1864 වසරේ දී තම ජීවිතය පටන් ගැන්ම සනිටුහන් කරන ධර්පමපාල නම් චරිතයට දැනට වසර ගණනාවක් පිරී ඇති බවට යළිත් සිහිපත් කිරීමේ කාලය මෙවසරේත් ඇරඹෙන වගයි.වසර 1880 දී ස්ටීල් ඕල්කට්තුමාගේ ලංකාගමනත් සමග සිය දේශපේ‍්‍රමි කර්තව්‍යය ඇරඹූ ධර්මපාලතුමන් සිය ජීවිතයෙන් වැඩි කාලසීමාවක් සිහල දේශය බුදු සමය රැුකුමට ගත් තැත අදටත් විප්ලවයකි. සිය රට දේ සිරි සැප දේ යනුවෙන් පර දේශයන්ගේ සියලූ ක‍්‍රියාවන්ට එකහෙළා විරුද්ධ නොවූ ධර්මපාල චින්තනය ජාතිවාදී අදහස් පළ කළ බවට චෝදනා ද නැතුවා නොවේ. සැබැවින් ධර්මපාලතුමන් ජාතිවාදී අදහස් දැරුවෙක් බැව් හැ`ගුනත් එතුමා කිසිදු ජාතිවාදී මත දැරුවෙක් නොවේ. ධර්මපාලතුමන් සිය චිනත්්තනය මෙහෙයවූයේ දේශීයත්වය අගය කළ යුත්තක් බවට පසක් කරමිනි. සිංහලයන්ට අවදි වන්නට එතුමා ගත් ක‍්‍රියාමාර්ග අදටත් එකසේ වලංගු වන්නේ තවමත් රටක් ජාතියක් නොමැතිව අපරාජිතයන් සේ සිටිනා දනන්හට අකුරු කියා දෙන්නට මෙනි. වරෙක සිහලයන්ට උගත් බවේ අගය කියා දුන් ධර්මපාලතුමන් ”ඉන්දියාවේ රික්සොකාරයා රික්සො එකේ යන ගමන් පත්තර කියවනවා. තොපි මොනවද කරන්නේ”වැනි රළු වදනින් ඇමතීම ය. එය කාලයේ අවශ්‍යතාවයක් විය. එය සත්‍යකාලීන හා සර්වකාලීන විය. ධර්මපාල චින්තනය ජන්ම දිනයට පමණක් සීමා කළ යුත්තක් ද? නැත. එතුමාගේ ගුණ වැනීමට වඩා එතුමා ගෙන ගිය චින්තනමය විප්ලවය යළිත් ක‍්‍රියාත්මක කිරීම අවැසි වන යුගයක් එළඹ ඇත. ජනයාගේ චින්තනය වෙනස් කිරීම එතරම් පහසු කර්තව්‍යක් නොවන්නා සේම එය එතරම් අපහසු ද නොවේ. ධර්මපාල රුවට මල් මාලා පැළදිමට තබන ඉඩ ධර්මපාල චින්තනය ප‍්‍රායෝගික කරවීමට යෙදවීම එතුමන්ට සිදු කරන ගෞරවයකි
සුලක්ෂි රත්නායක

No comments:
Post a Comment