කම්කටොළු දිරිය කොටගත් චාල්ස් ඩිකන්ස්




ලොව අග්‍රගන්‍ය ලේඛකයන් විසින් නිමැවූ නිර්මාණයන් ජනතා සිත් සතන් නිරන්තර පෝෂණයට ලක් කෙරුණේ ඔවුන් විසින් ගොඩනගාගත් චර්යා රටාවන් සහ නිර්මාණශීලීත්වය එක්වීමෙන් සැදුණු අපූර්ව කුෂලතාවයි. එවන් ලේඛක ලේඛිකාවන්ගේ පවුල් පසුබිම, ජීවන රටා චරිත හා වෙනත් තොරතුරු ඔවුන්ගේ නිර්මාණයන් තුළින් ප්‍රකට වීම හේතු කොට ගෙන ලෝකයේ පාඨකත්වය දිනා ගැනීම සිදුවිය. ජාත්‍යන්තර කීර්තියට පත් ලේඛකයන් මෙලොවින් සමුගත්ත ද ඔවුන් විසින් රචිත නිර්මාණයන් මිය නොයැදීමට හේතුව ද එයයි. 

ජාත්‍යන්තර සාහිත්‍ය නිර්මාණ ගවේෂණයේ දී චාල්සි ඩිකන්ස් නාමය ලොව කාගේත් ආදරය හා විශ්වාසය නිර්මාණයන් කෙරේ ඇද බැඳ තබා ගත්තක් විය. 1812 පෙබරවාරි දෙවන දින එංගලන්තයේ ජන්මලාභය ලද චාල්ස් ඩිකන්ස්ගේ පියා ජෝන් ඩිකන්ස්, එංගලන්තයේ නාවික හමුදාවේ ලිපිකරුවෙකු ලෙස සේවයේ යෙදුනි. මව පෞද්ගලික පාසලක භාරකාරියක් වූවා ය. සහෝදර සහෝදරියන් හත් දෙනෙක්ගෙන් යුතු පවුලක දෙවැන්නා ලෙස චාල්ස් උපත ලැබී ය. පවුලේ සාමාජිකයන් වැඩි වූ නිසා චාල්ස්ගේ පියාට ආර්ථික අපහසුතාවන්ට මුහුණදීමට සිදුවිය. ඔහු වියදම් කිරීමෙහි පාලනයක් නොවූවෙකු හේතුවෙන් පවුලේ වියදම හෝ සිය පියා විසින් ආවරණය නොකිරීම චාල්ස්ගේ අධ්‍යාපනය ඉතා කුඩා කාලයේදී ම අතරමග දී නතර වන්නට හේතුවක් විය. ආර්ථික අපහසුතාවන් දරාගත නොහැකි වූ චාල්ස්ට පවුලේ බර සියතට ගැනීමට සිදුවිය. එනිසා ම කුඩා චාල්ස්ට සුළු රැකියාවක් කිරීමට සිදුවිය. ඒ එංගලන්තයේ කම්හලක නිෂ්පාදන ද්‍රව්‍යන්ට අදාළ දැන්වීම් පත්‍රිකා ඇලවීමයි. ළමාවිය නිමාවන තෙක් ම රැකියාවක නිරත වූ චාල්ස්ට යළි 1822 දී පාසල් යාමට වරම් ලැබිණි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු දහයකි. නමුත් වැඩි කාලයක් ඔහුට පාසල් අධ්‍යාපනය හිමි වූයේ නැත. එයට හේතුව වූයේ සිය පියා ණය බරෙන් හෙම්බත් වී සිටීමයි. ඔහුට නැවත වරක් රැකියාවක පිහිට පතන්නට සිදුවිය. ඔහුගේ දෙවන රැකියාව වූයේ නීතඥවරයෙකුගේ කාර්යාලයක කම්කරුවකු ලෙස කටයුතු කිරීමයි. සුළු සේවකයෙකු ලෙස සේවය කළ ද එහි දී ඔහුට ලඝු ලේඛන පිළිබඳ දැනුමක් ලබා ගැනීමට හැකිවිය. නීතිඥ කාර්යාලයෙන් සමුගත් චාල්ස් ඩිකන්ස් පුවත්පත් වාර්තාකරණයේ යෙදීමට ආයතනයකට ඇතුළත් විය. ඉතා උනන්දුවෙන් රාජකාරිය සිදුකළ නිසා පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු ලෙස උසසවීීමක් ලැබීමට ඔහුට හැකිවිය. 

ඔහුගේ පුවත්පත් රචනා පාඨකයන් ඉතා ආදරයෙන් වැළඳගන්නට විය. මෙවන් පසුබිමක 1836 දී චාල්ස් සිය ප්‍රථම කෘතිය එළිදක්වන ලද්දේ ‘පික් වික් පේපර්ස්’ යනුවෙනි. එම කෘතියට ලැබුණු ජනතා ප්‍රසාදය හේතුවෙන් ලේඛන කලාවට ඔහුගේ සිත වැඩියෙන් යොමු වූ අතර ඒ ඔස්සේ ආදායම සරිකර ගැනීමට මනා පිටුවහලක් සැපයී ය. චාල්ස්ගේ පළමු බිරිය වූයේ කැතරීන් හෙයාරින් නැමැති කාන්තාවයි. ඔහුගේ දෙවන විවාහය සිදුවන්නේ එලන් ටර්නර් නැමැති නිළියක සමඟයි. 1850 පමණ වන විට චාල්ස් ඇමරිකාවේ පදිංචියට ගියේ ය. පසුව ප්‍රංශය, ස්ව්ස්ටර්ලන්තය, ඉතාලිය වැනි රටවල සංචාරය කරමින් ඒ රටවල ඉතිහාසගත තොරතුරු ඔස්සේ අපූරු කෘතීන් රචනා කිරීමට යොමුවී ය. ස්ව අත්දැකීම් මත පදනම් වූ නිසා පාඨකයන් රැසක් වේගයෙන් සිය කෘති ආදරයට ලක්කරන ලදී. ද ස්ටෝරි ඔෆ් අවර් ලෝඞ් නැමැති කෘතිය එවක වැඩි ම ආදායම හිමි කෘතිය බවට කා අතරත් ප්‍රසිද්ධ විය. ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්, ඔලිවර් ට්විසිට්, නිකලස් නිකල්බි, දි ඕල්ඞ් කියුරියොසිටි ෂොප් වැනි කෘතීන ලාංකික ආකර්ෂණය වඩා වර්ධනය කරන්නක් විය. ඔහු විසින් රචිත ක්‍රිස්මස් කැරොල් කෘතිය ලොව කෙතරම් ජනප්‍රිය වූවා ද කිවතොත් ලොව සෑම භාෂාවකින් ම පරිවර්තනය විය. 1870 ජූනි නව වන දින චාල්ස් මරණයට පත්විය.







No comments: