කල්පයක විරාමය
නොසෑහෙන අදිටනින්
ජීවයක පහස ලද
නිම්තෙරක රසය සොයාගත්
මුග්ධභාවයේ අඳුරු වලාපට
නිමාවේදෝ
කල්පයක විරාමයෙන්
වියතුන්ගේ රුදුරු වාගාලාප
දුහුනන්ගේ වියරු ශෝකාලාප
මළවුන්ගේ නිවුනු හද තුළ
කොර ගගා ඉගිලෙන්නේ
කල්පයක විරාමයෙන්
යොවුනන්ගේ සොදුරු පෙම්බස්
සබදකමේ රුපැරු බැම්මෙන්
දැවි දැවි නිවි නිවි යන දින
කල්පයක විරාමය
No comments:
Post a Comment