රටක් මැයි දිනය සමරන වගයි




ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් තමන්ගේ රැකියා කාල සීමාව පැය 8 කට සීමා කිරීමට යැයි ඉල්ලා කළ අරගලයේ දී ඔවුනට තම ඉල්ලීම් දිනාගත හැකිවූයේ ජීවිත පරිත්‍යාගයෙනි.  එනමින් මැයි දිනය කම්කරුවන්ගේ දිනය ලෙස නම් විය. ඒ අනුව කම්කරු දිනය සැමරීම රාජ්‍යයන් තම රටේ කාර්යයක් කර ගෙන ඇත- ලංකාවේ ද කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ දිනය අනුස්මරණය කිරීම සිදුවේ. එනිසා ම මැයි පළමු දින රජයේ නිවාඩු දිනයක් ලෙස  නම් කරයි- ලංකාවේ දේශපාලන පක්ෂ බොහෝමයක් මැයි දිනය සඳහා තම පාක්ෂිකයන් රැගෙන යාම සිදු කරයි. බැලූ බැල්මට එය තම පක්ෂයේ වර්ණ ධජ වැඩි කිරිමක් ලෙස පෙනුන ද එය එසේ ම නොවන්නට පුළුවන. ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් දස දහස් ගණනින් ලොව අතහැර යද්දී සෙලවුණු රුධිරය ශ්වේත වර්ණ ධජ රක්ත වර්ණ කළ බව මතකයේ තබා ගත යුතු ය. අනුස්මරණය පසෙකලා කොළ, නිල් ,රතු සේම වෙනත් වර්ණයන්ගෙන් ද ලාංකිකයන් මැයි දිනය සමරයි. එදිනට පා ගමන් යන හුදී ජනයා තම බඩ කට පුරවා ගන්නේ මැයි දිනයක වටිනාකම අමතක කර දැයි සිතෙනු ඇත.මැයි දිනයේ පා ගමන් වල තමන්ගේ පිරස් වැඩි කර ගැනීමට තතනන ලොකු මිනිස්සු ඕනෑම දෙයක් කරති.මේ වන විටත් කොළඹ අග නගරයේ බොහෝ ස්ථාන කලින් වෙන් කරවා ගෙන ඇත්තේ විවිධ රැස්වීම් පැවැත්වීම සඳහා ය. මැයි දිනයේ පා ගමන් අවසන් වූ සැනින් නැවත ගම් බිම් බලා යන ජනයාට උන් හිටි තැන් ද අමතක වන්නේ ක්ෂණයකිනි. එනම් මැයි දිනය ගෙවී යන්නේ තවත් නව වසරකට පරිසරයේ ආරක්ෂාව බිල්ලට තබා විය හැකි ය. මැයි දිනය අනුස්මරණය කිරීමේ සැබෑ අරුත නොදැනීම ලාංකිකයන් සතු කිනම් අඩුවක්දැයි මෙවර මැයි දින සැමරුමේ දී හෝ  මතකයේ තබා ගත යුත්තකි.
                                                      

                                             

No comments: