
රක්ත වර්ණ දිය දහරාවන්
ගං`ගාවන් සේ සෑදූ
මීමුතුන් වූ රූස්ස වෘක්ෂයන්
දේවත්වයෙන් තැනූ යුගයක
සොබා දහමේ අපූර්ව ගීතයන්
තැනෙන යුගයක
පරිසරය සිරිසරය යැයි උදම් වනමු
රතු රුධිරය ජල දහරාවන් වූ වග
සැණකින් අමතක වූවන්
මුතුන් මිත්තන් වෘක්ෂලතා වූ වග
විගසින් මතක් කළ වුන්
සහෘදත්වයේ ජීවීන් වූ සියොතුන්
කුසට අහරක් වූ යුග පෙරළියක
පරිසරය සිරිසරය යැයි කියනු කෙසේ ද?
සුලක්ෂි රත්නායක
No comments:
Post a Comment