යශෝධරාවකගේ අබිනික්මණ




දිනක උදාව ඉරට  කවටකම් කළ දවසක්
උදේ වරුවට ආලය කළ  දිනක්
රාත්‍රිය  එළඹෙන්නේ  කවදාදැයි
ඇඟිලි ගනිමින්  සිටි

තවත් ප්‍රේමවන්තයෙකුගේ ආගමනය.
අඳුරු කුටියක  දොරගුළු  මතින්
රුව නොදුටුවෙමි
ගතෙහි පහස පමණක් වින්දෙමි
හෝරා දෙකක ආලය  නිමාවිය
යශෝධරාවක් කොට මා
ඔහු පලාගියා

ඔහු එක් සිදුහත් චරිතයක් නොවුනත්
 අබිනික්මණක් වූවා
දිනක රැය අඩ අඳුරේ ගෙවුනා
යලි දිනක ඇරඹුම
තවත් ප්‍රේමවන්තයෙකගේ පහසින්

සිරුරේ පහස හුරු පුරුදු නොවුනත්
දැනුනා සේ සිටියා
හෝරාවක ආලය නිමාවිය
දිනක ඇරඹුම තවත් ප්‍රේමවන්තයෙකගේ
අබිනික්මණක්  ඇරඹුමත් සමඟ

අඳුරු කුටියෙන් පලා යන්නට සිතුනත්
අබිනික්මණක්යැයි සිතා
ආගන්තුකයා තනි නොකර  සිටින්නම් මා
හෝරාවේ ආලය නිමාවන තුරු
                                                         සුලක්ෂි රත්නායක




No comments: