ෂර්ලොක් හෝම්ස් මැවූ කොනන් ඩොයිලි





ප්‍රබන්ධයන් නොවූ කතාමාලාවන් පාඨකන් වෙත සමීප වන්නේ අපූර්ව ආකාරයෙනි. එවන් කතා මාලාවන් වැළඳගන්නා පාඨකයන් විසින් ගොඩනගාගන්නා සමීප බව නිසාවෙන් කතාතරුවන්ගේ ආඛ්‍යානය සැකසෙන බව මතයයි. එවන් වූ ලොව කීර්තියට පත් කතුවරයෙක් ස්කොට්ලන්තයේ උපත ලබයි. ඔහු ආතර් කොනන් ඩොයිලි වේ.  1859 මැයි මස ස්කොට්ලන්තයේ එඩින්බර්ග් නගරයේ කොනන් ඩොයිලිගේ උපත සිදුවිය. අයර්ලන්තයේ කතෝලික පවුලක් උරුම කොට ගෙන උපත ලද නිසා ම ඔහුට ආගම දහම පිළිබඳ කුඩා කළ සිට ම දැඩි භක්තියක් නොතිබුනා නොවිය හැක. ඩොයිලිගේ පියා ද දක්ෂ කලාකරුවෙක් විය. ඔහුගේ මව ද කලාවට ලැදි තැනැත්තියකි. ඩොයිලිගේ පවුල ධනවත් වූ නිසා ම ඔහුගේ අධ්‍යාපන කටයුතු වලට නිරන්තර වියදමක් සහ මැදිහත්වීමක් ඔහුගේ පවුලෙන් සිදුවිය. ඔහුගේ මාමා විසින් කොනන්ගේ අධ්‍යාපනික වියදම් කෙරෙහි මැදිහත් වීමක් සිදු කරන ලදී.  ඩොයිලි කුඩා කාලයේ අධ්‍යාපනය හැදෑරුවේ එංගලන්තයේ පාසලක් වූ නිසා ඔහු එම පාසල හැඳින්වූයේ බෝඩිං පාසල ලෙසයි. එම පාසලේ අධ්‍යාපනය හදාරන කාලය වන විට ඔහුට අත්විඳීමට සිදු වූ දුක්ඛදායක සිදුවීම් බොහෝමයකි. ඒ අතුරින් ඔහුව කම්පා කරන සුළු සිදුවීම වූයේ කැරලිකාර හමුදාවන් විසින් සිය පාසලට එල්ල කළ ප්‍රහාරයන් වේ. මේ සියලු සිදුවීම් හමුවේ ඩොයිලි විසින් සිය විඩාව හා චිත්තවේගය නිවාලනු පිණිස ඔහුගේ මවට තමන් පිළිබඳ ලිපි ලිවීම ආරම්භ කළේ ය. 

එමෙන් ම විවිධ ක්‍රීඩාවන්හි නිරත වීමට ඔහු හුරු විය. ඒ අතරින් ඔහු වඩාත් කැමැත්තක් දැක්වූයේ ක්‍රිකට් සඳහා ය. බෝඩිං පාසලේ ගත කරන ජීවිතය තුළ ඔහු වඩාත් ජනප්‍රිය වූයේ කතා කියන්නෙකු ලෙසයි. එමෙන් ම ඔහු විසින් ගොතා කියන බොහෝ කතාන්දර ඇසීමට ශිෂ්‍යන් කැමැත්තක් දැක්වී ය. 1876 වසරේ දී එනම් ඔහුගේ වයස අවුරුදු 17 වන විට කොනන් යන නාමයෙන් ඔහුව හැඳින්වීමට පටන් ගන්නා ලදී. ඔහු විසින් නිරන්තරයෙන් සිය ලේඛනවල දක්වා තිබෙන්නේ ඔහුගේ පාසල් කාලයේ අත්දැකීම් ඔහු ලේඛකයෙකු වීමෙහිලා අත්පොත් තැබූ බවයි. ඩොයිලිගේ ගමන් මග ඔහු ලේඛකයෙකු නොවී වෛද්‍ය විද්‍යාත්මක පදනමකින් ග්‍රන්ථ රචනා කරන්නකු දක්වා ගෙන ගියේ ඩොක්ටර් වොලර් විසිනි. ඔහු විසින්  ඩොක්ටර් වොලර්ගේ අධ්‍යයනයන් නිතර පරිහරණය කිරීම පුරුදුදක් කර ගත්තේ ය. ඩොයිලි එඩිම්බර්ග් විශ්වවිද්‍යාලය ඇතුළත් වූ නිසා ම බොහෝ ලේඛකයන්ගේ අත්පුරුදු ඔහු හා සමීප විය. ඒ අතරින් ජේම්ස් බැරී, රොබට් ලුවීස් කැපී පෙනෙන රචකයන් විය. ඔහුගේ වසර දෙකක අධ්‍යයන හමුවේ ඩොයිලි විසින් සිය පෑන මෙහෙය වූයේ කුඩා කතාවක් රචනා කිරීමට ය. එය පර්යේෂණාත්මක ප්‍රබන්ධයක් වශයෙන් ගෙතීමේ අවශ්‍යතාව ඔහු සමීපයේ තිබුණි. ෂර්ලොක් හොම්ස් නමින් කෘතිය ප්‍රකාශ වන්නේ එය නිමිති කරගෙන ය. වෛද්‍ය වෘත්තියේ විවිධ බාධක හමුවේ ඒවා සාර්ථක කර ගැනීම සඳහා යොදන උපක්‍රම සහ සාර්ථක කරගැනීම් කෘතියකට රචනා කිරීම තුළ බොහෝ පාඨකයන්ගේ සිත්හි ෂර්ලොක් හෝම්ස් රඳා පැවතීමට හේතු විය. 

Lost world, The hound of the Baskervilles වැනි කෘතීන් සඳහා ඩොයිලිට පාදක වන්නේ තමන් විසින් මුහුණ දුන් විවිධ අත්දැකීම් පරාසයන් ය. 1886 වසරේ දී  A Study in Scarlet   නම් කෘතිය ෂර්ලොක් හොම්ස් සහ වොට්සන් වෛද්‍යවරුන් අලලා ඇතිවූ කතා මාලාවකි. 


කොනන් විසින් ගෙන ගිය ජීවිතය දුෂ්කර මධ්‍යයේ ගෙවුනක් විය. ඔහු තම පර්යේෂණයන් සිදුකරන අතරවාරයේ හොඳ වෛද්‍යවරයෙක් වීම අපේක්ෂා කරන ලදී. ඒ නිසා ම ඔහුට ලෝකයේ ඉහළ මිලක් තීරණය විය. 1885 වසරේ අගෝස්තු මාසයේ දී ලුසියා හවුකින්ස් සමඟ විවාහ විය. කොනින්ගේ ඉදිරි වැඩකටයුතු බොහෝමයක් සිය පුතා විසින් රැගෙන ගිය බව සඳහන් ය. කොනින් විසින් දායාද කළ බොහෝ කෘතීන් මේ දක්වා අපූර්ව ආකාරයෙන් ලොව පුරා විහිදී පැතිර යන්නේ ඔහුගේ නිර්මාණයන්ට ලොව ඇති ඉල්ලුම ප්‍රකට කිරීම සඳහා විය හැක. 



No comments: