BRICS ලෝක බැංකුවට එරෙහි වෙලා ද?



ආර්ථිකය සමාන ස්ථරවලින් පවතින රාජ්‍යන්ගේ ප්‍රධානත්වයෙන් BRICS සංගමය ආරම්භ වන්නේ 2001 වසරේ දී ජිම් ඕනෙයිල් නම් ආර්ථික විද්‍යාඥයාගේ ප්‍රධානත්වයෙනි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල් එකතුවෙන් මෙම සංවිධානය ආරම්භ කර ඇත. BRICS හි සාමාජික රාජ්‍යන්හි ආරාධනයෙන් 2010 වසරේ දී දකුණු අප්‍රිකාව මෙහි සාමාජිකත්වය සඳහා එකතු වීය. ඒ අනුව මේ වන විට BRICS සංගමයේ සාමාජිකත්වය රටවල් 5ක් විසින් හොබවනු ලබයි. 


BRICS සංගමයේ අරමුණු වශයෙන් ඔවුන් දක්වන්නේ විශ්වීය සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය සැපයීමත්, ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකයක් ගොඩනැගීමේ අරමුණෙන් ප්‍රතිපත්ති සැකසීමත්, තිරසාර සංවර්ධනය උදෙසා ලෝක ආර්ථිකය හමුවේ පවතින ගැටලු වන දුප්පත්කම,කුසගින්න සහ ආපදාවන් ද විශේෂයෙන් ආහාර ගැටලුව විසඳීම සඳහා මූල්‍යමය ආධාර ලබා දීමත් ය. මෙම සංවිධානය විසින් වසරකට වරක් රැස්වී ඒ ඒ රාජ්‍යන්හි ආර්ථිකය හා ගෝලීය දේශපාලනය හා ආර්ථිකය සම්බන්ධ බෙහෝ කාරණාවන් සාකච්ඡා කරන අතර 2009 වසරේ දී මෙම සංවිධානය විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ ප්‍රකාශයෙන් BRICS සාමාජික රාජ්‍යන්හි ගෝලීය මූල්‍යමය අතිරික්තය සම්බන්ධ කරුණු ඉදිරිපත් කෙරුණි.  2011 දී මෙම සංවිධානය විසින් Sanya ප්‍රකාශය නමින් ඉදිරිපත් කෙරුණු ක්‍රියාකාරී සැලැස්ම චීනයේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 2012 වසරේ දී ඉදිරිපත් වූ ඒකාබද්ධ ප්‍රකාශය මඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජනය ශක්තිමත් කිරීමට කටයුතු යෙදීම සහ නව සංවර්ධන බැංකුවක් පිහිටවීම සඳහා යොජනා ඉදිරිපත් විය. එමෙන් ම ඩොලර් වෙනුවට සාමාජික රටවල මුදල් ඒකක හරහා ගණුදෙනු කිරීම පහසු කිරීම සඳහා යෝජනා ඉදිරිපත් විය. ඒ අතර ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවට වඩා සහනදායී කොන්දේසි යටතේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ආධාර ලබාදීමට මෙමගින් කටයුතු කරයි. ඉදිරි වසර සඳහා මෙම සංවිධානය විසින් මූදල් ආයෝජනය කිරීමට කටයුතු කර ඇත. මේ වන විට සමස්ත ලෝක ජනතාවගෙන් අඩකටත් ආසන්න ප්‍රමාණයක් මෙම සංවිධානයට ඇතුළත් වන් අතර සාමාජික රාජ්‍යන්ගේ සමස්ත ආර්ථිකයේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් ටි්‍රලියන 16. 6 ක් වේ. සමස්ත විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 4 කට වඩා වැඩි බව ගණනය කොට ඇත. ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් 37 % ක් ද, ලෝක වෙළඳාමෙන් 17 % ක්ද  න් සංවිධානය කරන රාජ්‍යන් සතුව පවතී. 2016 වසරේ දී පැවැති 8 වන BRICS සමුළුවේ සභාපතීත්වය ඉන්දියාව විසින් හිමි කර ගන්නා ලදී. එම සමුළුවේ තේමාව වූයේ ප්‍රතිචාරාත්මක, සියල්ල ඇතුළුවන් සාමූහික විසඳුම් ගොඩනැගීම යන්නයි. එමෙන් ම මෙම සමුළුවේ දී BRICS සංවර්ධන බැංකුව, සෞඛ්‍ය, තිරසාර සංවර්ධනය, පිරිසිදු හා හරිත බලශක්ති යන අංශ පිළිබඳ අවධානයට යොමුවිය. දියුණු වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික මූල්‍ය ආයතනවල සමාන නියෝජන ඉඩ ප්‍රස්ථා ලබා ගැනීම කේන්ද්‍ර කර ගනිමින් BRICS සංවිධානය ලෝක දේශපාලනය සහ ආර්ථිකය තුළ විශේෂ අවධානයක් දිනාගෙන ඇත. මෙමස 3, 4 සහ 5 වන දින චීනයේ ප්‍රධානත්වයෙන් නව වන වරට BRICS සමුළුව පැවැත්විය. මෙවර BRICS සමුළුවේ දී චීනය සිය ස්ථාවරත්වය ප්‍රකාශ කර සිටියේ මෙම සමුළුව හරහා ආර්ථික මට්ටමින් අවම පහසුකම් පවතින රටවල ආර්ථික අර්බුද කෙරෙහි තමන් මැදිහක් වන බවයි. ඉන්දියාව සහ චීනය අතර විශේෂ සාකච්ඡා පවත්වමින් දීර්ඝකාලීන ආර්ථික වැඩපිළිවෙලක් සඳහා අවශ්‍ය යොජනා ඉදිරිපත් විය. ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන්  මෙම සමුළුව ලංකාවට කුමන ආකාරයක බලපෑමක්  සිදු කරයි ද?  යන්න අවධානය යොමු කළ යුතු වේ.  


No comments: