1809 වසරේ අප්‍රේල් මස පළමු වන දින යුක්‍රේනයේ පොල්ටාවා ප්‍රදේශයේ වෙලිකියේ සොරව්න් වින්ස්කි නමැති ගමේ තමයි නිකොලායි ගොගොල් ඉපදුනේ. ඔහු රුසියානු ගමනාන්තය අපූරු ලෙස පරිකල්පනය කළ පුද්ලගයෙක්. ගොගොල්ගේ පියා සාහිත්‍යයට නාට්‍ය කලාවට ප්‍රිය රසිකයෙක්. එමෙන් ම රංගනයෙන් සිය දක්ෂතා පෙන් වූ අයෙක්. මොහු විසින් රචිත කාව්‍ය සහ රචනාවන් රසිකයන් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වුනා. ගොගොල්ගේ මව මරියා නම් එතරම් කලාවට ආශාවක් කළේ නැහැ. පියා ආගම කෙරෙහි ආදර භක්තියෙන් යුතුව කටයුතු කරන්නියක්. ගොගොල්ගේ සාහිත්‍ය ජීවිතය කෙරේ අතිශයින් බලපෑම්කාරී වුනේ ආගම සහ සාහිත්‍යයි. සිය කුඩා කාලයේදී ම නගරයට පැමිණි ගොගොල් එහි පිහිටි අප්‍රසිද්ධ වීදියක කුලී නිවසක සිට නීතීඥවරයෙකු වීමට ඉගෙනීම් කටයුතු කළා. නීතීඥ වෘත්තියට පිවිසීමට එතරම් අර්ථික පදනමක් නොවූ හෙයින් ලිපිකාර තනතුරක නියැලී මුදල් ඉපැයීමට ඔහුට සිදුවුනා. මෙම රැකියාවේ ඔහු නිතර වීමට ප්‍රධාන හේතුව මුදල් ඉපැයීමට වෙන කිසියම් හෝ මාර්ගයක් නොතිබීම. එහෙයින් ඔහු එම රැකියාවට එතරම් ලැදි බවක් දැක්වුවේ නෑ. නීතිඥයෙකු වීමේ සිහිනය පිළිබඳ කළකිරිණු නිසාවෙන් ගොගොල් ලිපිකරු රැකියාවෙන් ද සමු ගන්නට තීරණය කළා.
සියල්ල අතහැර දමා සිය ග්‍රාමය වෙත අවුදින් නිදහස් මනසකින් කල් ගෙවීමට අවශ්‍ය වූ නිසා ම ග්‍රාමීය සුන්දරත්වය අපූර්ව ලෙස විඳ ගැනීමට ඔහුට අවැසි වුනා. ඉදිරි අනාගතය තමා කුමක් කළ යුතුදැයි සිතු අතරවාරයේ දී ඔහු විසින් ගමේ උපහාසය මුසු කතා ගැන සිතමින් ඒ හාස්‍ය කතා පුවත්පත්වලට ලිව්වා. ඒ නිර්මාණයන් ගොගොල් ලේඛන කලාවට ආගන්තකයෙකු ලෙස පිළිගත්තේ නෑ. එතරම් මිහිරියාවක් ඔහුගේ නිර්මාණ තුළ ගැබ් වී තිබුණා. මෙසේ කතා පුවත්පතට එකතු කළ ආකාරයෙන් ඔහු විසින් සිය ප්‍රථම මුද්‍රණය ‘ඩිනෙක්මා ගම අසල ගොවිපලක සවස් කාලය’ කෘතිය රචනා කළා. ගොගොල් මෙම කෘතිය පිළිබඳ සඳහන් කළේ මගේ කතාවල ඇති හාස්‍ය මගේ අභ්‍යන්තර දිළිඳුකමින් ඇති වූවක් ලෙස. කමුකටොළු මධ්‍යයේ ඇති වූ චිත්ත පීඩාවන් නිසා ම ඔහු හාස්‍ය කතා රචනා කිරීමෙහි යොමු වුනා. දිගින් දිගට ම හාස්‍ය කතා රචනයේ නිරත වූ ඔහු පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් හිමි වුනා. ඒ ඉතිහාසය විෂයට ඔහු දැක් වූ දක්ෂතා මත. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ කාර්යය සඳහා ඉතා ඕනෑකමින් කැප වූ ඔහු විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව සාහිත්‍ය නිර්මාණයන් කෙරේ යොමු වන්නට වුනා. නැවත සාහිත්‍ය නිර්මාණයන්ට යොමු වූ නිසා සිය දෙවන කෘතිය එළි දැක්වීමට ඔහුට එතරම් කලක් ගතවූයේ නෑ. ‘මිර්ගොරොඞ්’ නමින් එළිදැක්වුනා. මෙහි සඳහන් තරාස් බුල්බා නිර්මාණය ඓතිහාසික වීර කාව්‍යක් ලෙස ප්‍රචලිතයි. ශාන්ත පීටර්ස්බර්ග් කතා යනුවෙන් එළිදැක්වූ නිර්මාණය රුසියාව පුරා ප්‍රචලිත වුනා.
ගොගොල්ගේ නවකතා දිවිය ආරම්භ වන්නේ ‘මළ මිනිස්සු’ නවකතාව ඇසුරින්. මෙම කෘතියේ නව සංස්කරණයෙන් පසු ගොගොල් විවේචනය වූ අවස්ථා මෙන් ම ගෞරවයට පත් වූ අවස්ථා ද එමට යි. මෙම කෘතිය ලොව පුරා කාගේත් අවධානයට පත් වූයේ එය පර්වර්තනය වූ නිසා. වල්දිමිලර් නම්බුනාමය, ආදරවන්තයෝ වැනි නිර්මාණයන් ඔහු නාට්‍ය රචකයෙකු ලෙස පරිවර්තනීය වෙනසක් කළා. 1843 දී ඔහු විසින් රචිත රජයේ පරීක්ෂක නිර්මාණය ද ඔහු ප්‍රසිද්ධියට පත් කිරීමේ මං සළකුණක් වුනා. ගොගොල් සිය මව මෙන් ම ආගමට ලැදි පුද්ගලයෙක්. එනිසා ම ගොගොල්ගේ ජීවිතයේ අවසාන කාලය ගත වන්නේ එතරම් සුභ ලෙස නම් නොවේ. 1852 දී ඔහු මිය යන විට උමතුවෙන් සිය කෘතීන් පවා පිළිස්සූ බවයි කියැවෙන්නේ.


No comments:
Post a Comment