සිව් වසරක උගත් බවේ සරසවියෙන්
නිවස බලා ආපහු පැමිණි වගයි
උගත්කම නම් උපාධිය ගැන්මට
ඔබ නොකළක් නොමැති වග මා දනිමි
නොගිය පා ගමනක් නැතුවාද නොවේ
මා මෙන් පිළටව උඩ බලා සිටින
අනෙක් වූ උගතුන් ද සිහි තබා ගත යුත්තකි
පිළේ පැදුරවත් රැුක ගන්නට උගත්කමක් ඇත්නම් ?
හ`ඩගා කියන්නට ඇති කරුණකි
අපේ කටට ටොපි චොකොලට් වැටෙනකම්
බලා නොයිද යුතු කාලයකි මේ
ගාන්ධීන්වත් මහින්ද හිමියන්වත් යළි නොඑන වග
මතකයේ තබා ගත යුතු
පිිල් කඬේ පිහිටවත් ඔබට තිබුනොත් යෙහෙකි
එයත් නොවන්නට
පිලේ පැදුරත් උගත්කම සම`ග හොරු අරගෙන ගියාවේ
සුලක්ෂි රත්නායක

No comments:
Post a Comment