රසයෙන් සරි ගුණයෙන් පිරි අලිපේර




 කොළ පාට පලතුරු ගුණයෙන් වැඩි කියල කතාවක් තියෙනවා. මේ පලතුර නම් අපි හැමෝ ම අතරේ ජනප්‍රියයි. අලිගැටපේර නැත්නම් පොඩි පෙයාර්ස් කියලත් කියන්නේ මේ පලතුරට . දකුණු දිග මෙක්සිකෝවේ තමයි අලිගැටපේර වල උපන් රට . පලතුරු අතරින් අලිගැටපේර තරම් ගුණදායක පලතුරක් නැති තරම්. මේදය ගොඩක් මේ පලතුරේ තියෙනවා කියලත් කියනවා. 

ගොඩක් අය හිතනවා අලිපේර වල මේදය තියෙනවනම් මහත් වෙන්න අවධානමක් තියෙයි කියල. අලිපේර වල තියෙන මේදය ඉහළ වුනාට අපේ කැලරි ප්‍රමාණයයි පිෂ්ඨධාතු ප්‍රමාණය ඉහළ ගියත් සීනි ප්‍රමාණය ඉහළ යන්නෑ කියලයි කියන්නේ. අලිපේර ගෙඩි භාගයක් ඇතුළේ කැලරි 150 ක ශක්තියක් තියෙනවලු. අලිගැටපේර නිතර කෑවොත් හදවතට ගුණදායක බව වෛද්‍යවරුත් කියනවා. පිළිකා නාශකයක් ලෙසත් අලිගැටපේර ජනප්‍රියයි. අලිගැටපේර මදයට වඩා පෝෂණීය අලිපේර ඇටය. එකේ තියෙන පෝෂ්‍ය පදාර්ථ වෙන එක පලතුරකවත් නෑ. ඇත්තට ම ප්‍රතිඔක්සිකාරක සියයට 70 වක් ම තියෙන්නේ අලිපේර ඇටයේ. දන්නව ද ? අලිපේර ඇට තම්බලා තේ පානයත් එක්ක එකට ගත්තම හරි ම රසයි. වගේ ම ගුණයි. අලිගැටපේර වල මැග්නීසියම්, පොටෑසියම්, vitamin C" vitamin B කාබෝහයිටිග්‍රේට් යන පෝෂ්‍ය පදාර්ථ අඩංගුයි. පොටෑසියම් නිසා pressure හැදෙන එක වැළකෙනවා. අලිගැටපේර තන්තු බොහෝමයක් අඩංගුයි. ඒ නිසා sugger    ඇතිවෙන්නෙත් නෑ. අලිගැටපේර වල තියෙනවා ඔලෙයික් අම්ලය . ඒ අම්ලය මගින් වකුගඩු ආබාධ ඇතිවෙන එක නැතිවෙනවා.හදිසියේ බඬේ අමාරුවක් හැදුනොත් මේ පලතුරට පුළුවන් ඒකත්  නැති කරන්න.අධික තරබාරුකම ඔබට දැන් ප්‍රශ්නයක් වෙන්නේ ම නෑ. දත්වේදනාව නැති කරන්න සුදුසු ම බේතක් තමයි මේ.
මූණේ පැහැය වැඩි කරගන්න අපි නොකරන දෙයක් නෑනේ. ඇයි බොරු වියදම්. අපිට පුළුවන්නේ මේ පලතුරෙන් මූණ පැහැපත් කරගන්න. ඒ විතරක් නෙවේ. ඇස් වටේ කලු වෙනවට අලිගැටපේර හොඳ බෙහෙතක්. ඇග උණුසුම් කරනවට හොඳ විසඳුමක් මේක. හිස කෙස් කලු කරගන්න අපි වියදම් කරන මුදලින් අලිපේර ගෙඩියක් ගත්තොත් මොකුත් නෑ. හමේ රෝගයක් හැදුන ම ඒක හො`ඳ වෙනකල් අපිට නින්ද යන්නෑ. ඉතින්  හම දුර්වර්ණ වුනා ම පුළුවන් ඒක නැති කරගන්න. හිස්හොරි වලින් ඔබත් පීඩා විඳිනවනම් අලිපේර වලට පුළුවන් හිස්හොරි නැති කරල සෞම්‍ය හිසකෙස් ලබා දෙන්න. 
 අලිගැටපේර වලින් අපි හිතනවට වඩා කෑම ගොඩක් හදන්න පුළුවන්. අලිපේර egg pizza කියන්නේ ලෝකේ ම ජනප්‍රිය කෑමක්. ඇත්තම ට මේegg pizza එකේ කිරි රසට කවුරුත් කැමති. මේ egg pizza හදනකොට  අලිපේර වල ගුණයට කිසි ම හානියක් වෙන්නේ නෑ. අපි විවිධ දේවල් වලින් හදන cake වර්ග කනවද? මේ පලතුරෙන් හදන කේක් එකක රස අත්හදා බලන්න. ඒවා රසයි වගේ ම ගුණයි. ඔබ fruit juice  බොන්න කැමතිනම් ගෙදරදී ම හදාගන්න පුළුවන් පානයක් මේක. අලිපේර වලින් හදන තව කෑම ගොඩක් තියෙනවා. අලිපේර green salad  එකත් ඕනෑ ම කෑමක් එක්ක කන්න පුළුවන්. අලිපේර වලින් හදන ice cream කන්න හැමෝ ම කැමතියි.avocado pasta දැක්ක ගමන් කන්න ආස හිතෙනවා. avocado egg role ටිකක් සැර වුනාට හරි ම රසයි.  mascarpone,  dream cream dessert, pudding ,smoothies ,veggie burger ,avocado hummus, salsa, bacon avocado grilled cheese, chilled avocado soup වගේ කෑම ජාති ගොඩක් හදනවා මේ පලතුරෙන් . 


No comments: