නිරෝගිව සිටින්නට කව්ද අකමැති? නමුත් රෝගයන් වැළදෙන්නේ අප නොදැනුවත්ව වන්නට පුළුවන්අ.පේ ඖෂධ එවැනි අවස්ථාවක වෛද්‍යවරයෙක් සොයා යාමට වඩා අපේ දෙයින් ප්‍රයෝජනයක් ගන්න හැකි නම් එය කොතරම් වැදගත් ද? අතීතයේ සෑම නිවසක ම වාගේ වගා කර තිබුණේ විවිධ ඖෂධ වර්ග. විශේෂයෙන් ම රජවරුන්ගේ කාලයේ දේශීය වෛද්‍ය ක්‍රමය බහුල වශයෙන් යොදා ගැනුනා. සියලු ම වැසියන් මේවා දේවත්වයෙහිලා සැළකුවා. ඔවුන් ඖෂධ ශාකවලට වැඳුම් පිදුම් පවා කළා. මෙම ඖෂධ ශාක පිළිබඳ ව සෑම පුද්ගලයෙකු ම නම ඇසූ පමණින් දැන සිටිය-තම ගෙවත්තේ වැඩිපුර ම වගා කළේ ඖෂධ පැළෑටි- එමගින් අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක දී ඔවුන්ගේ සුළු සුළු ලෙඩ රෝග සඳහා එම ඖෂධ යොදා ගත හැකිවුණා- එහෙයින් ඔවුන් නිතර නිතර මෙම ඖෂධ පාවිච්චි කිරීමට පුරුදු වී හිටියා. එසේ කළ වෙදකම් වලින් බොහෝ ලෙඩ රෝග සුව කිරීමටත් මෙම ඖෂධ බොහෝ සෙයින් මහෝපකාරී වුණා- සමහරවිට අපේ ගෙවත්තේත් අප නොදැනුවත්වම අලංකාරය සඳහා වගා කොට ඇති ශාකයන් ඖෂධ වග අප දන්නේ ද නොවේ- එවැනි ශාක විශේෂයන් පිළිබඳ ව දැනගන්න මේ ලිපිය වැදගත් වේවි.
- වෙනිවැල් ශාකයේ සැගවුණු ගුණ
වෙනිවැල්, වනුවැල් යනුවෙන් ජනයා අතර ප්‍රචලිතයි- අතීතයේ මී හරක් දිගේලි කිරීමට හා ඇදීමට ගන්නා නිසා බානිවැල් නමින් ද ප්‍රසිද්ධ වුණා. මෙම ශාකය විවිධ නම් වලින් හඳුන්වනවා- වෙනිවැල් ශාකයේ උද්භිත නාමය වන්නනේ (Coscinium Fenestratum
Coleber) කුලය MENISPERMACEAE වේ.ඉංග්‍රීසි නාමය Calumba Wood. දෙමළ බසින් මරමංජල් කියලත් කියනවා. වෙනිවැල් ශාකය බොහෝ රෝගයන් සඳහා යොදා ගන්නක්. ඔබ දන්නවා ද? උණ රෝගය සඳහා වෙනිවැල් ගැට තැම්බූ වතුර පානයට සිදු කරනවා. හිසරදයට වෙනිවැල් ඇල් දියෙන් අඹරා හිසේ ගැල්වීමත් තුවාල පිරිසුදු කිරීමට වෙනිවැල් තම්බා ගත් ජලයෙන් සේදීම සිදුකරනවා. කැසීම් සහිත බිබිලි සඳහා වෙනිවැල් සහ කහ අඹරා ගල්වනවා. උණෙන් හටගන්නා ශරීර අප්‍රාණික තත්ත්වයට හා අජීරණයට වෙනිවැල් තම්බා බීමට දෙනවා. සර්ප විෂට වෙනිවැල් තම්බා බීමට දෙනවා. වෙනිවැල් තැම්බූ වතුර කුඩා දරුවන් නෑවීම සඳහා ද යොදා ගන්නවා. රූපකාලංකාරයටත් අද වන විට වෙනිවැල් ඉතා ම ජනප්‍රියයි.මෙම ශාකය අස්වනු නෙළිීම හා සංරක්ෂණය කිරීම කළ යුත්තක්.
හොඳින් මේරූ වැල් කපා වේලා සුළං නොවදින සේ භාජනයන්හි අසුරා වියලි ගබඩා වල තැම්පත් කළ යුතුයි- මෙවැනි ඖෂධ ගුණ ඇති ශාක තව දුරටත් ව්‍යාප්ත කිරීම සඳහා අප නිවෙස් වල වගා කිරීම වැදගත්.
මෙම ශාකය සිනිඳු පෙත්තක් සහිතව විශාල වැඩෙන කාෂ්ටමය වැලක්. ළපටි කඳ කොටස් සහිත සිහින් සහ කහ පැහැති බූවකින් වැසී පවතිනවා. සෙ-මී- 10 නැත්නම් 20 පමණ විශාල පත්‍ර පළල් හා රවුම්. පත්‍ර මතුපිට දිළිසෙන සුළු හා සිනිඳු වන අතර පහළ කොටසේ කහ පැහැ බූවකින් වැසී පවතිනවා. කැපී පෙනෙන අයුරිනි පිහිටන නාරටියද කහ පැහැ බූවකින් වැසුණු දිග පත්‍ර නටුවක් ද මෙම පත්‍රය සතුයි. ඉතා කුඩා පුරුෂ හා ස්ත්‍රී මල් වෙන වෙන ම ශාත දෙකක හටගන්නවා. පත්‍ර හටගන්නා තැන් වලින් ඇතිවන කෙටි මල් පොකුරු වල මල් හටගන්නවා. ඵලය දිගින් සෙ-මී - 02ක් වන දුඹුරු පැහැති බූවක් සහිත රවුම් හැඩයකින් යුක්ත වූවක්. ඵලයේ ඇතුලත ඝන ආවරණයක් ද පවතිනවා.
- අශෝක ශාකයෙන් රෝග නිවාරණය
මෙම අශෝක නැමැති ඖෂධය කාන්තාවන්ගේ රෝගවල දී විඳින ශෝකය තුරන් කරන හෙයින් අශෝක නමින් හැඳින්වෙනවා කියලයි කියන්නේ. විශේෂයෙන් ගර්භාෂගත රෝග වලට අශෝක ශාකය බෙහෙවින් යොදා ගන්නවා. රතඹලා දියරත්මල් වැනි නාමයන්ගෙන් හඳුන්වන මෙම ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ Saraca asoca . මෙම ශාකයේ කුලය LEGUMINOSAE වේ. මෙම ශාකයේ රූපකාරය පිළිබඳ ව දැන ගැනීම කාටත් වැදගත්. එයට හේතුව අප ගෙවත්තේ ද අශෝක ශාකය වගා කර තිබිය හැකියි. නමුත් එය රෝගයන් සඳහා සුවයක් බැව් නොදන්නවා වෙන්නට පුළුවන්. මෙම අශෝක ශාකයේ පොතු බීජ මල් ඖෂධ සඳහා භාවිතා කරනවා.
අශෝක ශාකයේ ඖෂධීය ගුණ
අශෝක ශාකයේ ඖෂධීය ගුණ
සෙම හා පිත සමනය කරයි.වේදනාව හා විෂ නසයි. ලේ පිරිසිදු කරයි. ඉදිමුම් නැති කරයි. පණු ආසාදනයන්ට වැදගත් වේ. ගර්භාෂයේ ලිහිල් බව ඇති කරයි. මුත්‍රා ගල් නැති කරයි. මුත්‍රා දැවිල්ල සමනය කරයි. ගර්භාෂයෙන් අධිකව ලේ ගැලීමේ දී හා කැක්කුම ඇති විට අශෝක පොතු ක්ෂායට වතුර දමා සිදුවා උදේ සවස බීමෙන් රෝග සුවපත් කළ හැකියි. අපහසුවෙන් මුත්‍රා පිටවීමේ දී හා මුත්‍රා ගල් සඳහා අශෝක බීජ අඹරා පානය කිරීම. දියවැඩියාව සඳහා අශෝක මල් වියළා තම්බා බීම සිදු කරයි. අශෝක ශාකය නෙතට රසඳුනක් ගෙනෙන අපූරු ශාකයකි. එනිසා ගෙවතු අලංකරණය සඳහා ද යොදා ගනී.
අශෝක ශාකය වගා කරන ආකාරය
හොඳන් මේරූ සජීවී බීජ තෙත වැලි තවානක තබා දින 14 ක් 17 දී ප්‍රරෝහණය කර ගත හැකියි. බීජ පැළ අගල් 4ක් 6ක් උස් වූ කළ වැලි තවානෙන් ඉවත් කර කෙළින් ම ක්ෂෙත්‍රයේ හෝ පෝෂක පස් මිශ්‍රිත පොලිතීන් මළුවල සිටුවා මාස 3කකට හෝ 06 කට පසු ක්ෂේත්‍රයේ සිටුවීම කළ යුතුයි. ගස් අලර පරතරය මීටර 1 1/2 පමණ තැබිය යුතුයි.
bimbima.com pic 04(අශෝක ශාකයේ මල් ඖෂධ සඳහා භාවිතා කරනවා)
මල් නොමැති ව ගෙඩි හටගන්නා වෘක්ෂයක් හැටියට සඳහන් වුවත් කිරිමල් ගෙඩියක් පළා බලන විට බීජ වේශයෙන් මල් දැකිය හැකියි. පැසුණු ගෙඩි තුළ කෝඳුරුවන් සිටින හෙයින් කෝඳුරු ගෙඩි ලෙසින් ද ප්‍රසිද්ධයි. නොපැසුණු ගෙඩි ඖෂධ සඳහා යොදා ගනී, මෙම ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමය Ficus racemosal වන අතර MORACEAE කුලයේ ශාකයක. සිංහල නාමය අට්ටික්කා, දිඹුල්වේ. දෙමළ බසින් බාරසා අත්ති යනුවෙන් හඳුන්වයි.ඉංග්‍රීසි නාමය Cluster Fig වේ.
perentietours.com(අත්තිරික්කා ශාකය)
අත්තිරික්කා ශාකයේ රූපකාරය
දිග අඩි 30 ක් පමණ උසට වැඬේ. අගල් 03 ක පමණ ඝන පොත්තක් ඇත. පොත්ත රෝස පැහැයට හුරු දුඹුරු පැහැයකි. කඳේ හා අතු මත විශාල පොකුරු ලෙස හටගන්නා මල් ගෙඩි මෙන් පෙනේ. අමු ගෙඩි කොළ පැහැතිය. ඉදුණු ගෙඩි තුළ කොුඳුරුවෝ වෙති. ගෙඩි පොකුරු වශයෙන් කඳ මත පිහිටයි. කැළෑ කඳු සහ දිය කඩිති ආශ්‍රිත ව බොහොමයක් මධ්‍යම පළාත ආශ්‍රිතව වැවේ.
සෙම් නසයි. ලේ පිරිසිදු කරයි. තුවාල සුද්ද කරයි. ඉද්මුම් හා වේදනාව නසයි. සමේ වර්ණ ඇති කරය-ි පැසුණු ගෙඩි දැවිල්ල නසයි. පිපාසයට ඉදුණු ගෙඩිවල ඉ්සම මිරිකා පානය සුදුසු වන අතර දැවිල්ල සඳහා මුල කපා එහි වතුර බීම සිදු කරයි. විදුරුමස් ඉදිමීමට පොතු ක්ෂාය බීම සිදු කරයි. දියවැඩියාව සඳහා ගෙඩි ඇට චූරඛ මී පැණි සමග ගනී.
ශාකය වගා කිරීම
කිනම් ප්‍රදේශයක වුව ද වගා කළ හැකියි. තෙතමනය සහිත කැලෑ සහිත දිය කඩිති අසල පස වඩා යෝග්‍ය වේ. ඉදුණු ඵල ජලයේ දමා පොඩිකර බීජ පෙරාගෙන යළි සෝදා තවානේ තවන් කිරීම කල යුතු ය. ඉන්පසු ජලය සැපයිය යුතු අතර දින 05 ක් 10 ක් ඇතුළත සිහින් පැළ බඳුන් ගත කළ යුතු ය මාස 09 පමණ වූ විට බිම සිටුවිය හැකි ය.
මේ ශාක වර්ග කීපයක් පමණයි . මෙවැනි බොහෝමයක් ශාකයන් අප ගෙවත්තේ තිබෙන ශාක. මේවා අප නොසිතන තරම් රෝගයන්ට ඖෂධ වනවා. ඒ නිසා ඒවා පිළිබඳ අවබෝධය වැදගත්.
- අත්තිරික්කා ශාකයේ ඖෂධීය ගුණ

No comments:
Post a Comment