අපුරැ මානවයා

අපූරු මානවයෙක්



මෙම මිනිස් කොට්ඨාසයේ පරිණාමය සිදුවන්නේ ඉතා මෑත දශකයේ ය. 20 වන සියවසෙන් පසුව නව තාක්ෂණය මිනිසා හා සමීප වීමේ ඵලයක් ලෙස හුදකලා නම් මිනිසාගේ ආරම්භය සිදුවිය. ඔහු සාමාන්‍ය මිනිස් කොට්ඨාසයෙන් වෙනස් වන්නේ ඔවුන් සබඳතා පවත්වන්නේ සාමාන්‍ය මිනිසුන් සමඟ නොවීමයි.හුදකලා මිනිසාගේ සබඳතා පවත්වන්නන් වන්නේ තාක්ෂණික උපකරණයන් ය.තාක්ෂණික උපකරණ අතරින් ඔවුන් වඩාත් ම පි‍්‍රය කරන්නේ ජංගම දුරකථනයට යි. ඒ අනුව හුදකලා මිනිසාගේ ගජ මිතුරා වන්නේ ජංගම දුරකථනය යි. තාක්ෂණික ලොවින් මිනිසා කෙතරම් ඉදිරියට පා නැගුවත් මානව ගුණාංගයන්ගෙන් සුපෝෂිත නොවීම ලොවක අභාග්‍ය තීරණය වන්නකි. හුදකලා මිනිසා තමන්ගේ මිතුරා බවට පත්කරගන්නා දුරකථන මිතුරා ඔහුට කෙතරම් බලපෑම්කාරීදැයි ඔහු ම නොදනී.නොදැනුවත්ව ම තම නිදි යහනේ පවා තම මිතුරා අත් නොහැරීම හේතු කොටගෙන ලොව බොහෝමයක් ජීවිත අකාලයේ මියැදුණ බැව් අමතක නොකළ යුතු ය.
 හුදකලා මිනිසාගේ පරිණාමය මෑතක නොවන්නා සේම ඔවුන්ගේ අවසානය ද මෑතක නොවන බැව් සිහියේ තබා ගත යුත්තකි. පවුලේ සබඳතා පවා ගිලිහී ගිය අනාගතයක්  දායාද කරවීමේ තාක්ෂණයට අප බැඳී සිටින බව දැනගැනීමෙන් ක‍්‍රියා කිරීම නුවණට හුරු කාලයේ උගත්කමක් සේ හැෙඟ් රටක දියුණුව ස`දහා අවැසි වන්නේ හුදකලාවන් නොව උගත්, බුද්ධිමත් ,නිරෝගී  ජනතාවක්  බැව් මතකයේ තබා ගත යුත්තකි.

   සුලක්ෂි රත්නායක
                                              
                                         

No comments: