මං තාම ඉතිිරියි


මං තාම ඉතිරියි



හුදු ගැහැනියක් වූ ඇය 
මවක් වූවා මා නිසා
පිරිමියෙක් පමණක් වූ ඔහු
පියෙක් වූවා මා නිසා
වසරක් ගෙවුනා පමණකි
හය හතර නොතේරේ මට 
කුමක් සිදුවිදෝ කියා 
”වැන්ඳඹුව” යැයි
ගම්මු මවට ඇමතූවා
පියා අප අතහැර ගොස් වග දැනුනේ එවිටයි
අප තනිකඩ වූවා පමණයි
දෙවසරක් ගෙවුනා
හය හතර තේරේ මට 
ඇය වියෝ වූවා යැයි දැනුනා 
ජීවය අතරමං වූවා සැනෙකින්
විගසින් සිහිවූවා 
”මං තවම ඉතිරියි ”කියා





No comments: