මහජන නියෝජිතයෙක් වෙමි
ජනතාවගේ කාමච්ඡුන්දය පසෙකලා දුන් ඡන්දයත් රැගෙන පළාතයේ ප‍්‍රථමයා වී ඔවුන් නියෝජනයට උත්තරීතර සභාවට ගිය අයෙක්මි. පිරුවට ඇ`දගෙන ජනතාවාදී ප‍්‍රකාශනයක අයිතිය හඬගා කියන්නට කැඩපතක් මා ඉදිරියේ ඇති බව නිරතුරුව සිහියේ තබා ගත යුත්තකි. මා ජනතාවගේ කැඩපතයි මාගේ කැඩපත ද ඔවුන් වග මා නිතර සිහිකර ගත යුතුය. මව්බිම ගිනි ගනිද්දී මාගේ වගකීම විය යුත්තේ වීණා වැයීම නොවේ. අහිංසක ජනයාගේ ඡුන්දයෙන් උත්තරීතර සභාවට මා පත් කළ ඈයන්ට කිරුළ රජුන්ගේ රට මිනිසුන්ගේ බැව් මතක් කර දීම වැදගත් කොට සලකමි.
උත්තරීතර සභා මැද කුළල් කා ගැනීමට මට අවශ්‍ය නොවේ නූගත් පිරිසක් මැද උගත් මුග්ධයෙකු ලෙස හැසිරීම ද අහිංසක ජනයා අනුමත නොකරන්නක් බැව් මා දනී ලොවක් ඉදිරියේ උගතෙකු ලෙස මුලා නොවී නූගතෙකුගේ ජවනිකාව ර`ගන්නට මට උවමනා නොවේ. මාගේ පැතුම රටක පැතුම වග සිහිනෙනුදු මා තිගැස්සෙන්නේ මහජන නියෝජිතයෙකුගේ භූමිකාව යළිත් මතක් කර දෙමිනි. එලෙසින් ජනයාගේ ශුභ සිද්ධිය සොයන මම මහජන නියෝජිතයෙක් වෙමි
සුලක්ෂි රත්නායක

No comments:
Post a Comment