ලොව තාක්ෂණයේ දියුණුවෙන් ඇරඹි නිර්මාණයන්ගේ දායාදයන් තවමත් යාවත්කාලීන කොට රැගෙන යාම මිනිසාට ම උරුම වූ අපූර්ව ශක්‍යතාවයකි. ලොව නිර්මාණයනගේ ආරම්භය සිදුවන්නේ උත්සාහයන්ගේ ඵලයන් ලෙස ය.විටෙක අහඹු සිදුවීම් ලෙස නැත්නම් පර්යේෂණයන් වල අත්හදා බැලීම් ලෙස නිර්මාණයන් ලොවට දායාද වේ. ඒ අනුව මෙම සිදුවීම සිදුවන්නේ පර්යේෂණයන්ගේ අත්හදා බැලීම් ලෙස සිදු වූ අහඹු කාල පරිච්ඡේදයකදී ය. මෙම විශේෂාංගය වෙන්වන්නේ ලොව සෑම පුද්ගලයෙකුට ම බලපෑම්කාරී වන්නා වූ කාලගුණ වාර්තාකරණයේ ඇරඹුම සහ විකාශය වෙනුවෙනි.
අනාවැකියක් මඟින් සිදුවන්නේ අනාගතයේ සිදුවන සිදුවීමක් පිළිබඳ තතු හෙළි කිරීමකි. එම තතු හෙළි කිරීම විද්‍යාත්මක පදනමකින් යුතුව සිදුවනවානම් එය වාස්ථවිකත්වයෙන් ඉහළ යැයි නිගමනය කිරීම සාධාරණය. සාමාන්‍ය අනාවැකියකට වඩා කාලගුණය පිළිබඳ අනාවැකි වැදගත් වන්නේ එය සෑම පුද්ගලයෙකුට ම එකසේ බලපෑම්කාරී වන නිසා ය. ජීවිත දේපල හානි අවම කර ගැනීමටත් කාලගුණය සම්බන්ධව මහජනයා දැනුවත් කිරීම සඳහාත් කාලගුණ වාර්තාකරණය අත්‍යවශ්‍ය වනු ඇත.
මිට වසර 150 කට ආසන්න කාලසීමාවක දී ලොව ප්‍රථම කාලගුණ වාර්තාකරණය සිදුවීය.ඒ වර්ෂ 1861 අගෝස්තු මස පළමු දිනය සන්නිවේදන ක්ෂේත්‍රයේ දියුණුවත් සමඟ මිනිසාට තොරතුරු ලබා දීමේ අවශ්‍යතාවය අත්‍යවශ්‍ය වූ යුගයක ප්‍රථම කාලගුණ වාර්තාකරණය සිදුවිය- බි්‍රතාන්‍ය නාවික නිළධාරීන් දෙදෙනෙක් වන ෆැන්සිස් බියැෆර්ට්(Francis Beaufort) සහ ඔහුගේ ශිෂ්‍යයෙකු වූ රොබට් ෆිට්ස්රෝයි විසින් කාලගුණ විද්‍යාව සහ නව තාක්ෂණය පිළිබඳ කළ පර්යේෂණයන් ඇසුරෙන් ප්‍රතිඵලයක් ලෙස කාලගුණය වාර්තාකරණයක කාලීන අවශ්‍යතාවය මතුවිය. ෆිට්ස්රෝයි විසින් නවතම බැරෝමිටරය සොයා ගැනීමත් සමඟ කාලගුණික තොරතුරු මුහුදු නාවිකයන්ට සන්නිවේදනය කිරීම සඳහා කාලගුණික සන්නිවේදනය අත්‍යවශ්‍ය විය.වර්ෂ 1855 සිට 1860 දක්වා වූ අතර කාලයේ බි්‍රතාන්‍යයේ දී 7201 ක මිනිස් ජීවිත ප්‍රමාණයක් සහ 7402 නැව් ප්‍රමාණයක් මුහුදුබත් වූ අවස්ථාව ෆිට්ස්රෝයි හට කාලගුණය වාර්තාකරණයේ අවශ්‍යතාව ඉක්මණ් කරන්නක් විය.ඒ අතරින් ද 1859 දී වේල්ස් වෙරළට ඔබ්බෙහි දරුණු කුණාටුවකින් ජීවිත 450 ක් විනාශ වීමත් සමඟ කාලගුණය වාර්තාකරණය නොමැති විය යුත්තක් බැවින් විය. ඒ අනුව වර්ෂ 1861 දී ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පතට ප්‍රථම කාලගුණ වාර්තාව ෆිට්ස්රෝයි විසින් සපයන ලදී. එහි සඳහන් වූයේ මෙසේ ය.
මෙම අනාවැකියෙන් පසු ෆිට්ස්රෝයිගේ කාලගුණ අනාවැකි බි්‍රතාන්‍ය පුරා ජනප්‍රිය විය. සියයට සීයක් ම අනාවැකි සාර්ථක නොවුනත් පිළිගත හැකි මට්ටමේ සත්‍යතාවක් එම පුවත් සතු විය. නමුත් ෆිට්ස්රෝයිට කාලගුණ වාර්තාකරණය එතරම් සාර්ථකව ලෙස කරගෙන යාමට නොහැකි විය. ඔහුගේ වාර්තාවන් සත්‍ය වාර්තාවන් නොවන බැව් තහවුරු වූ වහාම එරට ධීවරයන් මුහුදු ගමන් අඩපන වන හෙයින් ෆිට්ස්රෝයි ප්‍රතික්ෂේප කරන ලදී.
ලොවට අත්‍යවශ්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇරඹූ රොබට් ෆිට්ස්රෝයිහට වැරදි කාලගුණ වාර්තා ඵල කරන්නෙකු ලෙස චෝදනා ලබන්නට සිදුවිය. මේ පිළිබඳ දැඩි ලෙස කනස්සල්ලට පත් වූ ෆිට්ස්රෝයි වර්ෂ 1865 දී සිය දිවි නසා ගත්තේ ය. නමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යය එතෙකින් අවසන් නොවීය. සන්නිවේදනයේ දියුණුවත් සමඟ ම ගුවන්විදුලිය , රූපවාහිනිය වැනි මාධ්‍යන්ගේ බිහිවීම කාලගුණය වාර්තාකරණයේ නව මානයන් පුළුල් කරන්නක් වීය. කාලගුණ වාර්තාකරණයේ නිම් වළළු 21 වෙනි සියවස වන විට ලොව පුරා ව්‍යාප්ත වන්නේ තාක්ෂණය සමගාමිව ඉදිරියට ගමන් කරමිනි. කාලගුණ වාර්තාකරණය ලොව ජනයාට පහසුකම් සපයමින් ඉදිරියට පිය නැගීම රොබට් ෆිට්ස්රෝයි ලොවට කළ සේවය අගය කරන්නක් වැනි ය.
සුලක්ෂි රත්නායක
අන්තර්ජාලය ඇසුරිනි

No comments:
Post a Comment