හැමදාම තරුණ වෙලා ඉන්න කැමති ද?


සදාකාලික තරුණකමකට කව්ද අකමැති? ඇත්තට ම තරුණකම කියන්නේ නිරෝගීකමට. නිරෝගී ව තරුණ වෙන ක්‍රමයක් තියෙනවා. මේක පලතුරක් ඇපල් නම් නෙවෙයි. පිටරටනම් ඇපල් ඇට කියල තමයි කියන්නේ.ඒ වුනාට අපිටනම් දෙළුම්. මේ පලතුර මුලින් ම හැදිල තියෙන්නේ ඊසාන දිග ඉරානයේ. ග්‍රීක පුරාවෘත්ත වල කියනවා දෙළුම් කියන්නේ ආදරෙත් සුන්දරත්වයෙත් දෙවඟනගේ සංකේතයක් කියල.  දෙළුම් කියන්නේ රස ම රස බෙහෙතක්ඒ. කියන්නේ පලතුරක් වගේ ම ඖෂධයක්. ඒ විතරක් නෙවේ වෙනත් වෙනත් රසවත් ආහාර සාදන blender එකක්. 
සෛල අලුත් කරන්නට දෙළුම් වලට පුළුවන්ඒ. නිසා වයසට යාම ප්‍රමාද කරන්නත් දෙළුම් වැදගත්. සම පැහැපත් කිරීමට වගේ ම පංචකල්‍යාණයේ වැදගත් අංගයක් වන කේශ කල්‍යාණය රැකගන්නටත් දෙළුම් යුෂ වටිනවා. ඒ නිසා තමයි අපේ ගෙදර හිඳින පොල්තෙල් මිශ්‍රණයට නෙල්ලි රතු ලූණු වගේ ම දෙළුම් ලෙල්ලකුත් එකතු කරන්නේ. මුතුවන් දත් දෙපලක රහස තමයි දෙළුම්. සම නිතර ම වේළිලා වගේ නම් තියෙන්නේ මේ පලතුර වටිනවා. මුහුණේ රැළි වැටීම ගැන තැවෙනවනම් දෙළුම් වලට පුළුවන් ඒක නවත්තන්න. ඒ නිසා දැන්  face wash හදන්නත් මේ පලතුර ගන්නවා.
දෙළුම් ගහේ මුලේ ඉඳලා කඳ, ගෙඩි, පොතු, මල්, කොළ හැම කොටසක් ම ඖෂධයක් විදියට වැදගත්. පුංචි බබෙක්ට හදිසියේ උදරාබාධයක් වුනොත් දෙළුම් යුෂ පානයෙන් ඒක සනීප කරගන්න පුළුවන්. ඔවුන්ට නිතර දෙවේලේ හැදෙන පණුරෝග වලට විසදුමක් මේ. කිරි දෙන මව්වරුන්ට හොඳ බෙහෙතක්. දෙළුම් වල අඩංගු වෙලා තියෙන පුනිකැලජින් කියල රසායනික සංයෝගය නිසා මොළයේ සෛල විනාශ වීම වැළකෙනවා. ඒක කරන්නේ දෙළුම් ඇට වේළලා නිස්සාරණය කරල බොන්න ඕන. විශේෂයෙන් ම ගැහැණු උදවියට හැදෙන පියයුරු පිළිකා වලට දෙළුම් කියන්නේ අමෘතයක්. අකලට මහලු වීම, Pressure එකටත් දෙළුම් යුෂ පානය කරනවා. හදවත් රෝගීන්ට දෙළුම් වමසජැ බොන්න කියල කියනවා. ඒ වගේ ම අපිට දිනපතා ඕන විටමින් ක්‍ වලින් 40% ක් ම දෙළුම් වල තියෙනවා. කෑම කන්න අප්පිරියයි වගේ නම් දෙළුම් ගෙඩියක් හොයාගත්තනම් ඔන්න හරි- දැන් ගොඩක් අයට තියෙන ලෙඩක්නේ කොලෙස්ටරෝල්- ඒ රෝගයට වගේ ම දියවැඩියාටවත් සෙම රෝග වලටත් හොඳ ම ඖෂධයක්. ශරීරයේ උෂ්ණය වැඩි නම් නිතර ම වාගේ මුඛ ආසාදන, තුවාල, තොල් පැලීම් වලට දෙළුම් යුෂ පානය කරනවා. සෙම වියළී තියෙන රෝගයක් නම් දෙළුම් ඇටයි මීපැණියි කසායට එකතු කරල බොන්න දෙනවා.වයසට යනකොට ආච්චිල සීයලාට හැදෙනවා දණිස් රුදාව- ඒකටත් දෙළුම් කියන්නනේ ඔසුවක්දි.යවැඩියාවටත් මෙය නිර්දේශිත ඖෂධයක්. අර්ශස් රෝගයටත් දෙළුම් පානය හොඳයි- වමනය, පාචනයට දෙළුම් ආහාරය සුදුසුයි කියල වෛද්‍යවරුත් කියනවා. ඔබ අධික තරබාරුකමෙන් පෙළෙනවනම් මෙන්න කදිම විසදුම අපේ ගෙවත්තේ ම වගා කරගන්නත් පුළුවන්. මැදිවියේ කාන්තාවන්ට වැළඳෙන රෝගයක්නෙ ඔස්ටිව්පොරෝසිස් ඒකටත්, හසිදියේ ඇතිවන ක්ලාන්තය වගේ ම දියවැඩියාවටත් දෙළුම් යුෂ පානය කරන්න පුළුවන්. වකුගඩු ආබාධ මේ දවස්වල ගොඩක් අයට තියෙන ලෙඩක්- ඒකටත් දෙළුම් කදිමයි.දෙළුම් යුෂ පානය කොලරාව අතීසාරය වගේ රෝගයන් සුවපත් කරනවා.

දෙළුම් යුෂ පලතුරු අතර ප්‍රසිද්ධයි වගේ ම ජනප්‍රියයි. අයිසික්‍රීම් යෝගට් වගේ කෑම වලට දෙළුම් ඇට එකතු කරනවා. ඒ නිසා රසයත් ගුණයක් දෙක ම වැඩිවෙනවා. ගොඩක් ම කෑම ලස්සන කරන්න දෙදා food decoration වලට තමයි දෙළුම් ගනනේ.ඒ වුනාට ඒකෙන් රසයට වඩා ලැබෙන්නේ ගුණයක්. set jelly, පුඩින්, අයිස් පලං, cup cake හදන්නත් ගන්නවා. rice වලටත් දානවා. ඉන්දියාවේ පකිස්ථානේ වගේ රටවල මස් ව්‍යංජනය හදනකොට දෙළුම් ටිකක් mix කරගන්නවා. salad  හදන්න pizza වලට උඩින් ලස්සනටත් යොදා ගන්නවා. cakes " donuts" fish decorations  වලටත් දෙළුම් ජනප්‍රියයි. තේ හදද්දීත් දෙළුම් යොදා ගන්නවා. march mellows  හදන්න තමයි දෙළුම් ගොඩක් ම ගන්නේ. champagne "cocktail pomegranate white wine වගේ වයින් වර්ග හැදෙන්නෙත් දෙළුම් වලින් ම තමයි. දෙළුම් ඇට කුළු බඩුවක් විදියට කෑමට එකතු වෙනවා.සෝස් වර්ග බොහෝමයකට මේවා එකතු කරනවා. චට්නි හදන්නත් මේ පලතුර ගන්නවා.දෙළුම් වමසජැ බොන්න ගොඩක් අය කැමතියි. ඒ රසයට වගේ ම පාටත් රස නිසා.   
දෙළුම් කියන්නනේ කාලෙකට විතරක් හැදෙන පලතුරක්. ඒ නිසා දෙළුම් ඇට වැඩි කාලයක් වේළලා තියාගන්න පුළුවන්දෙ.ළුම් ඇට වලට වඩා මුල් බෝකරගන්න ලේසියි. පලතුරක් විදියට ඖෂධයක් විදියට රූපලාවන්‍ය සඳහා යොදා ගන්නක් විදියට දෙළුම් කියන්නේ ඉතා වටිනා දෙයක්. දෙළුම් වල පාට නිසාත් පුංචි දරුවන් හරි ආසාවෙන් කන්නත් කැමතියි. ඇත්තට ම දෙළුම් කියන්නේ පලතුරක් විතරක් නෙවේ. ඒක ඖෂධයක්එ.ය රසයෙන් ගුණයෙන් අනෙක් පලතුරු වලට වඩා වෙනස්  විස්මයජනකයි. 


No comments: