කවි සිතුවම් පන්හිද කරගත් ඛලිල් ජිබ්රාන්


1833 ජනවාරි මස 6 වන දින ලෙබනන් නගරය ලෝක කාව්‍ය රචනා කලාවට හා සිතුවම් කලාවට නවකයෙක් එක් කළ වර්ෂයක් විය. ඒ කාලිල් ජිබ්රාන් නම් අපූර්ව කලාකරුවාය. ජිබ්රාන්ට සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයෙක් විය. ඔවුන් සමඟ සුන්දර ළමා කාලයක් ඔහුට නොතිබුනේ ආර්ථික වශයෙන් සිදු වූ මගහැරීම් නිසාවෙනි. කාලිල්ගේ පියා ඖෂධ වෙළෙන්ඳෙකු වශයෙන් සේවය කළත් ඔහුට නිසි වැටුප් නොලැබීමේ හේතුව මත ආර්ථික වශයෙන් බංකොළොත් තත්ත්වයට පත් විය. ඔහු කුඩා කළ සිට ම සිය මවගේ සහ පියාගේ සම්බන්ධතාවය එතරම් ශක්තිමත් නොවුන නිසා කාබිල්ගේ කුඩා කළ අධ්‍යාපනය සාර්ථක නොවුනි.

 කාලිල්ගේ කුඩා කළ ජීවිතය එතරම් සාර්ථක නොවුනේ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය එතර සතුටුදායක නොවූ හෙයිනි. 1895 වසර වන විට සිය මව සමඟ බොස්ටන් නගරය වෙත යාමට සිදුවන්නෙත් පියා ලෙබනනයේ තනිවන්නේත් ආර්ථික අපහසුතා නිසාවෙනි. මේ හේතුව නිසාවෙන් ම තරුණ කාලය වන තෙක් ම එතරම් විධිමත් අධ්‍යාපනයක් ඔහු සතු නොවී ය. පාසලෙන් නොලද අධ්‍යාපනය ඔහු විසින් සොයා ගන්නට යෙදුනේ බයිබලය ඉගෙනීමෙනි. බයිබලය හැදෑරීමට ඔහු තුළ තිබූ කැමැත්ත ඔහු කවියෙකු බවට පරිවර්තනය කිරීමට සමත් ව ඇත. අරාබි භාෂාවේ හස්ත දස්කමක් දැක්වූ නිසා ඔහුට විවිධ භාෂාවන්ගෙන් හසල කිරීමට සමත් විය. ජිබ්රාන් ලේඛන කලාවට පිවිසෙන්නේ මේ කාලවකවානුවේදී ය. 1895 සැප්තැම්බර් මස සිට විධිමත් පාසල් අධ්‍යාපනයකට යොමුකරවීමේ මඟ සලසන්නේ සිය මව විසිනි. පාසලේ දී ඉංග්‍රීසි අධ්‍යාපනයට විශේෂත්වයක් දැක් වූ නිසාවෙන් එම ක්ෂේත්‍රයෙන් ඔහුට පාසලේ ඇගයුම් පවා හමුවූ අවස්ථා විය. එම පාසලේදී ම චිත්‍ර ඇඳීම සඳහා විධිමත් අධ්‍යාපනයක් ඔහු විසින් ලබන ලදී. පාසලේ ගුරුවරුන්ගේ සිත් දිනා සිටීමේ හේතුව මත ගුරුවරුන් විසින් ම ජිබ්රාන් බොස්ටන්හි දක්ෂ ඡායාරූප ශිල්පීන්ට මෙන් ම කලාකරුවන්ට මුණ ගස්වන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ජිබ්රාන්ගේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම්හි අඩුවක් නොවී ය. පාසල් යන කාලයේ දී ම චිත්‍ර ඇඳීමෙන් ඔහු දැක් වූ දක්ෂතාව මත 1898 වසර වන විට ඔහුගේ චිත්‍රයක් කෘතියක මුල් පිටකවරය සඳහා එළිදැක්වීය. එය ඔහුගේ ප්‍රථම ආගමනය විය. පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා ඔහු නැවත සිය උපන් ග්‍රාමයට යාමට තීරණය කරනු ලැබුවේ ය. බටහිර සංස්තෘතියට එතරම් ආදරය නොකළත් ඔහු විසින් බටහිර සංස්කෘතියේ අංගයන් සිය නිර්මාණයන් සඳහා යොදා ගන්නා ලදී. බොස්ටන් නගරයෙන් නික්ම යෑමට පෙර ඔහු කොලේජ් පොඑට් නම් සඟරාවක කලා අංශයේ කටයුතු කරමින් සිටීම ඔහුට තවත් අත්දැකීම් ප්‍රමාණයක් එකතු කරන්නක් විය. මේ කාල වකවානුව වන විට තමන්ගේ සහෝදර සහෝදරියන් දරුණු රෝගයකින් මරණයට පත් වූ අතර මව ද පිළිකාවක් හේතුවෙන් මරණයට පත්විය. ඒ අනුව නැවත උපන් රටට යාම ඔහුට තරමක් අසීරු විය. 


ජිබ්රාන් කීර්තියට පත්වූයේ දියසායම් චිත්‍ර අඳින්නකු ලෙසයි. දියසායම් කලාවට දැක්වූ දක්ෂතා නිසාවෙන් 1908 වර්ෂයේ දී පැරීසියේ චිත්‍ර කලා පාසලක වසර දෙකක හැදෑරීමකට ගියේ ය. ඔහු එම පාසලෙන් සංකේතාත්මක හා ප්‍රේමණීය අයුරින් දියසායම් ඇඳීමේ කලාවක් ප්‍රගුණ කිරීමට ඔහුට හැකිවිය. ඒ අනුව 1904 වසරේ වන විට තමන්ගේ ම චිත්‍ර එකතුවක් ප්‍රදර්ශනයක් ලෙසින් එළිදක්වන්නට ඔහු අදහස් කළේ ය. මේ ප්‍රදර්ශනය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය. එයට හේතුව එළිසබෙත් හස්කෙල් නම් ප්‍රවීණයා මුණ ගැසීමයි. මේ හමුවීම ඔවුන් දෙදෙනා ගජ මිතුරන් බවට පත් කළේ ය. මොවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් නොතිබුනා කිව නොහැකි වූයේ එළිසබෙත් වෙනත් කෙනෙකු හා විවාහ වීමෙන් අනතුරුවයි. නමුත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය මිතුරන් වශයෙන් ඔවුන්ගේ රාජකාරී දිවියට අලෝකයක් සැපයී ය. 1923 වසරේ දී ඔහු විසින් රචිත ඔයැ ඡරදචයැඑ කෘතිය ලෝක ප්‍රසිද්ධ කාවඨ ග්‍රන්ථයක් බවට පත් වූ අතර 1928 දී රචනා වූ න්‍ැිමිල එයැ ීදබ දf ඵ්බ කෘතියෙන් ද බොහෝ පාඨකයන් පිරිසක් තමන් සතු කර ගැනීමට කාලිල්ට හැකිවිය. සිය අවසන් කෘතිය රචනා කරමින් 1931 ඔහු සිය ජීවිතයෙන් සමුගනු ලබන්නේ බොහොමයක් ආදරණීය සහ ආගමික කාව්‍ය කෘතීන් සහ චිත්‍ර ශිල්පයේ විවිධ ගුණාංගයන් නැවත වරක් පාඨක සිත්හි රඳවමිනි. 

No comments: