දිවියේ දැකීම් පරිචයන් කොට ගත් ජේ. කේ. රොලින්




සිය ජීවිතයේ පරිචයන් තුළින් ලේඛන කලාව පෝෂණය කරන ලොව බොහෝ කලාකරුවන්ගේ ජීවිතය එතරම් සුන්දර අයුරින් ගත වූයේ නැත. ඒ හේතුව නිසාවෙන් ම ඔවුන් ලබා ගත් පරිචයන් පාඨකයන් වෙත ලයාන්විතව තිළිණ කිරීමට ඔවුන් තුළ වූයේ නිසඟ පෙළඹවීමකි. එවන් වූ ගමන් මඟක් රැගෙන ගිය සංවේදී ලේඛිකාවක් වශයෙන් ජේ. කේ. රොලින් හඳුන්වයි. ගුවන් යානා ඉංජිනේරුවරයෙකු වූ පීටර් ජේම්ස් රොලින් ඇයගේ පියා වූ අතර මව විද්‍යා හා තාක්ෂණික ශිල්පිනියක වූවා ය. රොලින්ගේ උපත සිදුවන්නේ 1965 ජූලි 31 වන දින එංගලන්තයේ ග්ලූෂෙස්ටර්ෂයර් හිදී ය. ඇය කුඩා කළ සිට ලේඛිකාවක් වීමේ අභිලාෂය උරුම කර නොගත් නිසා ම ඇය මේ ක්ෂේත්‍රයට යොමු වූ ඇති බැව් බොහෝ දෙනාගේ අදහසයි. ඇය කුඩා කළ සිට සිය මිත්තණියට ආදරය කළ කෙනෙකි. කුඩා කළ සිට අධ්‍යාපන කටයුතුවලට ඇය දැක්වූ දක්ෂතාව අනෙක් අයගෙන් ඇය වෙන්කර ගැනීමේ සාධකයක් විය. රොලින්ට ඇයගේ සම වයසේ සහෝදරියක් විය. සොයුරිය කතන්දර කීමට දැක්වූ ලැදිබව නිසා ම ඇය සඳහා පොත් රචනා කර දීමට රෝලින් කැමැත්තක් දැක්වී ය. 
ඇයගේ ද්විතියක අධ්‍යාපනයෙන් පසුව ඇයගේ නැන්දනිය විසින් ඇයට ලබා දෙන කෘතීන් රොලින් විසින් නිතර පරිශීලනය කරන්නට විය. ඇගේ තරුණ වයසේ දී මවට ඇති වූ ඇති වූ අසනීප තත්ත්වය හෙයින් නිතර කණස්සල්ලට පත්විය. රොලින්ගේ පියා තම පවුලෙන් ඉවත් වීමේ කණස්සල්ල ද ඇගේ සිතෙහි විය. මෙම දුෂකරතාවන් ඇයගේ ජීවිතයට පන්නරයක් එක් කරන්නට විය. ඇය කුඩා කළ සිට තමන්ගේ උත්සාහයෙන් නැඟී සිටීමට තැත් දරන්නියක් විය. එනිසා ම දුප්පත්කම හොදින් හඳුනාගෙන මතු අනාගතය සාර්ථක කර ගැනීමේ අභිලාශය ඇය සතු විය. කුඩා කළ සිට ම අද්භූත කතා කියවීමටත් ලිවීමටත් ප්‍රිය කළ රොලින් උපාධිය නිම කිරීමෙන් පසු රාජ්‍ය නොවන සංවිධානයක ලේකම්වරියක් වශයෙන් සේවය කළා ය. පසුව ඇය ඉංග්‍රීසි ගුරුවරියක් වශයෙන් ද සේවය කළා ය. ඒ සඳහා 1992 වසරේ දී ඇයට පෘතුගාලයට පැමිණීමට සිදු විය. එහි දී ජෝර්ජ් අර්න්ටන් නැමැති මාධ්‍යවේදියා සමඟ විවාහ වූ රොලීන් 1993 දී ඔහුගෙන් දික්කසාද වූවා ය. ඇය නැවත වරක් නීල් මයිකල් නැමැති වෛද්‍යවරයෙකු සමඟ විවාහ විය.  

ලොව ලේඛිකාවන් අතර වැඩි ම මුදලක් ගෙවනු ලබන ලේඛිකාවන්ගේ ලේඛනයට ඇගේ නාමය ද අලුත් නොවී ය. ඇයගේ ලේඛන දිවියේ පිවිසුම සිදුවන්නේ අපූර්ව ලෙසට ය. 1990 වසරේ දී ඇය මැන්චෙස්ටර් සිට ලන්ඩනයට ඒම සඳහා දුම්රියපොළට පැමිණියා ය. පැය හතරක් ප්‍රමාද වී දුම්රිය පිටත් වන බව ඇයට දැනගන්නට ලැබුණු අතර මේ පැය හතර ගත කිරන ආකාරය පිළිබඳ ඇය විසින් සිතන්නට වීය. මෙසේ කල්පනාවේ සිටින අතරතුර පාසල් යන කුඩා දරුවෙකුගේ කතාවක් ඇගේ සිතට නැගින. මේ කතාව ඇයගේ විවේක කාලය පුරාවට පොතක සටහන් විය. ඇය මේ කතාව රචනා කිරරීම සඳහා නිතර අවන්හලකට යෑමට පුරුදු විය. ඇය මෙලෙස රචනා කරන අතරතුර හැරී නමින් පෙර නම් කළ තිබූ කෘතිය ඇය විසින් හැරී පෝටර් ලෙස අද්භූත ප්‍රබන්ධයක් වශයෙන් රචනා කරන්නට විය. රොලීන්ගේ මුල් නම ජොනී ජෝ රොලීන් ය. ඇය ජේ. කේ. රොලින් ලෙස හඳින්වූයේ හැරී පෝටර් කෘති රචනා කිරීමෙන් පසුව ය. Harry Potter and the Philosopher's Stone  කෘතිය 1997 වසරේ දී ඇගේ පළමු කෘතිය එළිදැක්වී ය.  2007 වසරේ දී Potter and the Deathly Hallows කෘතිය ද, ඇය විසින් රචනා කරන්නට විය. 2013 දී The Cuckoo's Calling  කෘතියත්  2014 දී The Silkworm   2015 දී Career of Evil  කෘතියත් රෝලින් විසින් පාඨකයන් විශාල පිරිසක් තමා වෙත ඇඳ බැඳ තබා ගැනීමට සමත් විය.


No comments: