ම පාහේ එදිනෙදා ජීවිතයේදී කායික සහ මානසික වශයෙන් නිරන්තරයෙන් පීඩාට ලක් වන පිරිසක්. ශ්‍රී ලංකාවේ වෙසෙන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ ම සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන්ගෙන් බහුතරයකට ඔවුන්ගේ ලිංගික පරිවර්තනය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා වන ශල්‍යකර්ම ඉතාමත් මිළ අධික වන නිසාත් එම පිරිවැය දරාගැනීමට තරම් වත්කමක් නැති නිසාත්. ඒ හේතුවෙන් ඔවුන් විශාල මානසික පීඩනයකට ලක්වෙලා. ඔවුන්ගේ කතාව අහන්නට කවුරුත් නැති තරම්- ඔවුන් කියන මේ කතාව සාධාරණ ද? කෙනෙකුට තමන් කැමති අයුරට ජීවත් වෙන්නට අවස්ථාව තිබිය යුතු බවයි මගේ හැඟීම- මේ වන විටත් ලංකාවේ කණ්ඩායම් මට්ටමෙන් මේ පිළිබඳ කථිකාවන් ඇතිවෙනවා.





ලංකාවේ සංක්‍රාන්තික සමාජභාවය අභියෝගයක් වෙලා ද?
භූමි හරේන්ද්‍රන් කියන්නේ ලංකාවේ කතා බහ වන සංක්‍රාන්තික සමාජභාවය අභියෝගයට ලක් කළ තැනැත්තියක්- දැනට ඇය විධායක ශ්‍රේණියේ රැකියාවක් කරමින් ඉන්නේ- ඇය දැනටමත් සැත්කම් මගින් ලිංග සංක්‍රාන්තියට පත්වෙලා- ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳ කථිකා නගන ඇයගේ අදහස සාධාරණ ද? සමාජයෙන් ප්‍රතික්ෂේප වූ තැනැත්තියක් ලෙසත් සේවාවන් ලබා ගැනීම සමානව සැලකුම් ලැබීම වැනි දේවල් වල දී සමාජයේ සමාන යැයි කියන පුද්ගලයන්ට වඩා වෙනස් කොට සැලකීම් වලට ලක්වෙමින් හිංසනයට මුහුණ දෙන තැනැත්තියක් ලෙසත් ඇය විසින් ම ඇය හඳුන්වනවා- භූමි නම් කියන්නේ මේ මොහොත වන විටත් මම යන පුද්ගලයාහට මම ලෙස ජීවත් වීමට නිදහසක් නොමැති බවයි- ඇගේ අභිලාෂය වන්නේ සැමට එක ලෙස සලකන, නිදහස් සමාජයක සැමට ලැබෙන සේවාවන් එලෙසම වෙනස්කමකින් තොරව භුක්ති විඳිමින් ජීවත් විය හැකි සමාජයක් බවට පත් කිරීම.



                            භූමි හරේන්ද්‍රන්  (4.bp.blogspot.com)

සංස්කෘතීන් සකස් වන්නේ කාලයක් පැවතවිත් ඒවා එක්තරා ඒකරාශී වීමක ඵලයක් විදියට- සංක්‍රාන්ති සමාජභාවී යන්න ද සගවා කතා කළ යුත්තක් ලෙස තබා ගැනීමට වඩා ඔවුන්ගේ කතාවට ඇහුම්කන් දීම හරි වැදගත්- ඒ මොකද ඔවුන් ද මනුෂ්‍යයන්- ඔවුන්ගේ ආශාවන් වෙනස් විය හැකියි- නමුත් අපි එය  තේරුම් ගත යුතුයි- ජීව විද්‍යාත්මක අංගයන් කෙසේ තිබුනත් ඒවා වෙනස් කර ගැන්මට යමෙකෙක් තුළ අදහසක් ඇති වනවා නම් ඔහුට හෝ ඇයට බැනවැදීමට වඩා යමක් අප සතු විය යුතුයි- කිසිසේත්ම කිසිම රටක හෝ සමාජයක එය අභියෝගයක් නොවේ- නමුත් කිසියම් රටකට තම පුරවැසියන්ට අසමානව සළකයි නම් එය අභියෝගයක් විය හැකියි.

No comments: