විද්‍යාර්ථයාගේ අවුරුද්ද


විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ සිට දේශනශාලා වෙත ෆයිල් කවරය අතැතිව එන විද්‍යාර්ථීන්ගේ මෙදින කතා බහ අලූත් අවුරුද්දයි.වසරක් ගෙවී තවත් වසරක උදාව යනු ළමයින් තරුණ වීමත් තරුණයන් වැඩිහිටි වීමත් වැඩිහිටියන් මරණාසන්න වීමත් ය. විද්‍යාර්ථීන්ගේ නම් ප‍්‍රථම වසරයන් දෙවන වසරයන් වීමත් දෙවන වසරයන් තෙවන හා සිවුවන වසරට එක්වීමත් ය.විද්‍යාර්ථයාගේ අවුරුද්දත් අපූරු අවුරුද්දකිx ප‍්‍රථම අධ්‍යයන වර්ෂය ඇරඹුනාත් සමඟ ම ඔවුනට සැමරීමට ලැබෙන පළමු උත්සවය සිංහල දෙමළ අලූත් අවුරුද්දයි .ගමෙන් කොළඹට එන විද්‍යාර්ථීන්ගේ මෙවර මහපොළ වෙන්වන්නේ අලූත් ඇඳුම් මිලදී ගැනීමට යි. එනිසා ම  වෙළඳසැල් හරි අඩක් පිරී ඉතිරෙන්නේ විද්‍යාර්ථීන්ගෙනි. අලූත් අවුරුද්දක බලාපොරොත්තුව සමගිය හා සහෝදරත්වය දිගු කලකට පවත්වා ගැනීමයි. ඒ අනුව කලින් තිබූ අසමගිකම් දුරු කරගැනීමේ අවස්ථාවක් ඔවුනට උදාවේ.ඒ අනුව වසර අතර තිබූ අසමගිකම්  දුරු කර ගැනීමේ අවකාශය ලැබෙනු ඇත. දෙමව්පියන් දරුවන් අතර ගුරුවරයන් ශිෂ්‍යයන් අතර ස්වාමියන් සේවකයන් අතර සේම විද්‍යාර්ථීන් ආචාර්යවරුන් අතරත් එකිනෙකාට ගරු කරගැනීම මෙවර අලූත් අවුරුද්දේ  සුභ නිමිත්තක් වුවහොත්   විද්‍යාර්ථයාගේ අවුරුද්ද තවත් සුභ වේවි. අලූත් අවුරුද්දට නෑගම් යන්නට ඇති නිසාදෝ පරණ අවුරුද්දේ විද්‍යාර්ථීන්ගේ සුපුරුදු මහමඟ පෝළිම් යන අවුරුදු ක‍්‍රීඩාව බක් මහේ නම් සිදු නොවේවි. සිසු හඬ පරයා සරසවි අතර කොහාගේ හඬින් පමණක් මෙවර අලූත් අවුරුද්ද ඇරඹීම විද්‍යාර්ථීන්ගේ නවමු ප‍්‍රාර්ථනය යි.

සුලක්ෂි රත්නායක


No comments: