සාහිත්‍යමය නිර්මාණයන්ගෙන් නිර්වචනය ලද ළමයා යනු කව්රුන් ද? ”නීතිය මඟින් අඩු වයසක දී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18 ට සියලූ මනුෂ්‍යයන් ළමුන් ”බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් ප‍්‍රඥප්තියේ දැක්වේ. ජනශ‍්‍රැතියෙන් ප‍්‍රාග් ඓතිහාසික සාක්ෂි ඔස්සේ පසක් වන පරිදි දඩයම් යුගයෙන් ඇරඹි මානවයා නම් සත්ත්වයාගේ නොනිමි ගමන විවිධ යුගයන් මධ්‍යයේ වර්තමානයේ කාර්මික විප්ලවය තාක්‍ෂණික විප්ලවයන් පසු කොට සඳ තරණය කිරීම් අභ්‍යවකාශ ජනාවාසීකරණය තෙක් ප‍්‍රවර්ධනය වී ඇත්තේ විශ්මයජනක අයුරිනි. බුද්ධිමත් සාක්ෂරතාවයෙන් අග තැන්පත් මිනිස් ශිෂ්ටාචාරය අද තීරණාත්මක සංදිස්ථානයක් වෙත එළඹ ඇත. එනම් වසර දහස් ගණනක් තිස්සේ සිය ප‍්‍රවර්තනය උදෙසා උරදුන් සමාජ සාරධර්ම හා ගුණදම් පද්ධතිය තව දුරටත් තමා සතුව පවත්වාගන්නවාද නැද්ද යන්නයි. එම පැනයට කදිම පිළිතුර වන්නේ නැත යන්නයි. සමාජීය කථිකාවතේ දරුවා යන වචනාර්ථය ප‍්‍රශ්නකාරී ය. හේතු වන්නේ ලොව අපගාමී චර්යාවන් වල ඉහළ යෑම යි. ළමා අපචාර සම්බන්ධයෙන් ලොව වූ සංගණන ඔස්සේ නැගෙනහිර හා දකුණු ආසියාතික රාජ්‍යයන් ප‍්‍රමුඛත්වයට පත්ව ඇත. අනාධිමත් කාලයක සිට ශ‍්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හිමි රටක් විය. ආක‍්‍රමණික විදේශීය බලපෑම් හා වෙනත් සාධක නිසා ඇති වූ සදාචාරාත්මක පිරිහීම තුළ අද වන විට ළමුන්ගේ යහපැවැත්ම දෙමව්පියන්ට ද සමාජයට ද බරපතල ගැටලූවක් ව හමාර යx මෙවන් වූ සමාජ තත්වයන් මත ළමා අපයෝජනය සියවස් ගණනක් පුරා රහසේ ව්‍යාප්ත වෙමින් පැවති උවදුරක් වුව ද එය බරපතල සමාජ පිළිලයක් බව හඳුනාගෙන ඊට එරෙහි වීමට තරම් අවධානය යොමු වූයේ මෑත දශක කීපයක සිට ය. ශ‍්‍රී ලංකාව තුළ ළමා කායික දණ්ඩනය වරදක් බවත් ළමා ලිංගික අපයෝජනය බරපතල වරදක් බවටත් 90 දශකයේ මුල් භාගයේදී හඳුනා ගන්නා ලදී.
වත්මන් සමාජයේ දරුවාගේ ආරක්ෂාව හා සංවර්ධනය සම්බන්ධයෙන් විවිධ ගැටලූ පැන නැගී ඇති බැවින් පෝෂණය අධ්‍යාපනය විවේකය ඇතුලූ මූලික අයිතිවාසිකම් සියල්ල ඔහුගෙන් කෙමෙන් කෙමෙන් ගිලිහී යනු ඇති. දරුවන් අයිති දරුවන්ට යි. දෙමව්පියන් ලෙස ද සංවිධිත සමාජය ලෙස ද ඔවුන් සම්බන්ධයෙන් ඔවුන් ලොකු මහත් වන තුරු තීරණ ගන්නා වග සැබෑව එහෙත් ඔවුන්ගේ ඉරණම ම අනතුරේ හෙලන තීරණ ගන්නට අයිතියක් තිබේ ද? ඒකපාර්ශවීය සංවර්ධන මාදිලියේ අනපේක්ෂිත ප‍්‍රතිඵලයන් සේ ඉස්මතු වන සමාජීය අපගමනයන් හා මනෝභාවයන් හෙයින් ළමා අපචාර සිදුවනවායැ යි උපකල්පනය කළ හැක. ලාංකීය සමාජයේ මෑත කාලීනව වාර්තා වූ බොහොමයක් වූ ළමා අපචාරයන් සඳහා එක් තීරණාත්මක සාධකය වූයේ් ජනමාධ්‍ය යි. ජනමාධ්‍යක වගකීම පවා අමතක කොට ඇති යුගයක නව මාධ්‍ය ද ඒ සඳහා වක‍්‍ර ව බලපෑම්කාරකයෙක් ව හමාරය. බොහෝ ළමා අපචාරයන්ට දෙමව්පියන්ගේ වගවීම ඍජුව බලපෑම් වීය. ආසියාතිකයන් වන අපට දෙමව්පිය දුදරු සම්බන්ධය මුණ ගැසෙන්නේ බුදුන් දවස සිඟාලෝවාද සූත‍්‍රයෙනි. කෙතරම් වූ ඉතිහාසයක උරුමයන් තිබුන ද දරුවන්ගේ ඉරණම ශෝකාලාපයක් සේ පන්හිඳෙන් ලියන්නට සිදුවේ ද? ජෛව විද්‍යාත්මක වශයෙන් ස්වභාවික ස්වජාතීය භක්ෂකයන් වූ මානවයාගෙන් පැවත එන නූතන මානවයන් වන අප දරුවන් ආහාරයට නොගන්නේ බුද්ධි විකාශනයට අනුරූපි ලෙස මිනිස් සමාජය දරුවන් කෙරෙහි දක්වන්නා වූ සෙනෙහස නිසා විය යුතු ය. එම ස්නේහය අද කොතරම් දුරට දරුවන් වෙතින් ඉවත් ව ඇත්දැයි මෙවර ළමා දිනයේ දී හෝ සිතා බලනු කාලයේ අවැසි බවකි.

No comments:
Post a Comment