පරිවර්තකයාගේ සමුගැන්ම

අපර බසෙන් පෙර බසට
අනුවාදෙන් අකුරු බැඳි
අපූරු සබඳ ලියන්නා
නික්ම ගිය වගයි
එතෙර යා නොහැකි දන
හද බසෙන් එක්තැන් කොට
තෝල්ස්තෝයි ගෝර්කි
කැඩපත මුවට 
හෙළ බසෙන් මැවූ රූපකයා විය
සමුගැන්ම පුස්තතකයෙන්
වෙන්වීම නොවන වග
නොදැනුණු දැනණු ඔබ පන්හිද
තුඩින් රඟන්නට බලා සිටී
යුද්ධය හා සාමය නැවත ලියන්නට--------


No comments: