එක මව් ඇකයේ ලොව දුටුවා
පිය පහසක අසිරිය නොදුටු නමුත්
ජීවය ඇරඹුනා යැයි සිතුනා
දෙතොලෙහි සිනාවක් නොමැති මුත්
සිව් වසරක් ගෙවුනා මතකයි
දෑස අඳුරේ තිබූ නමුත්
”ඔහු අන්ඳයි” කියා ඇසුනා
දෙනෙත රහසේ හැඬූ නමුත්
අඳුර සබඳ වූ විගස
කඳුළු සැගවුනා
ලොවේ රසඳුන් නොපෙනෙනා මුත්
කුසුමක පහස රහසේ වින්දා
දෑස නොපෙනෙනා මුත්
හද සෝ්දුක් පැදි පෙළක ලියවුනා
හද රහසේ මිතුරා වූ නිසා

No comments:
Post a Comment