ජෝෂප් පුලිස්ටර්ගේ චරිතාපදානය





ජෝෂප් පුලිස්ටර් නම් අපූර්ව මාධ්‍යවේදියාගේ ජීවන ගමන් මග ආරම්භ වන්නේ වර්ෂ 1847 අප්‍රේල් 10 වන දින හංගේරියාවේදී.

ජර්මන් රෝමානු කතෝලික ආගමෙන් හා යුදෙව් සම්භවයක් සහිත ධනවත් ධාන්‍ය වෙළෙන්ක්‍කුට පුත් ව ඔහුගේ උපත සිදුවිය. ජර්මන් සහ ප්‍රංශ භාෂාවෙහි චතුර කථිකයෙකු වූ පුලිස්ටර් ඉංග්‍රීසි භාෂාව කථිකත්වයෙහිලා දැක්වූයේ අපූරු දක්ෂතාවයක්සි.ය තරුණ කාලයේ දී කොටළුවන් දක්කන්නෙක්, නාට්ටාමියෙක් ලෙස ගමන් මළු රැගෙන යන්නෙක් ලෙස ගකියාවන්ගෙන් අත්දැකීම් ලද මොහු වානිජකරණයත් සමග සිය අධ්‍යාපන මංපෙත් සොයා යන්නේ ඉංග්‍රීසි භාෂාවෙහි හා නීතිය හැදෑරීමෙහි කුසලතාවය ප්‍රගුණ කරමින. පුලිස්ටර්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සිදුවන්නේ පුස්තකාලයක චෙස් කාමරයක් ඇතුළතයි- ඒ සිය ප්‍රථම පුවත්පත් වාර්තාකරණය ඇරඹීමට ඇතිවුණු ලැදි බවෙන්.

වසර හතරකට පසුව එනම් 1872 වසරේ දී පුලිස්ටර් සිය තරුණ කාලයේ ආරම්භයේ දී ම ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අතර එය එතරම් සාර්ථක උත්සාහයක් ලෙස සිදු වූයේ නැත. එයට හේතුව වන්නට ඇත්තේ බංකොලොත් ව්‍යාපාරියෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමත් සමගයි. නමුත් පුලිස්ටර්ගේ ගමන් මග ඔහුට අවුරුදු 25 පමණ වන විට වෙනස් මගකට යොමු කළේ ය. ඒ සඳහා ස්ව උත්සාහයෙන් ව්‍යාපාරිකයෙක් ලෙසත් මාධ්‍ය වෘත්තිකයෙකු ලෙසත් ආරම්භ කළ ප්‍රයත්නය ජනප්‍රිය ලෙස සාර්ථකත්වයට පත් විය.ජෝෂප් පුලිස්ටර්ගේ ගමන් මගේ තීරණාත්මක හැරවුම් ලක්ෂය වන්නේ ඔහු වොෂිංටනයේ රෙපෙරමාදු පල්ලියේ දී විවාහ වීමත් සමගයි. ඉන් පසු ඇමරිකාවේ පුරවැසියෙක් බවට පත් වන්නේ අද්විතීය ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ලේඛකයෙකු හා සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කිරීමත් සමගයි.ඇමරිකාවට පැමිණීමත් සමග ඔහුගේ ජීවන රටාව ද යම් වෙනසකට ලක් විය.පුලිස්ටර් ජනප්‍රිය පුවත්පත් වාර්තාකරුවකු ලෙස බවට වන්නේ ගවේෂණාත්මක වාර්තාකරණයෙන් රාජ්‍යයේ සහ එරට පාතාල කල්ලි වල රහස් අපූරු ලෙස හෙළි කිරීමෙන් අනතුරුවයි.දැනට ලෝකයේ ජනමාධ්‍යවේදීන් සඳහා ලබා දෙන පුලිස්ටර් සම්මානයේ ආරම්භයත් ඔහුගේ ගවේෂණාත්මක වාර්තාකරණයෙන් ලැබුනකි. සිය පුවත්පත් වාර්තාකරණයේ දීර්ඝව නිරත වුූණු පුලිස්ටර්ට අනපේක්ෂිත අක්ෂි රෝගාබාධයක් සඳහා මුහුණ දෙන්නට සිදු විය.1912 වසරේ පුලිස්ටර්ගේ වියෝවෙන් අනතුරුව කොලොම්බියානු විශ්වවිද්‍යාලය විසින් ප්‍රථම වරට එනම් 1917 දී මාධ්‍යවේදීන් සඳහා පුලිස්ටර් සම්මානය ලබා දීම ආරම්භ කරන්නේ ජෝෂප් පුලිස්ටර් නම් අද්විතීය මාධ්‍යවේදියා සිහි කිරීම උදෙසා ය.

No comments: