ඩක් ඩක් හඬ හිත නොපිරුනත්
කාසි බඳුන පිරෙන තරමට
විගස දෙතොලට සිහි වූ මවගේ කිරි රහ
ඇගේ සෝ බිඳු ගැලූ හf`ඞ් අගේ
දැනේ වීදිය අසල දී මට
ලබන යෞවනයේ
පැටළුව දෑගිලි මතින් දිය බිඳු ගලනා හඬ
ස්වප්නයක් සේ දැනේ මට
උස් දනගේ පා යුග ගැටෙනා හඬින්
වීදිය නිවහන වූ වග කැදවයි
යළිඳු මා වෙත
විගසින් හඬෙහි රැව් කාසි බව වැටහේ මට
අහරේ තරමට කාසි සෑහේ
හිතේ කුකුස ඇති මුත්
හෙට දින වීදියේ යදින්නට යා යුතු
වීදි කොල්ලා වග මඳක් අමතක වීය මට

No comments:
Post a Comment