දිසාපාමොක් ඇදුරිදු සිය දියණිය මනමේ කුමරුට පාවා දෙන්නේ ශිෂ්‍යා ගෝලයා පිළිබද වූ විශ්වාසය හෙයින්. ගුත්තිල මූසිල වීනා වයන්නේ ගුරු සිසු සබැදියාවේ අග‍්‍රඵලය සිහි කැදවමින්. එවැනි යුගයන්ගේ අවසානයේ නූතනත්වය තුළ මුල් බැස ගෙන වත්මන් යුගයේ අධ්‍යාපනය දක්වා එහි වර්ධනීය යුග පසු කරන්නට දැන් පටන් ගෙන. ප‍්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ද්විතියික අධ්‍යාපනය සතර ඉගෙන ගන්නට පා නගන බොහෝ දරුවන් සිය සරසවි ජීවිතයට පා නගන්නේ තම අධ්‍යාපන මංපෙත් ඉදිරියට යෑමේ අධිෂ්ඨානය තමන් සතු කරගෙන . සැබැවින් ම විශ්වවිද්‍යාලයේ සිප් කරන්නේ ශිෂ්‍යයෙක් ද? නොදන්නා දෙයක් කාගෙන් හෝ ඉගෙන ගන්නවානම් ඔහු හෝ ඇය ශිෂ්‍යයෙක්. ඒ සදහා පන්ති භේද උස්පහත් භේද නොවේ. එයින් හැගවෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ගුරුවරයා කියන ඕනෑම දෙයක් පිළිපැදිය යුතු බව ද? නැත. වැඩිහිටියන්ට ගරු කළ යුතු බව වැඩිහිටි සිසුන් පළමු වසරේ දී ම කියා දෙන පාඩම සිත්හි තබා ගැනීම වටී. සරසවි බිම රැුකියා සොයන මංපෙතක් පමණක් නොවේ. එය අකුරු කරන පාසලකි. එය අමතක කර නොදන්නා සේ බලා සිටීම උගත් විද්‍යාර්ථියෙකු සතු නොවිය යුතුයි. යමක් කියා දෙන්නට දේශනශාලා වෙත පැමිණෙන ඇදුරාට ගරු කිරීම නොකළ යුත්තක් ලෙස කෙනෙක් පවසනවා නම් ඔහු සැබෑ උගතෙක් නොවනු ඇත
මිනිසුන් සියලූදෙනාගේ ම අභිලාශයන් ඒකාකාරී නොවේ. එය සැබෑව. නමුත් පොදු වූ අවශ්‍යතාවන් සියලූ දෙනා සතු විය යුතුම ය. විශ්වවිද්‍යාල දේශන ස`දහා ගරුකරන්නෙක් ලෙස විද්‍යාර්ථියා හැ`දින්විය නොහැක. පෙර පාසලේත් පාසල් අධ්‍යාපනයේත් ඇදුරිදුගේ අසුනට ගරු කළ සමාජයක් විද්‍යාර්ථියාගේ උප සංස්කෘතිය තුළ ඔහුට හිමි ද?. හිමිකම් පිළිබ`ද කථිකාවන් නගන බොහෝ දෙනා වගවීම් වගකීම් පිළිබ`ද ව කථිකාවක් නොවේ. ලැබිය යුතු දේ පිළිබ`ද ව මිස ඉටුවිය යුත්තක් පිළිබ`දව අදහසක් නොවේ. සරසවි සිසුවා උගත් අයෙකු වීමට නම් ඔහු අධ්‍යාපනයෙන් පමණක් පෝෂණය විය යුතු නොවේ. සැබෑ සිසුවා ගුරුවරයාට ගරු කළ යුත්තෙක් විය යුතුයි. දේශනශාලාවට පැමිණෙන ඇදුරුතුමාට සිය අසුනෙන් හෝ ගරු කරන්නට මානසිකත්වයක් සරසවි සිසුවා තුළ ගොඩනැගිය යුතුයි. ගැටුම කෝලාහල ඉල්ලීම් දිනා ගැනීමට අමතරව සිසුවෙකු සිය අධයාපන චින්තනය සකසා ගැනීම වැදගත් කාල වකවානුවක් සේ හැගේ. මෙවර ගුරු දිනයේදීවත් ආචාර්යවරයා හා විද්‍යාර්ථියා අතර සබදතාව යළි ගොඩනැගිය යුතුයි. සරසවි සිසුවා සගවා සිටින සිය චිනතන සම්ප‍්‍රදායේ ඔහු නිදහස් විය යුතු කලක්. ගුරු දිනය නිමිත්තෙන් අප සමරන්නේ කුමක් ද? එහි සැබෑ යථාර්ථය කුමක්දැයි උගත් විද්‍යාර්ථියන් ලෙස සිහි කැ`දවා ගැනීම උගතතුන්ගේ යුතුකමකි. එය වගවීමක් ලෙස හෝ සිත්හි තබා ගැනීම මෙවර ගුරු උපහාරයක් ලෙස වටිනාකමකි. මානව ශිෂ්ටාචාරයේ පෙරගමන්කරුවා ගුරුවරයා ය. හෙටට උචිත මිනිසා පිළිබ`ද ව සිතා බලා අද දිනට අවශ්‍ය දැනුම, ආකල්ප ,කුසලතා ලබාදෙන්නා ගුරුවරයායි. සෑම සාර්ථක පුද්ගලයෙකු ම පිටුපස හො`ද ගුරුවරයෙකු සිටී. ජාතියට දැනුම ලබා දෙන්නේ ඔහු ය. එවැනි ගුරුවරයාට සැළකීම ස`දහා ගුරු දිනය පමණක් සැමරීම විද්‍යාර්ථියෙකුගේ වගකීම ද?

No comments:
Post a Comment