ආතරයිටීස්, pressure වලට මිදි


සෞම්‍ය දේශගුණය සහිත යුරෝපා රටවල උපත ලද මිදි ශ්‍රි ලාංකිකයන් හඳුන්වන්නේ පොහොසතුන්ගේ පලතුරක් ලෙස. තම රුව අලංකාර කර ගත හැකිවා සේම වෙළඳපොළේ මිල අධික පලතුරක් ලෙස මිදි හඳුන්වනවා. මිදි වල අන්තර්ගත වෙලා තියෙන ආයුර්වේදමය ගුණය සහ පෝෂණමය ගුණය නිසා මිදි කන්න හැමෝ ම වගේ දක්වන්නේ අපූරු කැමැත්තක්. 

මිදි වල අන්තර්ගත ගුණයන් බොහොමයක් අතරින් වාතය, පිත සමනය කිරීමට හැකි බව මතයයි.  පිපාසය සන්සිඳවීමේ අපූරු ගුණයකුත් මිදි සතුයි. නිතර ඇතිවන සිරුරේ දැවිල්ල සහ උෂ්ණ අවස්ථාවල දී මිදි යුෂ පානය කිරීම වැදගත් කියල කියනවා. ඒ වගේ ම සෙම සමනය කිරීමේ ගුණය මිදි සතුයි. ආමාශය ශක්තිමත් කිරීමට මිදි පලතුරට පුළුවන්. අපි හැමෝට ම තියෙන ප්‍රශ්නයක් තමයි ඇස් පෙනීම වයසට යනකොට අඩු වෙනවා කියන එක. ඇත්තෙන් ම ආයුර්වේදයේ සඳහන් වෙනවා මිදි යුෂ පානය කිරීම ඇස් පෙනීම දියුණු කරන බව. විටමින් සී, මැග්නීසියම්, වැනි පෝෂක අඩංගු වන නිසා  සිරුරට අවශ්‍ය පෝෂණය නොමදව ලබා දීමේ අපූරු ගුණයක් මිදි සතුයි. ඇඹුල් රසට අමතරව පැණී රසෙන් අනූන නිසා තව තවත් ආකර්ෂණීය පලතුරක් ලෙස මිදි හඳුනා ගන්නවා. මිදි වල පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සිරුරට පෝෂණය සපයනවාට අමතරව ලෙඩ රෝග වලින් ආරක්ෂාව සැපයීමටත් මිදි වලට හැකියි. ශරීරයේ ශක්තිය වර්ධනය කරන අතර පිළිකා නාශක ගුණයක් ඇති පලතුරක්. ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමේ හැකියාවකුත් තියෙනවා. රුධිර නාල ගත රෝග වලින් ආරක්ෂාව සපයයි. අධි රුධිර පීඩනය අඩු කිරීමට උපයෝගී වෙනවා. එසේ සිදු වන්නේ මෙහි පොටෑසියම් බහුල වීම නිසා සෝඩියම් උරා ගැනීම අඩුවෙන් සිදුවන බැවින්. මිදි වල කෙඳි සහිත බව වැඩි අතර ජල ප්‍රතිශතය ද වැඩියෙන් අඩංගුයි. එනිසා මලබද්ධය දුරු කිරීමේ හැකියාවක් මිදි පලතුර  සතුයි . ආයුර්වේදයේ නම් තියෙන්නේ කෙට්ටු ශරීර තියෙන අයට මිදි යුෂ හොඳයි කියල. විවිධ වර්ග වල මිදි තියෙනවා. 

කොළ, කලු ,රතු ගෙඩි වලින්. කලු මිදි වල වැඩි විටමින් ප්‍රමාණයක් අඩංගු බව සඳහන්. පහසුවෙන් කෑම දිරවන පලතුරක් ලෙස මිදි වැදගත් වෙනවා. ප්‍රෝටීන, මේදය, විටමින් සී, විටමින් ඒ ,යකඩ වගේ පෝෂ්‍ය පදාර්ථ අඩංගු නිසා ශරීරයට අවශ්‍ය ශක්තිය අපිට ලැබෙන එක් උපක්‍රමයක් මේ. 
ස්නායු රෝගීන්ට හිතකර වගේ ම රුධිර වාහිනි  ශක්තිමත් කිරීමේ හැකියාව නිසා රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකිරීත්වය ශක්තිමත් කරන්නට මිදි වලින් පුළුවන්. උගුර ආශ්‍රිත රෝග ආදියට ගුණදායකයි. උදරයේ දැවිල්ල , උණ, ක්ෂය රෝගය , සෙංගමාලය , ඇදුම , වමනය , ශරීර තරබාරුව අඩු කිරීම සඳහා ගුණ ලබා දෙනවා. ආමාශයේ අම්ල තත්ත්වය අඩුකොට ආහාර ජීරණය පහසු කරනවා. ආයුර්වේද ග්‍රන්ථ වල සඳහන් වන්නේ මිදි වල අඩංගු වාජීකරණ ගුණය වයස් ගත වීම වළක්වා තරුණ බව ගත දෙන බවයි. මිදි යුෂ මිලි ලීටර් 300ක් පානය කිරීමෙන් රක්තහීනතාවය පාලනය වන බැව් සඳහන් වෙනවා. මිදි වල අඩංගු මැලික්, සිට්රික්, ටාටරික් ආදී අම්ල මගින් රුධිරය පිරිසිදු වේ. ආතරයිටීස් රෝග තත්ත්වන්ට ගුණදායක වේ.


මිදි කිව්ව ගමන් අපිට මතක් වෙන දෙයක් තමයි වයින් කියන්නේ. හැබැයි මිදි වලින් වයින් හදනවට අමතරව විශේෂ කෑම හදනවා වගේ ම ගුණදායක පලතුරක් විදියටයි හඳුන්වන්නේ. මීට අමතරව salad, salsa, grapes pie  වගේ ම jelly කියන්නේ ලොව ජනප්‍රියතම කෑම වර්ග. අපි මේ හැම පලතුරක් ආහාරයට ගන්න කොට ම හිතන්න ඕන තමන්ගේ ශරීර සෞඛ්‍යකට කෙතරම් හිතකර ද කියල. ඕනෑ ම පලතුරක ගුණ වගේ ම නුගුණත් තිනෙවා. වඩා වැදගත් වෙන්නේ අපේ ශරීරයේ පෝෂණය හා නිරෝගී බව  පමණයි.




No comments: