රට රජුන්ගේ නොව කිරුළ රජුන්ගේ
වග නොදන්නා සේ
මහමග ගයන්නට මාද එක් ව ඇත
මා වැනි ම වූවන් බස් රියේ දී
බැන වදිනවා දනිමි
එ් ඔවුනට ගමන ප‍්‍රමාද වන බැවින්,
රජ්ජුරුවන්ගේ කොඩිය ඔසවා
මගේ ගමන පමා වුවත් කම් නැත
ඒ උජාරුව මට ආශ්චර්යක් නොවේ ද
රතිඤ්ඤා හ`ඩ පාද යාත‍්‍රාවේ දොස් වහනවා නම්
අනුන් කුමක් කීවා කම් නැත
සුලක්ෂි රත්නායක

No comments:
Post a Comment