කවුද මේ ඩැනියෙල් ස්ටීල්

  

තම අත්දැකීම් සත්‍ය වූ ආකාරයෙන් පරිකල්පනයන් ලෙස ගොඩනගාගැනීම බොහෝ ලේඛකයන් සතු වූවක් වුවත් තමන්ගේ පෞද්ගලික ජීවිතය සිය නිර්මාණයන් වෙත සමීප නොකරන්නන් ද ලොව සිටින බවට සාක්ෂියක් සපයන ලේඛිකාවක් ලෙස ඩැනියෙල් ස්ටීල් හඳුන්වයි. ස්ව නිර්මාණයන් පෙර නොවූ විරූ ලෙසින් එක්තැන් කිරීමේ මාධ්‍ය ලෙස ලොව බොහෝ පුද්ගලයන් තෝරාගන්නේ පෑන සියතට ගැනීමයි. එයින් නොනැවතී පෑන අවියක් කරගන්නා බොහෝ නිර්මාණකරුවන් ලේඛකයන් වහයෙන් හඳුනා ගැනීමට පහසු වේ. ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණයන් කතා ලෙස නැතහොත් වෙනත් මාධ්‍යක් මගින් පාපොච්චාරණය කිරීම ඒ ඒ පුද්ගලයා සතු කෞෂල්‍යයේ එක් පැතිකඩකි. එහි දී තමන්ගේ කෞශල්‍ය පාඨක සිත්හි රඳවන්නට බොහෝ පිරිසෙන් සීමිත පිරිසකට පමණක් හැකියාව ලැබෙනු ඇත. එවන් ලේඛිකාවක් වශයෙන් ඩැනියෙල් ස්ටීල් නම් දරා ඇත. 1947 වර්ෂයේ අගෝස්තු 14 වන දින ඇමරිකාවේ උපත ලද ඩැනියෙල් දක්ෂ ලෝක ප්‍රසිද්ධ ලේඛිකාවක් වශයෙන් හඳුනා ගැනේ. 


ඇගේ කුඩා කළ තොරතුරු හෝ පෞද්ගලික ජීවිතයේ තතු කිසිඳු තැනක සටහන් නොකරීමට වගා බලා ගත් නමුත් ඇගේ කුඩා කාලයට එතරම් විශේෂයකින් නොගෙවුණු නමුත්  ඇගේ විවාහ ජීවිතය එතරම් සාර්ථක නොවූ බව දැක්වීමට ඇ යමැලි නොවී ය. ඇයගේ බොහෝ කෘතීන්හි ජීවිතයේ ධනාත්මක පැතිකඩ නිරූපිත අතර ජීවිතයේ කම්කටොලු සහ ආන්දෝලනාත්මක සිදුවීම් ඇය විසින් හිතාමතා ම සිය කෘතීන් තුළින් පළවාහැර ඇති බව ඇය විසින් රචිත කෘති සාක්ෂි පසයයි. ලොව නවකතා අතුරින් සිය නවකතාවන් වැඩි ම අලෙවියක් සහිත කෘතීන් බවට පත්කරගැනීමට බොහෝ ලේඛකයන් සමත් වුවත් ලේඛිකාවන් එය තමන් සතු කරගැනීම අපූර්ව විය හැක. ස්ටීල් යනු මෙතෙක් ලොව පුරා වැඩි ම අලෙවියක් ඇති ලේඛකයන් හතරදෙනාට ඇතුළත් ලේඛිකාවකි. ඒ මිලියන 800 කට අධික අලෙවියනි. නවකතා මෙන් ම ළමා ප්‍රබන්ධ හා කාව්‍ය ග්‍රන්ථ රචනයෙහි ඇය දක්වන කෞෂල්‍ය ලොව බොහෝ පාඨකයන් අතර තමන්ගේ නිර්මාණයන් බැබැළවීමට හේතු විය. ලොව භාෂා 28 කට ඇගේ කෘතීන් පරිවර්තනය වීම ඇයගේ කෘති ජනප්‍රිය වීම යන්නෙහි සාධකයකි. ඇගේ නවකතා පාදක කරගෙන රූපවාහිනී කතාන්දර 22ක් මේ වන විට නිර්මාණය වී ඇත. ස්ටීල් විසින් මේ වන විට රචනා කර ඇති නවකතා සංඛ්‍යාව ප්‍රමාණාත්මකව 104 කට ආසන්න ප්‍රමාණයකි. 
ඇගේ බොහෝ නිර්මාණයන් සඳහා පාදක වන්නේ පවුල් ආදරය සහ මානව සබඳකම් වේ. ඇගේ පළමු නවකතාව රචනා වන්නේ 1972 වසරේ දී ය. දික්කසාද වුණු මවකගේ ජීවිත කතාව මෙම කෘතිය ඔස්සේ කියැවේ.  Passion's Promise සහ Now and Forever යන නවකතා ඇය විසින් රචනා කරන්නේ වර්ෂ 1978 දී ය. The Promise, Season of Passion,Summer's End වැනි කෘතීන් ලොව පුරා කාගේත් ජනප්‍රියත්වයට හේතු වී ඇත. මේ වන විටත්  ඇය විසින් සිය නිර්මාණකරණයහෙි නිම වී සිටින්නේ ලොව පාඨක සිත්හි සිය නම රඳවමිනි. 

No comments: