ලෝකෙ ඉන්න ආදරණීය ම යාලුවෝ





දඩයම් යුගයේ සිට මිනිසා සමග සහ සම්බන්ධයෙන් ජීවත් වන සත්ත්වයා නම් සුනඛයායි බල්ලා ක්ෂීරපායි සිවුපා සතෙක් මිනිසා විසින් පළමුව හීලෑ කරගත් සතා වන්නේ සුනඛයා යි, එනිසා ම ලෝකයේ සෑම රටක ම පාහේ සුනඛයන් ළග තබා ගැනීමට පුරුදු වී සිටියා ඒ අතරින් තම සමීපතමයන් සමග නිවසේ ඇති කර ගැනීමට මිනිසුන් සුනඛයන් යොදා ගත්තා ගෘහස්ථ සුනඛයන් ගේ අවශ්‍යතාවෙන්. පසු ව ඔහු පව්ලේ සාමාජිකයෙක- බවට පත්ව වුණා. ගෘහස්ථ සුනඛයගේ විද්‍යාත්මක නාමය වන්නේ Canis lupus familiaris    නවත ම අධ්‍යයනයකින හැඟවෙන්නේ ලෝකයේ එකිනෙකට වෙනස් කොට්ඨාස හෙවත් කලාප ද්වයක මානවයන් එකිනෙකාගෙන් ස්වධීනව අද අප දන්නා නිවසේ සුරතලා බවට පත්ව ඇති සුනඛයන් ලෙෂ වෘකයන් ගෘහාශ්‍රිතකරණය ආරම්භ කරන්නට ඇති බවයි. බොහෝ පර්යේෂණ වලින් හෙළි වන්නේ ආසියවේ මෙන් ම යුරෝපයේ මානවයන් වෙන වෙන ම වෘක පරපුරේ සාමාජිකයන් හීලා කර ගත්තා විය හැකි බවයි. සාක්ෂි වලින් දැනගත හැකි කරුණ නම් මෙයට වසර 15000 පමණ පෙර ආසියාවේ දී සුනකයන් ගෘහාශ්‍රිතකරණය වූ බවයි .
ජනප්‍රියත ම සුනඛයන්  

ලෝකෙ ඉන්න සුරතල් ම ජනප්‍රියතම  සත්තු ගැන දැනගන්න කැමති ද? අතීතයේ ඉදලා ආරක්ෂාවටත් තනිකමටත් සතුන් ළඟ තබා ගැනීමේ පුරුද්දක් අපට තිබුණා- ඒ පුරුද්ද පසුව සතුන් ඇති දැඩි කිරීම දක්වා වර්ධනය වෙලා- ඒ සුරතල් සතුන් අතරින් සුනඛයාට හිමිවෙන්නේ අපූරු තැනක්- එයින් කියැවෙන්නේ නෑ අනික් සුරතල් සතුන් අපූරු නෑ කියල- මේ දිනවල සුනඛ සුරතලුන් ගැන අවධානයට යොමු වෙලා තියෙනවා- මේ සටහන තැබෙන්නේ ලොව ජනප්‍රියත ම සුනඛ සුරතලුන් පිළිබඳ.

  • මෝල්ටා වර්ගයේ සුනඛයන්  


 දැනට ලොව මිනිසුන් ආදරය ම කරන සුනඛ වර්ගයන් බොහෝමයක් යුරෝපීය රටවල් ආශ්‍රිත ව තමයි බිහින්නේ- එම කාණ්ඩයේ අපූරු සුනඛ වර්ගයක් තමයි මෝල්ටා වර්ගයේ සුනඛයන්  (Maltese)- ලොව සුරතල් සුනඛයන් අතුරින් මිල අධික ම සුනඛ වර්ගය වන්නේ මොවුන්- එයට එක් හේතුවක් වන්නේ ඔවුන් හුරු බුහුටි සෙල්ලක්කාරයන් වීමයි- කුඩා දරුවන්ගේ නැතිව බැරි සුරතලුන් ලෙස ආදරයට පත් මොවුන් කලබල නැති ආචාරශීලී හීලෑ සත්ව විශේෂයක් නිසා ම ලොව ජනප්‍රියත ම සුනඛයන් ලෙස ජාත්‍යන්තර මිළ දශකයේ ද ඉහළින් ම සිටීමට ද හිමිකම් කියනවා- ගෘහස්ථ ව හැදී වැඩෙන සුරතල් සත්ව විශේෂයක් වන මොවුන් ඉතා බුද්ධිමත් ප්‍රතිග්‍රහණශීලී විශේෂයක්- සිරුරේ බර රාත්තල් 4 ක් පමණ වන මෝල්ටාවන්ගේ ශරීරයේ උස සෙ- මි- 21 ත් 25ත් අතර ප්‍රමාණයක් වෙනවා- කඩා හැලෙන ලොම් සහිත මෝල්ටාවන්ගේ සුවිශේෂිත්වය වන්නේ ඔවුන් සුදු ලොම් වලින් පරිපූර්ණයන් වීමයි- මෝල්ටාවන් සඳහා දිනකට විනාඩි 20 ක් පමණ කාලයක් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය වන අතර දිනපතා නෑවීම සහ ඇස් වටා පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වේ- ශරීරය තරමක් තරබාරු නමුත් කළු වර්ණයෙන් යුක්ත දෑස් සහ නාසය නිසා මෙම සුනඛ විශේෂය ආකර්ශනීය යි- කුඩා වල්ගය මෝල්ටාවන්ගේ තවත් සුවිශේෂී අලංකාරයක්.

  • බොක්සර් වර්ගයේ සුනඛයන් (Boxer)


අනෙක් සුනඛ වර්ගය වන්නේ බොක්සර් වර්ගයේ සුනඛයන් (Boxer)- ජර්මනියේ සම්භවය සිදුවූවායැයි කියන මොවුන් මෝල්ටාවන් තරම් හුරු බුහුටි නම් නෑ- උණුසුම් දේශගුණයට ඔරොත්තු දෙන ශරීිරයක් සැකසී හිමි මොවුන්ට ශීත දේශගුණය ද නුහුරුම කියන්නෙ- සාමාන්‍යයෙන් රාත්තල් 65 ත් 80ත් අතර බර ප්‍රමාණයෙන් යුක්ත වන බොක්සර්ගේ උස සෙ-මි- 24 ක් තරම් - ලොව වඩාත් ජනප්‍රිය වීමට මොවුන්ගේ ශරීරයේ වර්ණ සංයෝජනය බලපෑම්කාරී සාධකයක් ලෙස හඳුන්වනවා- ඒ අතරින් ඔවුන්ගේ ශරීරයේ දුඹුරු සුදු වර්ණ සංයෝජනය සෑම බොක්සර් වර්ගයකට ම පොදු වූවක්- පළල් වූ මුඛ ප්‍රදේශයක් සහ පැතලි මුහුණක් සහිත මොවුන්ගේ තරමක් විශාල දෑස් ද ආකර්ෂණීය යි- දිගු වූ වල්ගය මෙම සුනඛ වර්ගයේ සුවිශේෂී ලක්ෂණයක්- එල්ලා වැටෙන කන් ද සුවිශේෂී - අනෙකුත් ජනප්‍රිය ගණයෙහිලා සැලකෙන සුනඛ වර්ග අතරින් බොක්සර් සුනඛයින් වේගවත් සුනඛයින් සේ සළකනවා- අවුරුදු 8ක් 10ක් පමණ ආයුකාලයක් ඔවුන් සතුයි- මොවුන් ශක්තිමත් බුද්ධිමත් සෙල්ලක්කාර සුනඛ විශේෂයක් ලෙයසි නම් දරන්නේ- මොවුන් සඳහා දිනකට විනාඩි 40ක් පමණ ව්‍යායාම් කාලයක් අවශ්‍ය වන අතර පුහුණු කිරිම් මඟින් හීලෑකාරී ලෙස සකසා ගත හැකිළු-

  •  බොස්ටන් වර්ගයේ සුනඛයින්  


       
මේ ඉන්නෙ  සෙල්ලක්කාර විනෝදජනක කඩවසම් බොස්ටන්- බොස්ටන් වර්ගයේ සුනඛයින් (Boston) ඇමරිකාවේ ඉතා ප්‍රචලිත සුනඛ විශේෂයක්- ශරීරයේ බර රාත්තල් 15ත් 25ත් වන මොවුනගේ  උස සෙ-මි-17ත් 16ත් අතර-  මොවුන්ගේ ශරීරයේ වර්ණ සංයෝජනය ආකර්ෂණීයයි- මොහුට දිනකට මිනිත්තු 20ත් 40ත් අතර ව්‍යායාම් කාලයක් අවශ්‍යයි- ආයු කාලය වසර 10ත් 14ත් පමණ - වවුලෙකුගේ කන් තරම් කුඩා වූ කන් බොස්ටන් වර්ගයට සුවිශේෂී වූවක්- දිවීමේ ශක්‍යතාව අනෙක් සුනඛයන්ට වඩා වේගවත් - 








  • ජැක් රසල් වර්ගයේ සුනඛයන්


ලොව සුරතල් සතුන් සඳහා වන මිල දර්ශකයේ ඉහළින් ම සිටින අනෙක් මිතුරා ජැක් රසල්- ජැක් රසල් වර්ගයේ සුනඛයන් (Jack Russell) ලොව ජනප්‍රිය සුනඛයන් අතරිත් කුඩා සිරුරක් හිමි ෂතුන් වර්ගයක් -එංගලන්තයේ සම්භවය සිදුවුන බවයි සඳහන් වනනේ - ඉතා දැකුම්කළු සුනඛයන් වන මොවුන් කලබල නැති සුමුදු වූ සත්ව විශේෂයක්- ලොව කුඩා දරුවන්ගේ ආදරයට පත් මෙම සුනඛයින්ගේ පාද අනෙක් සුනඛයන්ට වඩා තරමක් කුඩායි- එනිසා ඇමරිකාව වැනි රටවල වැඩි ඉල්ලුමක් සහ මිලක් ජැක් රසල් වෙනුවෙන් හිමි වෙනවා- ශරීරයේ බර රාත්තල් 13ත් 17ත් අතර ත් ශරීරයේ උස සෙ-මි- 25ත් 30ත් අතර වෙනවා-  දිනපතා මිනිත්තු 40ක් පමණ ව්‍යායාම අවශ්‍යය වන අතර වසර 13ක් 14ක් වැනි අයු කාලයක් ජැක් රසල් සතු යි- ඉවෙන් ගොදුරු අල්ලා ගැනීමට මොවුන් දක්වන්නේ සුවිශේෂී හපන්කමක්- වැඩ කිරීමට දැඩි ආශාවක් ඇති සත්ව විශේෂයක් ලෙස මොවුන් ප්‍රචතලිතයි- 



  • ඩෝබර්මන් වර්ගයේ සුනඛයින්


 මේ ඉන්නේ අනෙක් හැම සත්ත්ව වර්ගයන්ට ම වඩා සුවිශේෂී බලවත් තෙදවත් ආක්‍රමණශීලී ආවේගශීලී සුනඛ විශේෂය නමින් ඩෝර්බමන්- ඩෝබර්මන් වර්ගයේ සුනඛයින් (Doberman) වර්ගය සඳහා නිසි පුහුණුකරණයක් සහ සමාජකරණයක් අවශ්‍යයි- එයට හේතුව මොවුන් ඉක්මණින් ආග්‍රහණය කර ගන්නා සත්ව විශේෂයක් වීමයි-  එනිසා ම මොවුන්ට තරුණ කාලයේ දී නිරන්තර රැකවරණය අත්‍යවශ්‍යයි- සිරුරේ බර රාත්තල් 65ත් 90ත් අතර ප්‍රමාණයක් - පිරිමි සතෙකුගේ උස සෙ-මි- 26ත් 28ත් වන අතර ගැහැණු සතෙකුගේ උස  සෙ-මි-24ත් 26ත් අතර වල්ගය ඉතා කුඩායි- නැමුණු කන් සහිතයි- දිනකට මිනිත්තු 40 ක කාලයක් ව්‍යායාම  කිරීම අත්‍යවශ්‍ය වන මොවුන් අනෙක් සුරතලුන්ය වඩා මදක් සැරපරුෂ බවයි කියැවෙන්නේ- 
ඩොබර්මන් වර්ගයේ සුනඛයන් 
මේ තමයි දැනට වාර්තාවන ජනප්‍රියත ම සුනඛ සුරතළුන් විශේෂ- මේ සත්ත්ව විශේෂ දැනට ඉතා ඉහළ ඉල්ලුමත් සමග ලොව කාගේත් ජනප්‍රසාදයට හිමිකම් කියනවා




No comments: